Thursday, February 27, 2014

කතරගම දේවාලයට අපි ගියේ දෙවියන්ට පිරිත් කියා පිං දී ආශීර්වාද කරන්නයි..


කතරගම දේවාලයට අපි ගියේ පළමුව දෙවියන්ට ආශීර්වාද කරන්නයි..

please share
ආශීර්වාද ගන්න දේවාලයට ගිය ලක්ෂගාණක් පිරිස අතර කතරගම දෙවියන්ට ආශීර්වාද කරන්න ගිහින් හිටියේ පුංචි අපි විතරයි... කතරගම පුදබිමට ඇතුලු වෙන්න කලින් මම හිතුවා ‘දේවාලය ඇතුලේම මට පිරිත් කියලා දෙවියන්ට ආශීර්වාද කරලා පිං දෙන්නට ඇත් නම්‘ කියලා... දේවාලයට ඇතුලු වෙලා එතන හිටි අයෙකුට මම කීවා මම නුවර දළදා මාලිගාවේ සිට පිරිත් කියලා කතරගම දෙවියන්ට ආශීර්වාද කරලා පිං දෙන්න ආවේ කියලා..මට විහාරගෙය පොඩ්ඩක් පෙන්වන්න කියා මම ඔහුට කීවා... එවිට ඔහු ‘හාමුදුරුවනේ එහෙමනම් දේවාලය ඇතුළේ සිටම පිරිත් කියමු නේද?“ යැයි කීවා.. යහපත් සිතින් යන කොයි කාටත් වරදින්නේ නැහැ... දේවාලයට යද්දි පලතුරු ගෙනියනවාට වඩා ගිහිල්ලා පිරිත් කියලා... බෝධිපූජා තියලා දෙවියන්ට ආශීර්වාද කරන්න... පිංදෙන්න... එවිට ඔබට දේව ආශිර්වාදය ලැබේවි. ධර්මානුකූලව හැසිරුණොත් ඊටත් වඩා ආශීර්වාද ලැබෙනවා..




















පින් සිතින් අද උදේ.... please share this....


please share this... ඊයේ රාත්‍රී 1.30 ට අපි කිරිවෙහෙරට ආවා... බොහෝ වෙහෙසක් දැනුනා... නිදාගන්නට සූදානම්කළ ස්ථානයට තවත් කි මී 5 ක්... එවැනි දුරක් යෑම අපහසුයි... අපි කිරිටවටහරේම නතර වුණා... උදෑසන 6 ට පමණ බුදුරදුන්ගේ කේෂධාතූන් වැඩසිටින කිරිවෙහෙර අබියස අධිෂ්ඨාන වන්දනාව සිදුකොට මහසෙන් දිව්‍යරාජයාණන්ට පින් අනුමෝදන් කළා... හරිම සතුටුයි...
බුදු රඡාණන් වහන්සේ ශ්‍රාවක පිරිස සමග සමවත් සුවයෙන් වැඩසිටි බැවින් අති පාරිශුද්ධ පුඡා භුමියක් වේ. ශ්‍රී මහා බෝධින් වහන්සේ ලක්සිව පිහිට වු පසු එයින් හටගත් අංකුර අටක් ලක්දිව ස්ථාන අටක පිහිට වු බවත් ඉන් එක් පැලයක් කතරගම රෝපනය කළ බව කියැවේ. සම්බුද්ධ ශාසනයට රටට හා ජාතියට මෙම උතුම් පුදබිමේ...

















ගව්ගණන් දුර ගෙවා තිස්සමහාරාමයට පැමිණියෙමු..

කරුණාකර මෙයා ෂෙයාර් කරන්න...
සිතට දැනුනේ මහත් සැනසිල්ලක්.... මේ අපි පැමිණියේ තිස්සමහාරාමයටයි... බුදු රඡාණන් වහන්සේ තුන් වැනි ලංකා ගමනේදී මෙහි සමවත් සුවයෙන් වැඩසිටි බව සඳහන් වේ.බුදු රඡාණන් වහන්සේගේ ලලාට ධාතුව මෙහි තැන්පත් කර ඇති බව විශ්වාසයක් පවතී. ක්‍රි.ව. 218 දී කාවන්තිස්ස රඡතුමා විසින් කරවන ලදී.