Thursday, May 29, 2014

''thurunu parami" of helavijaya youth society

please share this with ur friends...
may the tripple gem bless u....!!!!


ලොකු පංසල්වලට ලැබෙන මුදල් වලින් අසරණ මිනිසුන්ට උපකාර කළ යුතුයි නේද...? ඒත් එහෙම වෙන්නේ නැහැ..

please share this....
කරුණාකර මෙය ෂෙයාර් කරන්න...
මහනුවර, උඩුදුම්බර, පදුපොළ ශ්‍රී ධර්ම චක්‍ර දහම් පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙන්නට සියලු කටයුතු සූදානම් කර ඇත.. එදින සවස 6ට ගම් වැසි වැඩිහිටි තරුණ සහ ළමා සියලු දෙනා වෙනුවෙන් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් සුවිශේෂී ධර්ම දේශනයක් සිදුකරන අතර ඉන් පසුව ළමුන් උදෙසා පාසල් උපකරණ පිරිනැමීම සිදුවේ. මෙම වැඩසටහන් සිදුකරනුයේ ගම්දනව්හි වෙසෙන අපේම ආදරණීය මව් පියන් හා ඔවුන්ගේ දරුවන්ගේ සතුට හා යහපත වෙනුවෙනි.. එය අපේ වගකීම බව මාගේ අදහසයි...
ඔබටත් මෙම වැඩසටහන් සඳහා කැමති නම් පාසල් උපකරණ අප වෙත ලබාදීමෙන් සහාය විය හැකිය...
071-4962050 (ගඟසිරිපුර ධම්මාලෝක හිමි)
තෙරුවන් සරණයි...!!!

Tuesday, May 27, 2014

භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන පාත්‍රා කළුකරගන්නා ආකාරය ඔබ දන්නවාද (15 photos)

please share this...

භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන පාත්‍රා කළුකරගන්නා ආකාරය ඔබ දන්නවාද...?
අද සාමාන්‍යයෙන් යකඩ පාත්‍ර කළුපාටින් දිස්වීම සඳහා ලැකර් ආදී විවිධ ද්‍රව්‍ය ආලේප කොට ඇත.. ඒවා විෂ සහිතය.. කල් නොපවතියි.. දන් වළඳන විට එම ආලේප ආහාර සමග මිශ්‍ර වේ.. අතීතයේ පාත්‍ර කළුකර ඇත්තේ තලතෙල්වලිනි.. ඒවා අප ආහාරයට පවා ගන්නා අතර විෂ රහිත බව දනිමු... එය අතීතයේ සිට පැවති සම්ප්‍රදායයි... මේ ඒ ගැනයි...
තව මාසයකින් පමණ මම උපසම්පදා වෙනවා. එබැවින් අතීත සම්ප්‍රදායට අනුකූලව පාත්‍රයක් සකසා ගත යුතුය.. අද එහි වැඩ පටන්ගත්තා.. ඒ ගැන ඔබට කෙටියෙන් විස්තර කියන්නට මම තීරණය කළා...
පාත්‍රයක් කළුකිරීම (පාට කිරීම) සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් තුනකි...

01 තලතෙල් හින්දවීම...(පදමට සකසා ගැනීම)
02 පාත්‍රය පිරිසිදු කරගැනීම
03 පාත්‍රය කළු කිරීම යනුවෙනි...
අද මෙම පියවර තුනෙන් පළමු පියවර මම අනුගමනය කළෙමි... ඒ මෙසේය. තලතෙල් හිඳවීම සඳහා මැටි කළයක්, තලතෙල්, හුඹස් මැටි සහ පොල් කූරක් ආදිය අවශ්‍ය වේ. පළමුව හුඹස් මැටි සොයා එවා ජලයෙන් අනාගත යුතුය...ඉන්පසු අඟලක් පමණ ගණකමට කළය මැටියෙන් ආවරණය කළ යුතුය. කළයේ කට තෙක් ආවරණයකොට තලතෙල් කළයට දැමිය යුතුවේ.. ඉන්පස් කළයේ කට වටා රෙදි පටියක් තවරා සිදුරු සහිත පොල් කටුවක් මුණින් අත හරවා කළයේ කට වැසිය යුතුය.. ඉන්පසු පොල්කටුවේ උඩින් ඇති සිදුර විවෘතව තිබෙන සේ කළයේ උඩකොටස ද මැටියෙන් වසා පොල්කූර සිදුරට දැමිය යුතුය... ඉන්පසු සාදාගත් ලිපෙහි තෙල් සහිත කළය තබා ගින්දර දැමිය යුතුවේ.. කළයේ ඇති තලතෙල් ප්‍රමාණය අනුව කළයේ ගින්දර සහිතව ලිපෙහි තැබිය යුතු. තලතෙල් බෝතලයක් පමණ අප දැමූ නිසා පැය 8 ක් පමණ ලිපමත කළය තබා ගින්දර දැමිය යුතුය... පොල්කටු සිදුරෙන් දැමූ පොල් ඉරටුව මගින් තලතෙල් වල පදම දැනගත හැකිය..














Monday, May 19, 2014

දුෂ්කර පළාත්වල දරුවන්ට බෙදාදෙන්න පාසල් උපකරණ කට්ටල පිළියෙල කිරීම...ඔබටත් හැකිනම් උදව් වෙන්න...

please share this....
ඔන්න මේ අවුරුද්දෙත් අපි දුෂ්කර පළාත්වල වෙසෙන අපේම අසරණ දරුවන් වෙනුවෙන් අපි පාසල් උපකරණ බෙදා දෙන්නෙමු. ඊයේ රාත්‍රියේ ඒ සඳහා පාසල් උපකරණ පාර්සල් පිළියෙල කළා. පසුගිය වර්ෂ 4 පුරාවට ළමුන් 3000 පමණ අපි පාසල් උපකරණ ලබාදුන්නෙමු. හෙළවිජය තරුණ සංවිධානයේ පිරිස හා මා ඉතා කාර්යබහුලත්වයට පත් වූ බැවින් මෙම වර්ෂයේ මෙම වැඩසටහන මඳක් ප්‍රමාද විය. මධ්‍යම පළාතෙහි පිහිටි අතිශය දුෂ්කර ගම්මානවලට ගොස් අසරණ දරුවන්ට අප හැකි අයුරින් උපකාර කොට ඔවුන් වෙනුවෙන් වටිනා දේශනයක් ද පවත්වා ඔවුන්ට ජීවිතයේ ජයග්‍රහණයට පාර කියා දීමයි අපේ අරමුණ. සිංහල ජනතාව නගාසිටුවන්නට නම් දිනකට කෝටි ගණන් මුදල් ගලාඑන රටපුරා පිහිටි මහා විහාරවල නායක හිමිවරුත් මහා දේවාලවල භාරකාරයිනුත් සිංහල ව්‍යාපාරිකයිනුත් පෙරට විත් අසරණ මිනිසුන්ට උපකාර කළ යුතුය. අපේ මතුපරපුර වන කුඩා දරුවන්ට සෙනෙහසින් උපකාර කොට ජීවිතයට පාර කියා දිය යුතුයි. රට පුරා මහා දේවාල හා බෞද්ධ සිද්ධස්ථාන තිබුණත්, තවත් කීයක් හරි අසරණ මිනිසුන්ගෙන් ගරා ගන්නවා විනා අසරණ මිනිසුන් කෙරෙහි දයාවෙන් ජාතිකත්වයෙන් එවැනි සත්කාරයකට පෙළඹෙන බෞද්ධ ආගමික විහාර හා දේවාල රටේ විරලය. ඈත ගම්දනව්වල සතියකට දින දෙක තුන දානය නැතිව අසරණ මිනිසුන් සමග කාලය ගෙවන සිල්වත් හිමිවරු කොතෙකුත් ඇත. ඒ අතර දවස් 7 ට සුඛෝපභෝගී වාහන 7 කින් ගමන් යන නිවාඩුවට විදෙස් සංචාරවල නිරතවන, අධි සුඛෝපභෝගී ජීවිත ගතකරන සුප්‍රසිද්ධ හිමිවරු නාගරික සමාජයේ වෙසෙති. බණකට ඇරයුම් කළ හොත් රු 20 දහස 30 දහස අය කරති. හරියට ඔවුන් දුෂ්කරක්‍රියා කොට මේ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගත්තා වගෙයි. මේවා ජාති ජාතිත් ගවයින්ව ඉපිද ගෙවන්නට සිදුවන අකුසල කර්මයන්යැයි මම සිතමි. කනගාටුව නම් අපේ රටේ මිනිසුන්ට මෙහි යථාර්ථය තවමත් වැටහී නොතිබීමයි. තත්වය කෙසේ වුවත් ‘‘කළ හැකි දේ අපි කරමු. (කොළඹ සම්බෝධි විහාරාධිපති දරණාගම කුසල ධම්ම නායක හාමුදුරුවන් සිදුකරන මෙහෙය ඉතා ගෞරවයෙන් සිහිපත් කළ යුතුයි) අද අපි වැනි කුඩා හිමිවරුන්ට කළ හැක්කේ ඉතා ස්වල්ක වූ දෙයකි.
කළ හැක්කේ කුඩා දෙයක් වුවත් අපි ඉතා සතුටින් හැමදාමත් මෙම සත්කාරයන් සිදුකරමු. හැබැයි ඒ දරුවන්ට දෙන්නට අපට ලක්ෂ ගණනක සම්පත්, මුදල් නම් නොමැත. අපි සවිසල් විහාර මන්දිර වල වාසය කරන්නෝද නොවෙමු. සපුරුදු පරිදි වෙසක් සමයේ මම සිදුකළ ආගමික වැඩසටහන් වලදී පිරිකර නොගෙන පාසල් උපකරණ එකතු කළෙමි. ඒ අසරණ දරුවන්ට බෙදාදීම සඳහාය. මම මෙසේ සිදුකරන්නේ මමද අතීතයේ දිනක කුඩා දරුවකු ලෙසින් පෑනක් පොතක් මිලදී ගත නොහැකිව අසරණ වී හඬාවැටුණු අවස්ථා බොහෝය. අසරණ ගැමියන්ගේ දුක වටහා ගන්න අසරණ දරුවන්ගේ ආශාවල් සහ අපේක්ෂාවන් වටහා ගන්න අප පොත්පත් කියවිය යුතු නැත. ඒ එම සියලු දුක්ගැහැට මේ ජීවිතය තුළ මම ද අත්විඳ ඇති නිසාය. එබැවින් අප සේ වූ අසරණ දරුවන්ට තම අනාගත ලෝකය ජයගන්නට අපට හැකි උපරිමයෙන් උපකාර කරන්නට අපි කවදත් උත්සාහ කරන්නෙමු. මම මේ උතුම් කටයුත්තට සූදානම් වන විට ෆේස් බුක් මිතුරු කණ්ඩායමේ කිහිප දෙනෙක් මාහට උපකාර කළහ. ඔවුහු නමින් මෙසේය....
01 ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා...
02 රොෂාන් ප්‍රනාන්දු මහතා...
03 පී.ජී තුෂාරිකා මහත්මිය...
04 නදීෂා රණවක මහත්මිය... යනාදීහුය.
මෙසේ උපකාර වූ අයටත් වචනයෙන් හෝ අපට සහාය දැක්වූ කලණ මිතුරු ඔබ සැමට ශ්‍රී දළදා සමිඳු පිහිටයි...!!!!!!
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි... 071-4962050...