Thursday, September 18, 2014

හන්තාන වතුයායේ ජීවත් වන අසරණ දමිල ළමුන් උදෙසා කළ සුළු උපකාරයක් මේක...

සුබ දවසක් වේවා ඔබ සැමට.. අපි මහනුවර හෙළවිජය තරුණ සංවිධානයේ ‘‘තුරුණු පාරමී“ වැඩසටහන් මාලාව යටතේ පෙරේදා 2014- සැප්තැම්බර් 17 සවස මහනුවර හන්තාන වතුයායේ සේවය කරන අසරණ මිනිසුන්ගේ දරුවන් වෙනුවෙන් පුංචි වැඩසටහනක් සිදුකළා. එම ප්‍රදේශයේ දරුවන් උදෙසා අපි පාසල් උපකරණ බෙදාදුන්නා. හන්තාන තේ කර්මාන්ත ශාලාවේදී මෙම වැඩසටහන එදින සවස 4ට පමණ සිදුවුණ. දරුවන් 50 පමණ සහ ඔවුන්ගේ මව්පියන් ද මේ වැඩසටහනට පැමිණ සිටියා. ගොඩක් අසරණ මිනිසුන් පිරිසක්. භික්ෂූන් වහන්සේලා කෙරෙහි බොහෝ ගෞරවක් මේ මිනිසුන් තුළ තිබෙනවා. ඒ බව වැඩසටහන පුරාවට අපට දකින්න පුළුවන් වුණා. ළමුන් වෙනුවෙන් වටිනා ඔවදන් ලබාදෙමින් කෙටි දෙසුම් කිහිපයක් සිදුකර අප පාසල් උපකරණ බෙදාදුන් අතර එහිදී පාසල් උඵකරණ ලබාගත් ළමුන් අපූරු නර්තන කිහිපයක්ද ඉදිරිපත් කළා. අවසානයේ පැමිණ සිටි දරුවන් උදෙසා කුඩා සංග්‍රහයක්ද අප සිදුකළා. පාරම්පරිකව තේ දළු නෙළනා මේ මිනිසුන්ගේ දරුවන්ගේ අනාගතයත් එම වෘතිය බවට පත්වෙලා. එය එසේම විය යුතුයැයි මා නම් කිසි දිනක සිතන්නේ නැහැ. එබැවින් මේ මිනිසුන් වෙනුවෙන් ද අපට හැකි දෙයක් ඉදිරියේදීද සිදු කරනවා. අපගේ ව්‍යායාමය ‘‘අසරණයන් වෙත පිහිට වීමයි.“ වැඩසටහනින් පසුව දමිල වුවත් ඒ මිනිසුන් එක් අයෙකු නෑර අප වෙත පැමිණ නමස්කාර කිරීම ඔවුන් තුළ භික්ෂුව කෙරෙහි පවතින ගෞරවය මැනවින් ප්‍රකට කරන්නක්. තවත් මෙවැනි වැඩසටහනකින් නැවත හමසුවෙමු. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!