Friday, February 13, 2015

hanthana sandagiri maha viharaya හන්තාන සඳගිරි මහ විහාරයේ කැලය මැද සමාධි බුද්ධ ප්‍රතිමා දෙකක්

please share this album....
gangasiripura dhammaloka thero
Tel - 071-4962050
Email - sandagirimahaviharaya@gmail.com
හන්තාන සඳගිරි මහ විහාරය ආරම්භ කොට දින තුන හතරකින් මෙම පුදබිමට බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් වැඩමවීමේ අවශ්‍යතාව මතුවුණා.ඒ පෙබරවාරි 3 වන දින පැවති නෙලුම් මල් දස දහසේ පූජාව සඳහා. ඒම ප්‍රතිමා වහන්සෙලා ලබාගැනීමේ අවශ්‍යතාව මතුව දින දෙකකට පමණ පසු මුහුණු පොතෙන් මාගේ විහාරස්ථානයේ කටයුතු පිළිබඳ ඡායාරූප දුටු මහනුවර ළමා පුස්තකලායේ සේවයෙහි නියුතු අප හිතවත් ශ්‍රියානි මහත්මිය සඳගිරි විහාරයට බුද්ධ ප්‍රතිමා වහන්සෙලා දෙනමක් ලබාදීමට ඇය අදහස් කළ බව සිහිපත් කළා.. ඒ අනුව නෙලුම් මල් පූජාව සඳහා ඇය ලබාදෙන්නට පොරොන්දු වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනම වැඩමවූවා. ඔබ නිරන්තරයෙන් සඳගිරි මහ විහාරයේ ඡායාරූපවල දකින ධවල වර්ණ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනම තමයි ඒ. ඇත්තටම මෙම සමාධි බුදු පිළිම වහන්සේලා දෙනම වැඩම වූවායින් පසු අප සඳගිරි මහ විහාරයේ ඇති සුන්දරත්වය තව තවත් වැඩි වූවා. පාරිසරික සුන්දරත්වයෙන් හෙබි මෙම පුදබිමට එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආලෝකයකි. ස්වභාවික පරිසරයෙහි කළු වර්ණයෙන් යුතු ගල් ආසන ද්විත්වයක් මත බුද්ධ ප්‍රතිමා තැන්පත් කොට ඇත. ජීවී පරිසරය තුළ අජීවි බුදු පිළිමයක් තැන්පත් කොට ඇති විට පරිසරය මෙතරම් සුන්දර වන්නේ නම් ජීවමාන බුදුහාමුදුරුවන් හිමවත් අරණෙහි, ගිජුකුළු පව්වෙහි, ඉසිපතනයෙහි සමවතින් වැඩසිටි විට පරිසරය කෙතරම් රමණීය වන්නට ඇත්ද.. සඳගිරි මහ විහාරයට පැමිණෙන සියලු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන මෙම බුදු පිළිම වහන්සේලා දෙනම අප විහාරයට එක් කළේ ශාන්ත බවකි. පැමිණෙන්නන් තුළ ශ්‍රද්ධාවන්ත සිතුවිලි නිරායාසයෙන්ම ජනනය විය. පසුගිය දිනෙක දහවල් බුද්ධ පූජා පිංකම සිදුකිරීමෙන් පසුව මම ඡායාරූප කිහිපයක් ගතිමි. මේ එම ඡායාරූප ය.පිංවන්ත ඔබත් හැකි විටක හන්තාන කඳු වළල්ල මැද පිහිටි මෙම පුදබිම වෙත හැකි විටෙක පැමිණෙන්න.ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!





Tuesday, February 10, 2015

hanthana හන්තානේ කඳු මුදුන සිසිරා බුදුගුණ හඬ පතුරා

හන්තාන සඳගිරි මහ විහාරය වැඩකටයුතු ආරම්භ කළ දිනයේ පටන් අපගේ හිතවත් පිංවතුන් විහාරස්ථානයේ කටයුතු සඳහා විවිධ ආකාරයෙන් උපකාර කළා. මේ අතර අබුඩාබි රටේ සේවයෙහි නියුතු මා හිතවත් උපුල් ප්‍රියදර්ශන මහතා තමන්ගේ මියගිය ආදරණීය සොහොයුරාණන් වූ හර්ෂ කුමාර මහතා සිහි කරමින් විහාරස්ථානයට අත්‍යවශ්‍ය වූ ශබ්දවාහිනී යන්ත්‍ර කට්ටලය රු 50.000 පනස් දහසක මුදලක් යොදවා අරගෙන දුන්නා. පසුගිය සෙනසුරාදා දින සවස පැවති බෝධි පූජා පිංකම සඳහා එය භාවිතා කළ අතර ඊට ප්‍රථමයෙන් දළදා වන්දනා කවි එමගින් විකාශය කළා. මෙම ශබ්දවාහිනී යන්ත්‍ර කට්ටලය අපවෙත පූජා කළ උපුල් ප්‍රියදර්ශන මහතාටත් ඔබ සැමටත් ශබ්දවාහිනී යන්ත්‍ර කට්ටල භාවිතය හා අප විහාරස්ථානයේ ස්වභාවය දැකබලා ගැනීම සඳහා මෙම වීඩියෝ පටය ඉදිරිපත් කරමි.මෙමගින් ඔබට අප විහාරස්ථානයේ පිහිටා ඇත්තේ කෙතරම් සුන්දර පරිසරයක ද යන්න තවදුරටත් වටහාගත හැකිය. ඔබටත් යම් හැකියාවක් ඇත්නම් හන්තාන සඳගිරි මහා විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා උපකාර වන්න. මෙම පූජාව සිදුකළ උපුල් මහතා ඇතුළු පවුලේ සැමට ඔබ සැමටත් දළදා සමිඳු පිහිටයි...!!!
071-4962050 ගඟසිරිපුර ධම්මාලෝක හිමි


Monday, February 9, 2015

සඳගිරි මහ විහාරයේ මගේ කුටිය .hanthana sandagiri maha viharaya

ගොඩක් මිතුරන් මගෙන් ඇසුවා සංඝාවාසය හදාගන්නකම් කොහෙද වැඩ ඉන්නේ කියලා. හන්තානේ මගේ අලුත් පන්සලේ තමයි මම වැඩ ඉන්නේ කීවාම ඒ කොහොමද? එතන පන්සල් ගෙයක් නැහැනේ කීවා. ගොඩක් අය අහපු දේ තමයි මම සඳගිරි විහාරයේ මොකේද වැඩ සිටින්නේ කියන ප්‍රශ්නයය. හන්තාන ගොඩක් සිසිල් ප්‍රදේශයක්. ඒකයි මේ ප්‍රශ්නය ගොඩක් අහන්නේ. අනික මේ පන්සල මම අලුතින්ම පටන් ගත්ත එකක්.ලංකාවේ අලුතින් පන්සල් නම් ඉදිවෙනවා ගොඩක් අඩුයිනේ... මෙන්න ඒකට පිළිතුර. මම මාස කිහිපයක සිට දැනට වැඩ සිටින කුටිය තමයි මේ. දැනට සතියකට පෙර සංඝාවාසයක් සකසා ගැනීම සඳහා මුල් ගල් තැබුවා. මේ දිනවල එහි වැඩකටයුතු ආරම්භකර තිබෙනවා. පිංවන්ත ඔබටත් හැකයාවක් ඇති නම් සංඝාවාස ගොඩනැගිල්ල ඉකිගර ගැනීම සඳහා උපකාර වන්න. ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි
071-4962050






Sunday, February 8, 2015

හන්තාන සඳගිරි මහ විහාරයට පැමිණි චතුර ප්‍රමුඛ තරුණ පිරිස.hanthana sandagiri maha viharaya

සඳගිරි මහ වෙහෙරට පැමිණි චතුර ප්‍රමුඛ තරුණ සැදැහැවතුන් පිරිස....
හන්තාන සඳගිරි මහ විහාරයෙහි ඉදිරි වැඩකටයුතු සඳහා හැකි අයුරින් උපකාර වන ලෙස මොරටු විශ්වවිද්‍යාලයේ ජෙ කථිකාචාර්ය කිත්සිරි සමරසිංහ මහතාට මම සිහිපත් කළෙමි. ඒ අනුව පසුගිය ජනවාරි 31 ඉරුදින එතුමන්ගේ පුතු චතුර සමරසිංහ ඇතුළු පිංවත් තරුණ පිරිස හන්තාන අඩවියේ පිහිටි අප විහාරස්ථානයට පැමිණ මා හමු වී ඉදිරි කටයුතු සඳහා ධන පරිත්‍යාගයක් සිදුකළහ. එය අප විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා විශාල ශක්තියකි. එමෙන්ම විහාරස්ථානයට අවශ්‍යව පැවති ඝණ්ඨාරය ද අපට ලැබුණේ චතුර සම්බන්ධ වීමෙන් පසුව ඔහුගේ මග පෙන්වීම යටතේ ය. චතුර ඇතුළු කණ්ඩායම අප විහාරස්ථානයට පැමිීණීම සහ ඔවුන් විසින් සිදුකළ සත්කාරය පිළිබඳව ඔවුන්ගේ මුහුණු පොතෙහි පළකොට තිබූ ඡායාරූප සමූහයම මම ද මෙසේ උපටා දක්වමි. මෙම පින්තූර මගින් අප විහාරස්ථානය අවට ස්වභාවයද පැහැදිලිව දැකගත හැකිය. සැබවින්ම මෙසේ අප හා සම වයසේ පසුවන ඔබ වැනි අයගෙන් මෙම පුදබිම සඳහා ආධාර උපකාර මෙන්ම සහභාගීත්වය අපගේ අනාගත අභිප්‍රායන් මල්ඵල ගන්වන්නකි. එමෙන්ම තවත් වසර කිහිපයකින් හන්තාන ගිරි සිඛරයේ පිහිටි මෙම සඳගිරි මහ විහාරයෙන් ලක් දෙරණ සිසාරා ගෞතම මුනිඳුන්ගේ දම් සිසිල ගලා හැලෙනා කල්හිත් මනුෂ්‍යත්වය මුල් කරගත් බොහෝ සත්කාරයන් මෙම පුදබිමෙන් ව්‍යාප්ත වන විටත් පුද බිමට මුල් ගල් තබන්නට ප්‍රථම අප ලෑලි කුටියේ වෙසෙන සමයේ මෙසේ පැමිණි චතුර ඇතුළු පිරිසට ලැබිය හැකි සතුට කෙතරම් දැයි ඔබට සිතාගත හැකිය. එය එසේම සිදු වේවා. මෙම සඳගිරි විහාරය කේන්ද්‍ර ‍කොටගෙන අප මත දින ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කුමක් ද යන්න පසුගිය වසරවල අපගේ වැඩසටහන් නිරීක්ෂණය කිරීමෙන් ඔබට වටහාගත හැකිය.චතුර සමරසිංහ ඇතුළු ඔබ සැමගේ සියලු පැතුම් ඉටු වේවා. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!
පිංවන්ත ඔබට ද හැකියාවක් ඇත් නම් මෙම පුදබිම වෙත බැති සිතින් පිය මනිනා ලෙස මෙත් සිතින් ඇරයුම් කරමි. එමෙන්ම හැකියාවක් ඇත්නම් ද්‍රව්‍යමය වශයෙන් ඉදිකිරීම් සඳහා උපකාර වන්න.
තෙරුවන් සරණයි...!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි
071-4962050