Thursday, September 3, 2015

සඳගිරියට යන පාර

දුර පළාත්වල සිට සඳගිරියට පැමිණෙන බොහෝ දෙනාට හන්තාන කඳු වැටියේ පිහිටි අප විහාරස්ථානයට පැමිණීමේ දී මාර්ගය නිවැරදිව සොයාගැනීම අපහසුය. ඊට හේතුව අප විහාරය පිහිටි කඳු වැටියේ අතුරු මාර්ග බොහොමයක් තිබීමයි. මහ මාර්ගයේ සිට මීටර් 400 පමණ උසින් යුත් කඳු වැටියේ පිහිටි අප විහාරස්ථානය මහ මාර්ගයට දිස් වුවත් ඉහත කරුණ නිසා නිවැරදි මාර්ගය සොයාගැනීම අපහසුය. එබැවින් විහාරයට පැමිණෙන පිංවතුන් හට නිවැරදිව මාර්ගය පෙන්වනු පිණිස නාම පුවරු කිහිපයක් තේ වත්ත මධ්‍ය යේ අවශ්‍ය ස්ථාන වල තැන්පත් කරන්නට කල්පනා කළෙමි. ඒ අනුව එම නාම පුවරු කලු ගලින් සකසන්නට අදහස් කළ අතර එම කාර්යය මා විසින්ම අද ආරම්භ කළෙමි. පෙරේදා දිනයෙහි ප්‍රමාණවත් ගල් පතුරු කිහිපයක් ගෙනා අතර ගල් කටුවක් මිටියක් සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍යයන් ද සූදානම් කොට අද උදෑසන එම කාර්යය ආරම්භ කළෙමි. ඒ ස්ථිරවම එය කළ හැකිදැයි අවබෝධයකින් තොරවය. ඒ අනුව අද උදෑසන 9 පමණ කලුගලෙහි අකුරු කොටා නාම පුවරුව සැකසීම ආරම්භ කළ අතර සවස 5 පමණ වන විට එම නාම පුවරුව සකසා සාර්ථකව නිමාවට පත් කළෙමි. මේ එම නාම පුවරුවයි. ඉදිරියෙහි සඳගිරියට පිය මනින කොයි කාටත් විහාරයට පැමිණෙන විට පළමුව දිගින් දිගටම දර්ශනය වනුයේ මා විසින් නිර්මාණය කළ ගල් පුවරු කිහිපයයි. ඔබ සැමට තෙරුවන් සරණයි.