Tuesday, October 30, 2012

සවස තුනට හිරු බැස යන ගමක්...

                    ඔන්න ටික දවසකට පස්සේ අපි අපේ සංවිධානය මගින් තවත් හොඳ වැඩකට අතගැසුවා. පසුගිය දින කිහිපයේම හිරු ටීවි එකේ රාත්‍රි 7 ප්‍රවෘති ප්‍රකාශයේදී අපට දකින්න ලැබුණා බදුල්ල දිස්ත්‍රික්කයේ පස්සර ප්‍රදේශයේ තියෙන කොහොනාවෙල කියන දුෂ්කර ගම්මානය ගැන විස්තර කිව්වා. ඔන්න අපි මේ සතියේ එන බ්‍රහස්පතින්දා ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ඇතුළු අපේ සංවිධානයේ පිරිසක් හිරු නාලිකාවේ පිරිසක් සමග එම ගමේ අයට උදව් කරන්න යනවා. අධ්‍යාපනය ලබන ගමේ සියලුම ළමුන් උදෙසා ලබන වසරට ප්‍රමාණවත් වන‍ සේ පාසල් උපකරණ, බෙහෙත් ද්‍රව්‍ය සහ ගමේ හැම නිවසකටම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය යම් ප්‍රමාණයක් බෙදා දෙන්න අපි මේ ගමනේදී සැලසුම් කර තිබෙනවා. ඒ වගේම එම ගම්මානයේ ලබන වසර මුලදී තවත් සුවිශේෂී ව්‍යාපෘතියක් සිදුකරන්නට අපි බලාපොරොත්තු වනවා. සිකුරාදා දිනයේ ඒ ගම්මානය පිළිබඳ තොරතුරු සහ ඡායා රූප ඔබට දැකගන්න පුළුවනි.


තෙරුවන් සරණයි...

Monday, October 8, 2012

පාසල් උපකරණ බෙදාදීම...

හසලක, පමුණුපුර විද්‍යාලයේ දූ දරුවන් උදෙසා පොත්පත් බෙදාදීමේ වැඩසටහන පසුගිය දිනෙක සිදු කෙරුණි. එම වැඩසටහනෙහි අවස්ථා කිහිපයක් මෙහි දැක්වේ. අප හෙළවිජය තරුණ සංවිධානය මගින් එම පාසලේ සිසුන් 92 උදෙසා පොත්පත් බෙදාදෙනු ලැබුවා. අප අනුශාසක මණ්ඩලයේ කිහිප දෙනෙක් සහ අප නිලධාරී මණ්ඩලයද මෙම අවස්ථාවට සහභාගි වුනා...

තෙරුවන් සරණයි...