Saturday, April 27, 2013

දිරියිට දිරිය.. දෙල්තොට ගබඩාගම විද්‍යාලයේ ළමුන් 73 දෙනෙක් උදෙසා පාසල් උපකරණ බෙදාදීම...

ඔන්න අපි 2013 වර්ෂයේදී අපේ අසරණ දූ දරුවන් වෙනුවෙන් සිදුකරන පාසල් උපකරණ බෙදාදීමේ පළමු වැඩසටහන ඊයේ දිනයේදී සිදු කළා. පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති එම වැඩසටහන සඳහා අප සංවිධානයේ අනුශාසක මණ්ඩලයේ කිහිපදෙනෙක් සහ අපේ සභාපත් තුමන් ඇතුළු සාමාජික තරුණයින් ද සහභාගී වුනා. මෙම වසර ඇතුළත දී පාසල් ළමුන් 1000 උදෙසා පාසල් උපකරණ බෙදාදෙන්නට අපි බලාපොරොත්තු වනවා. ජාතියට හිතැති අප ක්‍රියාවෙන් ජාතිය වෙනුවෙන් යමක් කළ යුතුයි. වේදිකාවට සීමා නොවී අපේම රටේ අපේම අහිංසක දූදරුවන්ට අධ්‍යාපනික කටයුතු සිදුකරගැනීම සඳහා අපට හැකි අයුරින් අපි හෙටත් උපකාර කරන්නෙමු. ඔබටත් යම් අයුරකින් මේ සඳහා සහයෝගය ලබාදිය හැකි නම් අපට දැනුම් දෙන්න.
ඊ මේල් helavijayayouthsociety@gmail.com
දුරකථන 071-4962050
ගබඩාගම විද්‍යාලයේ ඊයේ සිදුකළ වැඩසටහනෙහි මතක සටහන්




















ඔබට දළදා සමිඳු පිහිටයි...

 

Friday, April 19, 2013

පාසල් උපකරණ බෙදාදීම...

සිංහල ජාතිය ආරක්ෂා කිරීම සඳහා විවිධ සංවිධාන විවිධ වැඩසටහන් දියත් කරයි. එය එසේ සිදු විය යුතුයි. නමුත් කනගාටුවකට කරුණ වන්නේ බොහෝ දෙනා තම ජාතික ව්‍යාපාරය වේදිකාවට සීමා කොට ඇත. නමුත් ජාතික හැඟීම සැබවින් ඇත්තේ නම් සහ ජාතිය නගාසිටුවන්නට සිතන්නේ නම් අපේ දුප්පත් සිහල ජනතාවට දරුවන්ට උදව් කළ යුතුයි. සුළු ව්‍යාපාරිකයන්ට අත දිය යුතුයි. නමුත් එවැන්නක් අද සිදු වෙයිද? හෙළවිජය තරුණ සංවිධානයේ මෙම වසරේ පළමු ප්‍රජා සත්කාරය...මෙම වසරේදී ළමුන් 1000 ක් උදෙසා මෙම සත්කාරය සිදු කිරීමට අපේක්ෂිතයි... සෑම ජාතික සංවිධානයක්ම මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ නම් එය ජාතියේ චිර පැවැත්මට වඩා වැඩදායක වනු ඇතැයි අපි සිතමු..