Sunday, August 12, 2012

පුංචි අපට අලුත් පෙරපාසලක්...

ඔන්න ඉතින් අ‍පි ඔබට මීට මාසෙකට කළින් කිව්වා වගේම අගොස්තු 10 වනදා අපි ගලහා යැරෝහදබිම ගමේ පුංචි දරුවන්ට පෙරපාසල් ගොඩනැගිල්ලක් හදලා ඒ අයට භාර දුන්නා. මේ වැඩේ කරන්න මුදල්ම යෙදුවානම් ලක්ෂ 4 වත් අවශ්‍ය වෙනවා. නමුත් අපට මේ ගොඩනැගිල්ල සකස් කරන්න වැය වුනේ රු 83256 ක් පමණයි. ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු ගමේ අයගේ ශ්‍රම දායකත්වයෙන් සිදුකළා. දැව අපට ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් සපයනු ලැබුවා. ‍මේ කටයුත්තේදී අපේ තරුණ සංවිධානයේ නිලධාරී මණ්ඩලයත් ගොඩක් මහන්සි වුනා. මේ කටයුත්තට අපට මුදලින් උදව් කළ පිංවතුන් කිහිප දෙනෙක් ඉන්නවා. අපේ තරුණ සංවිධානයේ තරුණයන් කිහිප දෙනෙක් සහ අප සංවිධානයට හිතවත් පිංවතුන් කිහිප දෙනෙක් මේ සඳහා අපට මුලදින් උදව් කළා. ඒ වගේම අපගේ බ්ලොග් අඩවිය නරඹා අපට කිහිප දෙනෙක් මුදල් එවා තිබුනා. අප සංවිධානයේ සේවාවන් අපගේ බ්ලොග් අඩවියෙන් නැරඹු ඉතාලියේ රෝමේ වෙසෙන පිංවත් ගාමිණී කරුණාසේන මහතා විසින් මේ පෙර පාසලේ පුංචි දරුවන්ට බෙදන්න අවශ්‍ය අභ්‍යාස පොත් ප්‍රමාණය අපට එවා තිබුනා.

මෙන්න අපට මුදලින් උදව් කළ පිංවතුන්
පූජ්‍ය මැදපිටියේ ඉන්දසිරි හිමි                           (මහනුවර)
ශියන්ති දුනුවිල මහත්මිය                                 (මහනුවර)
සිරිල් අශෝක මහතා                                       (ගලහා)
ජෙ. කථිකාචාර්ය දර්ශණී ගුණතිලක මහත්මිය (මහනුවර)
මහාචාර්ය පුෂ්පා විජේකොන් මහත්මිය           (මහනුවර)
දිනුක හෙට්ටිආරච්චි මහතා                              (මහනුවර)
සිදත් පෙරේරා මහතා                                       (ගම්පහ)
     අපගේ බ්ලොග් අඩවිය නරඹා ඇමරිකාවේ වෙසෙන පිංවත් මහත්මියක් සහ මැදපෙරදිග වෙසෙන පිංවත් මහත්මයෙක් අපට මුදල් එවා තිබූ අතර ඔවුන් තම නම් මෙහි සඳහන් නොකරන ලෙස අපගෙන් ඉල්ලීමක් කරා.
       මෙම උතුම් කටයුත්තේදී  අපට සහය වූ පිංවත් සැමට අද ‍පහත ඡායාරූප මගින් ඔබ දුන් මුදලින් අහිංසක දරුවන් වෙනුවෙන් අප ඉදිකළ ‍නව පෙරපාසල් ගොඩනැගිල්ල දැකිය හැකි අතර එසේ අපට යහපත් සිතින් උදව් කළ පිංවතුන් සැමට නිදුක් නීරෝගී භාවය සහ සාර්ථක ජීවිතයකට එම පුන්‍යකර්මය හේතුවේවායි මෙත් සිතින් හෙළවිජය තරුණ සංවිධානය ලෙස අපි ප්‍රාර්ථනය කරමු. ඔ‍බේ පුංචි දරුවන්ගේත් අනාගත ජීවිතයන් මේ පිං බෙලෙන් සාර්ථකමත් වේවා...
          මෙම කටයුත්තේදී අපට ශක්තියක් වූ අප සංවිධානයේ ප්‍රධාන අනුශාසක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන්ට සහ පෙරපාසල් ගොඩනැගිල්ල විවෘත කරන්නට සහභාගී වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චූලා ගුණසේකර මැතිතුමන්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රවීණ දේශක ආචාර්ය ජගත් විජේනායක මැතිතුමන්, වෛද්‍ය කේ.ටී.එස් ගුණසේකර යන පිංවතුන්ට ද සිතූතිවන්ත වෙමු.
පුංචි දරුවන් විසින් ආරාධිත අමුත්තන්ව පිළිගැනීම...

පුංචි පෙරහැරකුත් ගමේ අය සංවිධානය කර තිබුනා...


එම අවස්ථාවට සහභාගී වූ පිරිස...


ආචාර්ය ජගත් විජේනායක ඇදුරුතුමන් විසින් නව ගොඩනැගිල්ලෙහි නාම පුවරුව නිරාවරණය කරමින්...
ආචාර්ය ජගත් විජේනායක, මහාචාර්ය චූලා ගුණසේකර, ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර යන මහත්වරු නව ගොඩනැගිල්ල විවෘත කරමින්...


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චූලා ගුණසේකර මැතිතුමන් සහ එම මැතිනිය විසින් පොල්තෙල් පහන දල්වමින්...

පෙර පාසලේ දරුවන් විසින් පිළිගැනීමේ ගීතය ගායනය කරමින්...
දොළුව ප්‍රාදේශීය ලේකම් පාලිත බණ්ඩාර මහතා විසින් පිරිස අමතමින්...
ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් පිරිස ඇමතීම...
අපේ ප්‍රධාන සංවිධායක මහතා පිරිස අමතමින්...
අපේ ප්‍රධාන ආරාධිත අමුත්තා වූ ආචාර්ය ජගත් විජේනායක මැතිඳුන් විසින් පිරිස ආමන්ත්‍රණය කරමින්...
ජගත් විජේනායක ඇදුරුතුමන් විසින් ත්‍යාග පිරිනමමින්...
ප්‍රාදේශීය ලේකම් තුමන් විසින් ත්‍යාග පිරිනමමින්...
වෛද්‍ය කේ.ටී.එස් ගුණසේකර මැතිනිය විසින් දරුවන්ට ත්‍යාග පිරිනමමින්...
ගඟසිරිපුර හිමියන් විසින් දරුවන්ට ත්‍යාග පිරිනැමීම...
වසර ගණනාවක් තමන් මෙම පෙරපාසල ගොඩනගාගන්නට කළ උත්සාහයන් සහ එහිදී විඳි දුෂ්කරතා සිහිපත් කළ පෙරපාසලේ පාලිකාව අහිංසක දරුවන් වෙනුවෙන් කළ උපකාරය‍ වෙනුවෙන් හෙළවිජය තරුණ සංවිධානයට ස්තුති තරමින් සිදුකළ කථාව...
වේදිකාව මත සේම කොතැනත් කැපවී කටයුතු කරන අපේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මහතා...

දින 11 තුළදී අප ගොඩනැගූ නව පෙරපාසල් ගොඩනැගිල්ල...
පෙරපාසලේ කුඩා දරුවන් සමග ගඟසිරිපුර හිමියන් සහ තුෂාර රුවන් මහතා...
පළමුව අපි එම ගම් පියසට පා තැබූ දින දුටු අවුරුදු 6 පැරණි අත්තිවාරම...
එම ගම් පියසින් සමුගත් මොහොතේ එදා අත්තිවාරම තිබූ ස්ථානය අපට දිස් වූ අයුරු...
මෙවැනි සමාජ සත්කාර්යයන් අගයන්නේ නම් ඔබත් අප තරුණ සංවිධානය සමග එක්වන්න...
අපට කථාකරන්න
0714962050
අපට ලියන්න
helavijayayouthsociety@gmail.com
තෙරුවන් සරණයි...