Friday, April 19, 2013

පාසල් උපකරණ බෙදාදීම...

සිංහල ජාතිය ආරක්ෂා කිරීම සඳහා විවිධ සංවිධාන විවිධ වැඩසටහන් දියත් කරයි. එය එසේ සිදු විය යුතුයි. නමුත් කනගාටුවකට කරුණ වන්නේ බොහෝ දෙනා තම ජාතික ව්‍යාපාරය වේදිකාවට සීමා කොට ඇත. නමුත් ජාතික හැඟීම සැබවින් ඇත්තේ නම් සහ ජාතිය නගාසිටුවන්නට සිතන්නේ නම් අපේ දුප්පත් සිහල ජනතාවට දරුවන්ට උදව් කළ යුතුයි. සුළු ව්‍යාපාරිකයන්ට අත දිය යුතුයි. නමුත් එවැන්නක් අද සිදු වෙයිද? හෙළවිජය තරුණ සංවිධානයේ මෙම වසරේ පළමු ප්‍රජා සත්කාරය...මෙම වසරේදී ළමුන් 1000 ක් උදෙසා මෙම සත්කාරය සිදු කිරීමට අපේක්ෂිතයි... සෑම ජාතික සංවිධානයක්ම මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කරන්නේ නම් එය ජාතියේ චිර පැවැත්මට වඩා වැඩදායක වනු ඇතැයි අපි සිතමු..