Sunday, March 2, 2014

පොලිස් ආරක්ෂාව සහිතව බදුල්ල මුතියංගණය බලා යාල වනය මැදින් ගමන... (26 photos) share this.. 28 වෙනිදා උදේ කතරගම සිට බුත්තල මාර්ගයේ බදුල්ලට යෑමට පිටත් වුණා.. එහිදී බුත්තලට යන්නට කි මී 20 පමණ වල් අලි ගහණ මහ වනකතර මැදින් ගමන් ගන්නට වුණා.. වල් අලි පාර අයිනේ සඍම දිනකම සිටින බව දැනගන්නට ලැබුණත් එදින අලි ඇතුන් දැකගන්නට සිටියේ නැහැ... වනාන්තරයෙන් අපි පා ගමනේ යන විට බොහෝ දෙනා අපට කීවේ හාමුදුරුවනේ මේ කැලේ මැදින් පයින් නම් යන්න එපා යනුවෙනි.. ඒ රුදුරු සතුන් ගහණ නිසාවෙනි.. අපි තුන් දෙනෙක් සිටි නිසාත් අපට මීටර් 100 ඉදිරියෙන් පොලිසියෙන් ගමන්ගත් නිසාත් බියකින් තොරව ගමන් කළෙමු...පාර දිගේ ගමන් ගත් වාහන වලින් අපට බීම වර්ග... වතුර හා පලතුරු දිගින් දිගටම ලැබුණා... දහවල් 3 වන විට අපි වනාන්තරය නිමවා ගෝණගංආර පොලිසියට ළගා වුණා... ස්ථානාධිපති තුමන් ඇතුලු සියලු නිලධාරීන්ගෙන් ගෞරවණීය හා සුහද ආගන්තුක සත්කාර ලැබුණා... අපි සවස 6 ට කළ උපකාරය වෙනුවෙන් ඔවුනට බණ කියා පිං දී බුත්තල බලා පිටත් වුණා... රාත්‍රී 10 30 වන විට යුදගනාව රජමහා විහාරය වෙත අපි ළගා වුණා.. එදින රාත්‍රිය එහි ගතකළා.. අහම්බෙන් එහි ගියත් යුදගනාවට ගමන්කරන්නට ලැබීම මේ පා ගමනේ තවත් වැදගත් සංධිස්ථානයක් වුණා... ඒ ගැන එහි පින්තූර සමග විස්තරය දාන්නම්... තෙරුවන් සරණයි...