Monday, July 16, 2012

පන්දහසක පිරිසක් සහභාගී වූ මාපිය හරසර වන්දනා වැඩසටහන....


             හෙළවිජය තරුණ සංවිධානයේ ප්‍රධාන අරමුණකි අපේ රටේ ළමා පුරුපරට හා තාරුණ්‍යයට තම දෙමාපියන්ගේ වටනාකම කියා දීම. මේ සඳහා අප මේ වන විට ලංකාව පුරා සාර්ථකව වැඩසටහන් සිදුකරගෙන යන්නෙමු. ඒ සොඳුරු නිර්මල ගමන්මගේ තවත් එක් සොඳුරු නවා තැනකි තඹුත්තේගම මධ්‍යමහා විද්‍යාලයේ 2012 මාර්තු මස 22 දා පැවති මාපිය වන්දනා වැඩසටහන. එදින මේ උතුම් වැඩසටහනට ආදරණීය අපේ දෙමාපියන්, දූදරුවන් සහ විදුහල්පති තුමන් ඇතුළු 5000 අධික පිරිසක් සහභාගී වුනා.

          පන්දහසක් සහභාගී වූ මේ වැඩසටහන සංවිධානය ක‍ළේ 2011 වර්ෂයේ උසස්පෙළ විභාගයට පෙනී සිටි එම පාසලේම තරුණ ළමුන් 5 දෙනෙක් එකතුවෙලා. අන්න ඒ නිසා එදා තරුණ සංවිධානයක් ලෙස හෙළවිජය තරුණ සංවිධානය සුවිසල් ජයක් ලබා තිබෙනවා. සිහිලැල් තුරු සෙනණේ සියපත් ගී රාවය අතරින් මාපිය ගුණ රැව් දුන් එදවස ඒ රාවය නගන්නට වෙහෙස වූවෝද තරුණයන්මය. තරුණ සංවිධානයකින් මෙහෙය වූ මෙම වැඩසටහන සංවිධානය කළේ තරුණ ළමුන් පස් දෙනෙක් විසිනි. එසේම දේශකයන් වහන්සේද තාරුණ්‍යයේ වෙසෙන හිමිනමක් වීම ද ආදර්ශ සම්පන්න යැයි අපි සිතමු. මෙම වැඩසටහන එදා සංවිධානය කළ එම පාසලේ ආදි ශිෂ්‍යයන් පස් දෙනෙකි. ඔවුන් නම්

අසේල ප්‍රසන්න.... යසිත මධුක... ආසිරි නිමන්ත... චාමින් සුරාජ්... නුවන් චාමර... යන අයයි.

පාසලේ දූ දරුවන් විසින් පෙරහැරකින් හාමුදුරුවන් වහන්සේව වැඩසටහනට වැඩම කරවාගෙන යෑම...
පාසලේ ගුරු මහත්මයෙකු මෙහෙයවීම් කටයුතු සිදුකරමින්....
විද්‍යාලයේ විදුහල්පතිතුමන් විසින් ගඟසිරිපුර හිමියන් ඇතුළු පැමිණි පිරිස පිළිගනිමින්....
කවදත් හෙළවිජය වෙනුවෙන් හඬ නගන අපේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මධුසංක සොයුරා...
වැඩසටහන සංවිධානය කළ ආදි ශිෂ්‍යයන් අතරින් එක් අයෙකු දැහැත්වට්ටිය දී හාමුදුරුවන්ට දේශනයට ඇරයුම් කරමින්...
හෙළවිජය තරුණ සංවිධානයේ නිර්මාතෘ ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් වැඩසටහන මෙහෙයවමින්.....
එදින මේ උතුම් වැඩසටහනට සහභාගී වූ පිරිස අතරින් කොටසක්...
වැඩසටහනෙහි සුවිශේෂී අවස්ථා කිහිපයක් පහතින් දැක්වේ...

තුරු සෙවණේ සියපත් ගී රාවය අතරින් මව්පිය ගුණ සුවඳ හැමූ දා....

සිතිවිලි ඔපලා දිය ඇලි සේ සරසා, මව්වරු සිටියා ඉපනැළි සේ ඉවසා......
ඒ බෝසත් ගුණ දකිනා දරුවන්, ඉරහඳ සේ මුළු ලොවට         වටිනවා.....
එකට බැඳුනු මේ අත්වැල් මතුදාද එසේම එක්වේවා....
බුලත් අතක් තම ආදරණීය මාපියන්ගේ සුරතෙහි තබා ඔවුන්ගේ දෙපා නමදින්නට සැරසෙන ළමුන්...

ගඟසිරිපුර හිමියන් වැඩසටහන මෙහෙයවමින්
දරුවන් තම මාපියන්ට නමස්කාර කරමින්...
දූ පුතුන්ගේ මතු දිවිය ජයමාවතෙහි රඳන්නට වෙරදරන අපේ ආදරණීය පියවරුන්...

නැති බැරි මොහොතක පිහිටට ඉන්නේ මව්නි පියාණෙනි ඔබ පමණයි...
බුදුන් ළඟට අපගේ දුක දන්නේ මව්නි පියාණෙනි ඔබ             පමණයි...

මේ පිළිබඳව ඔබේ අදහස්ද අපි දැනගන්නට කැමැත්තෙමු.

යලි යලිත් අපි හමුවෙමු.....

ඔබ සැමට සම්බුදු සරණයි.......