Thursday, September 3, 2015

සඳගිරියට යන පාර

දුර පළාත්වල සිට සඳගිරියට පැමිණෙන බොහෝ දෙනාට හන්තාන කඳු වැටියේ පිහිටි අප විහාරස්ථානයට පැමිණීමේ දී මාර්ගය නිවැරදිව සොයාගැනීම අපහසුය. ඊට හේතුව අප විහාරය පිහිටි කඳු වැටියේ අතුරු මාර්ග බොහොමයක් තිබීමයි. මහ මාර්ගයේ සිට මීටර් 400 පමණ උසින් යුත් කඳු වැටියේ පිහිටි අප විහාරස්ථානය මහ මාර්ගයට දිස් වුවත් ඉහත කරුණ නිසා නිවැරදි මාර්ගය සොයාගැනීම අපහසුය. එබැවින් විහාරයට පැමිණෙන පිංවතුන් හට නිවැරදිව මාර්ගය පෙන්වනු පිණිස නාම පුවරු කිහිපයක් තේ වත්ත මධ්‍ය යේ අවශ්‍ය ස්ථාන වල තැන්පත් කරන්නට කල්පනා කළෙමි. ඒ අනුව එම නාම පුවරු කලු ගලින් සකසන්නට අදහස් කළ අතර එම කාර්යය මා විසින්ම අද ආරම්භ කළෙමි. පෙරේදා දිනයෙහි ප්‍රමාණවත් ගල් පතුරු කිහිපයක් ගෙනා අතර ගල් කටුවක් මිටියක් සහ අවශ්‍ය වෙනත් ද්‍රව්‍යයන් ද සූදානම් කොට අද උදෑසන එම කාර්යය ආරම්භ කළෙමි. ඒ ස්ථිරවම එය කළ හැකිදැයි අවබෝධයකින් තොරවය. ඒ අනුව අද උදෑසන 9 පමණ කලුගලෙහි අකුරු කොටා නාම පුවරුව සැකසීම ආරම්භ කළ අතර සවස 5 පමණ වන විට එම නාම පුවරුව සකසා සාර්ථකව නිමාවට පත් කළෙමි. මේ එම නාම පුවරුවයි. ඉදිරියෙහි සඳගිරියට පිය මනින කොයි කාටත් විහාරයට පැමිණෙන විට පළමුව දිගින් දිගටම දර්ශනය වනුයේ මා විසින් නිර්මාණය කළ ගල් පුවරු කිහිපයයි. ඔබ සැමට තෙරුවන් සරණයි.









Sunday, July 5, 2015

අසිරිමත් ඇසළ පිංකම් මාලාව. gangasiripura dhammaloka himi hanthana sandagiri maha viharaya

අසිරිමත් ඇසළ පිංකම් මාලාව.
please share this pic...
හොංකොංහි ශ්‍රී ලාංකික තරුණ පිරිස විසින් වාර්ෂිකව සංවිධානය කරන ‘‘ඇසළ පිංකම් මාලාව“ මෙවර 2015 ජූලි මස 12 වන දින හොංකොංහි හැපිවැලි විහාරස්ථානයෙහි දී පැවැත්වේ. මෙම වර්ෂයෙහි එම උතුම් පිංකම් මාලාව සඳහා මම වැඩමකරමි. මේ පිංකම සඳහා මාව වැඩමකරවීමට යෝජනා කළ මා කලණ මිත්‍ර බංඩි අයියාටත් එමෙන්ම අනුෂ්ක අයියාටත් සංවිධායක මඩුල්ලටත් පුණ්‍යානුමෝදනා කරමි. එමෙන්ම හොංකොං වැසි ශ්‍රී ලාංකික සැමට මේ උතුම් පිංකම මාලාව සඳහා සහභාගිවන ලෙස මෙත් සිතින් සිහිපත් කරමි. එදින දවස පුරාවට මවිසින් මෙහෙයවන පිංකම් මාලාව පිළිබඳ ඉදිරියෙහි දී දැනුවත් කරමි. තෙරුවන් සරණයි...!!!
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි... (071-4962050)

Sunday, June 7, 2015

Friday, June 5, 2015

පොසොන් චෛත්‍යය හන්තාන කඳු මුදුනේ...

පොසොන් පොහොය නිමිත්තෙන් අපි හන්තාන, සඳගිරි මහ විහාරස්ථානයේ චෛත්‍යයක් නිර්මාණය කළා. මේ එම චෛත්‍ය රාත්‍රිෙයහි අලෝකවත් කළ අවස්ථාවයි.





Monday, May 11, 2015

හන්තාන කඳු වැටියේ සඳගිරි මහ විහාරයේ බෝ සෙවණට සමාධි බුදු රුවක්...

please share this album with ur friends
අද දිනයේ අප විහාරස්ථානයේ බෝධීන්වහන්සේ අභියස තැන්පත් කිරීම සඳහා බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩමකරවනු ලැබීය. ඒ අනුව අද පෙ.ව 11ට පමණ බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කරවූ අතර බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීමෙන් පසුව දහවල් බුද්ධ පූජාව ද පැවැත්වීය. ඉන් පසු බුද්ධප්‍රතිමා වහන්සේව විහාරස්ථානයට පූජා කළ තුෂාන් මහත්මා ඇතුළු එම පවුලේ සැමටත් සපැමිණි සෙසු සැමටත් ආශීර්වාද කරමින් ආශීර්වාදාත්මක පිරිත් සජ්ඣායනාවක් පැවැත්වීය. අප විහාරස්ථානයේ බෝධීන් වහන්සේ අභියස තැන්පත් කිරීමට අවශ්‍ය බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් පරිත්‍යාග කළා වූ සහ සහභාගි වූවා වූ සැමට පිං සිදු වේවා. සියලු පැතුම් ඉටුවේවා. සැමට දළදා සමිඳු පිහිටයි...!!!

සුපින්වත් ඔබටත් හැකි විටක අප පිංබිම වෙත පියනගන්න...
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමි
විහාරාධිපති
සඳගිරි මහ විහාරය
හන්තාන
මහනුවර.
071-4962050