Friday, January 4, 2013

අප සංවිධානයේ තෙවන සංවත්සරය දින...

                හෙළවිජය තරුණ සංවිධානය පිහිටුවා හරියටම අවුරුදු තුනක් සම්පූර්ණ වුනා. පසුගිය වර්ෂය තුළ පමණක් අපි දුප්පත් ළමුන් 883 ක් ස්‍රදහා පාසල් උපකරණ ලබාදී තිබෙනවා. එසේම පෙරපාසල් ගොඩනැගිල්ලක් ද ඉදිකර තිබෙන අතර පාසල් කිහිපයක් නවීකරණය කරන්නට යෙදුනි. එසේම අප රටේ විවිධ ප්‍රදේශයන්හි මාපිය වන්දනා වැඩසටහන් 100 අධික ප්‍රමාණයක් සිදුකර තිබෙයි.
                එකී ප්‍රගතියත් සමග ඉකුත් දෙසැම්බර් 25 වන අඟහරුවාදා දින උදෑසන 8. 30 අප සංවිධානයේ අනුශාසක මණ්ඩලය, නිලධාරී මණ්ඩලය, සාමාජික පිරිස හා අපට මෙකී වැඩසටහන්වලදී අතහිත දෙන පිරිසේ ද සහභාගීත්වයෙන් තෙවන සාංවත්සරික උත්සවය පවත්වන්නට යෙදුනි. එදිනම අප සංවිධානයේ නිර්මාතෘ ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් රචිත අම්මා සඳකි කෘතිය හා පිවිතරු මෙත් සිත කාව්‍ය සංයුක්ත තැටිය දොරට වැඩුම ද සිදුවුනි.
                    අති සාර්ථක ලෙස පැවැත්වුණු මෙම සාංවත්සරික උත්සවය සඳහා 300 අධික පිරිසක් සහභාගී වුනි. මහ සඟරුවනේ ආශීර්වාද මැද ඇරඹුණු මෙම වැඩසටහන අලංකාර කරන්නට ‍අප සංවිධානයේ සංවිධායක ධනංජය හෙට්ටිආරච්චි සොයුරා ඇතුළු පිරිස සංගීතයෙන් දායක වූ අතර ප්‍රධාන දේශනය ඉතා අරුත් බර හා රසවත් ලෙස සිදුකරනු ලැබූයේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාර්යවසම් ඇදුරුතුමන් විසිනි. ඉතා දුරබැහැරව සිටියත් අපගේ ප්‍රධාන අනුශාසක පූජිත් ජයසුන්දර මහතා අන්තර්ජාලය හරහා සජීවීව පිරිස අමතමින් අපට එදන ද ශක්තියක් වුනා. එදින වැඩසටහනේ ඡායාරූප කිහිපයක්





















































 2013 වර්ෂයේ අපගේ ඉලක්කගත වැඩපිළිවළ තවත් දින කිහිපයකින් මෙහි ඉදිරිපත් කරන අතර ඒ සඳහා හැකිනම් ඔබ ද අපට සහාය වන්න. අප සංවිධානයේ සාමාජිකයෙක් වන්නට ඔබටත් හැකියාව ඇත.

2 comments:

  1. chiran jeewathu ayu rakkanthu aawada...ape hamuduruwan athulu sema siyalu denatama thunuruwane asirwadayath siyalu dewi rekawaranath labewa...

    ReplyDelete
  2. JAYA SRI MA BO SAMIDU PIHITAI...

    ASELA PRASANNA- THAMBUTHTHEGAMA

    ReplyDelete

ඔබේ අදහස් අගයමු