Monday, March 4, 2013

සිරි දළදා වන්දනාව...

              මේ දවස් ටිකේම අපේ සංවිධානයේ තරුණ පිරිස සුවිශේෂී කටයුත්තක් සිදුකරමින් සිටිනවා. ඒ අතුම් පිංකමක්. දළදා මාළිගාවට එන සැදැහැති පිංවතුන්ට දළදා වහන්සේව වන්දනා මාන කිරීම සඳහා වැඩපිළිවෙළක් නැහැ. වඳින්න පුළුවන්. ඒත් දළදා වහන්සේගේ ගුණ සිහිකරලා වඳින්න මොකුත් සරල ක්‍රමයක් නැහැ. ශ්‍රී මහා බෝධියට යන අපට බෝධීන් වහන්සේව වඳින්න බෝධි පූජා කවි තිබෙනවා. නමුත් මාළිගාවේදී වඳින්න එසේ නැහැ. එනිසා පිංවතුන් විවිධ ක්‍රමයන්ට තමයි දළදා වහන්සේගේ ගුණ සිහි කළේ. මෙන්න මේ නිසා දළදා මාළිගාවට එන අපේ පිංවතුන්ට දළදා වහන්සේව වන්දනා කිරීම සඳහා යම් වැඩපිලිවෙළක් මේ වසර තුළ දී අපේ තරුණ සංවිධානය හරහා සකස් කරන්න මම තීරණය කළා. ඔන්න ඒ පිළිබඳව අවුරුද්දක් පමණ කාලයක් අරගෙන කවි 9 ක් මම සකස් කළා දළදා වහන්සේව වඳින්න. කවි නම් දවසට සියයක් උණත් හදන්න පුළුවන්. ඒත් අපි හදන කවි හැම අතකින්ම සාර්ථක වෙන්න ඕනේ. අනික දළදා වහන්සේ වඳින්න භාවිතා කරන නිසා අංග සම්පූර්ණ වෙන්නත් ඕනේ. මා නිර්මාණය කළ කවිවල ලක්ෂණ කිහිපයක් තියෙනවා. ඒ ලක්ෂණ පහතින් දැක් වෙයි.

1පොඩි ළමයෙකුට වුව වටහාගැනීමට හා කටපාඩම් කරගත හැකි ලෙස සරල භාෂාවක් භාවිතා වෙනවා.

2දළදා වහන්සේගේ ඓතිහාසික වැදගත් සිදුවීම් මේ කවි වලින් කියවෙනවා.

3මේ කවි කියවන තැනැත්තාගේ හිතේ දළදා වහන්සේ පිළිබඳව සැදැහැ සිත් ඇති කරවිය යුතුයි.

4 එසේම මේ කවි කියවන විට දළදා වහන්සේගේ පිහිට අපට ලැබෙනවා කියන හැඟීම ද ඇති විය යුතුයි.

5 බුදුගුණ සිහිපත් වීම


             මෙකී ලක්ෂණ කෙරෙහි අවධානයෙන් කවි සකස් කර උපාසිකාවන් 100 ට පමණ මේ කවි අසන්නට සලස්වා අදහස් ලබා ගත්තා. විශ්වවිද්‍යාලයේ ආචාර්යවරුන් හා විවිධ කණ්ඩායම් වල බුද්ධිමය මග පෙන්වීම ලබා ගෙන මා ‘‘සිරි දළදා වන්දනාව“ නමින් පිටු 8 කින් යුත් කුඩා දළදා වන්දනා කෘතියක් නිර්මාණය කළා. එම කෘතිය ජයවර්ධන පුර විශ්වවිද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ජගත් විජේනායක මහතාගේ බැතිබර දායකත්වයෙන් මුදුණය කර මේ දිනවල නොමිලයේ බෙදාහරිමින් සිටිනවා. අපේ සංවිධානයේ අනුශාසක වරයෙක් වන ජගත් විජේනායක මහතා තම දායකත්වයෙන් මෙම කෘතියෙහි පිටපත් 50. 000 පනස්දාහක් පමණ මුදුණය කරවා නොමිලයේ ජනතාවට බෙදාදෙන්නට කටයුතු කරමින් සිටිනවා. මේ දිනවල දළදා මාළිගාවට එන පිංවතුන්ට එම කෘතිය නොමිලයේ බෙදාදීම සඳහා අපේ තරුණ පිරිස් ඉරිදා දිනයන්හි එහි බෙදාහරිමින් සිටිනවා. ඔබට ද අවශ්‍ය නම් අපගෙන් එම කෘතිය ලබා ගත හැකිය. මෙම දළදා වන්දනාව ජනතාව අතරට ගෙන යෑමේ අදහසින් අපි මාර්තු මස පුන් පොහෝ දා සවස 4 ට දළදා මාලිගාවේ දී දළදා වන්දනාව සිදුකරනවා. එය මේ වන විට සංවිධානය කරගෙන යනු ලබනවා. සෑම වසරකම දෙසැම්බර් මස 25 වන දා නෙලුම් මල් ලක්ෂයක් දළදා වහන්සේට පූජා කරමින් වාර්ෂිකව දළදා වන්දනාව අප සිදුකරන්නට අදහස් කර තිබෙනවා. මෙහිදී මහනුවර නගර මධ්‍යෙය් සිට පුද පෙරහැරකින් මාලිගාවට මල් හා පුද පූජා ගෙන යන්නට අදහස් කර ඇත.  කැමති නම් මේ උතුම් කටයුතු සඳහා ඉදිරියේදී ඔබට ද දායක විය හැකියි.
බුදු සරණයි.

මේ අප නොමිලයේ බෙදා දෙන ‘‘සිරි දළදා වන්දනාව“ කෘතියේ මුල් පිට කවරය

 මේ පසුපස කවරය

 
සිරි දළදා වන්දනාව අපි සංවිධානාත්මක ලෙස පළමු වරට සිදු කරන්නේ මාර්තු මස 26 මැදින් පුන් පොහෝ දිනයේ දී

2 comments:

  1. ලංකාවෙ ලොකුම ෆෝරම් ඵකට තාම ගියේ නැද්ද..දැන්ම යන්න ගිහින් රෙඡිස්ටර් වෙන්න http://justcrowd.net/

    ReplyDelete
  2. anargai ape hamdurwane....jaya siri maha bodi wandana kavi api kiyanne ape panadure ariyadamma hamduduruwanta pin sidda wennane.... dalada wandana kavi loka wasee sama baudayekma mahath harasari wandana karavi me vayama nisa.. ape podi hamdurwane. oba wahanseta me sath kriyawa karannganna sama vera veeryakma labewa.... theruwan sarani ape podi hamudurwane.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු