Saturday, October 19, 2013

මාවුස්සාව විද්‍යාලයේ දරුවන් 70 උදෙසා පාසල් උපකරණ බෙදාදීම...

ගොඩක් දවසකින් අපේ හෙළවිජය තරුණ සංවිධානයේ ප්‍රජාසත්කාර වැඩසටහන්වල පින්තූර නැවත බ්ලොග් පිටුවට දාන්න පටන්ගත්තා... අපි පහුගිය කාලයේ ගොඩක් දුෂ්කර ගම්මානවලට ගිහිල්ලා උදව් කළා... සමහර විට බ්ලොග් එකට විස්තර දාපු නැති නිසා ඔබ හිතන්න ඇති අපි වැඩ නවත්වලා කියලා... එහෙම නැහැ.. මෙය අපි හැඟීමෙන් කරන වැඩසටහනක්... අපේ වැඩසටන්වල පින්තූර සහ විස්තර අපේ පොඩිහාමුදුවන්ගේ මුහුණු පොතේ පිටුවට දැම්මා... උන්වහන්සේගේ මිතුරන්ට නම් එම වැඩසටහන්ගැන දැනගන්න ලැබුණා... gangasiripura dhammaloka මෙය උන්වහන්සේගේ ෆේස්බුක් පිටුවේ නම... කැමති නම් ඇඩ් වෙන්න... පහුගිය කාලයේ ගොඩක්ම වැඩ තිබුණු නිසා බ්ලොග් එකට විස්තර දාන්න අමාරු වුණා... අපේ මිතුරන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත නැවත් අපි අපේ ආගමික.. සහ ප්‍රජා සත්කාර සේවා වැඩසටහන් විස්තර දාන්න හිතුවා... පහුගිය කාලයේ කරපු වැඩසටහන් විස්තර අපි ටික ටික දාන්නම්... එහෙමනම් ඔන්න අපි මේ සතියේ බදාදා ඒ කියන්නේ 2013.10.16 කරපු වැඩසටහනේ පින්තූර පහල තියෙනවා...
පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියනගේ මූළිකත්වයෙන් ඉහත වැඩසටහන සිදුකෙරුණි... ආචාර්ය ජගත් විජේනාය, ප්‍රාදේශීය ලේකම් උත්පල ජයරත්න... හා ප්‍රවීණ දේශක විශ්වජිත් බණ්ඩා යන මහත් වරුන් සහ අපේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් සහ සභාපති සසික ලක්මාල්ද මේ සඳහා සහභාගි වුනා.. මේ ගම්මානය දෙල්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි මාවුස්සාව කියල ගමයි.. අපේ මිනිස්සු හරිම දුෂ්කර ජීවිතයක් එහි ගතකරන්නේ... පාසලේ ළමුන් 70 උදෙසා අපි පාසල් උපකරණ බෙදාදුන්නා.. ලස්සන කඳු වළල්ලකයි මේ ගම පිහිටලා තියෙන්නේ...
මෙම වැඩසටහන සඳහා අපට පාසල් අභ්‍යාස පොත් ප්‍රමාණයක් මදි වුණා. ඒ බව අපි දැනුම් දුන් විට අපට කසුන් ධනංජය සොයුරා සහ කණිෂ්ක හේවාවිතාරන සොයුරා පොත් ලබා දුන්නා. ඔවුන් ගෞරවයෙන් සිහිපත් කරනවා...





















සැමට දළදා සමිඳු පිහිටයි...

1 comment:

  1. ඔබලා කරන සේවය දිගටම කරන්න ධහිරිය ලැබේවා.
    https://www.facebook.com/amalprasanna

    ReplyDelete

ඔබේ අදහස් අගයමු