පහුගිය දවස්ටිකේ අපි ඔබට අම්මා කියන උතුම් තැනැත්තිය තුළ පවතින දරු සෙනෙහසේ ස්වභාවය ගැන කියවෙන පුංචි කථා දෙකක් ඉදිරිපත් කළා. අද අපි තීරණය කළා අපේ ජීවිතය ගොඩනගන්න කැපවෙන අපේ තාත්තාගේ හිතේ තියෙන දරු සෙනෙහස පිළිබඳව ඔබට යමක් කියන්න.
''අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණි''
තාත්තා පිළිබඳව මම මේ ලියන ලිපිය ඔබට නව අද්දැකීමක් ගෙනදේවි. හේතුව මම තාත්තා ගැන මේ ලියන ලිපියේ තාත්තාගේ චරිතය නියෝජනය කරන්නේ අපේ මහ බෝසතාණන් වහන්සේ නිසා. දෙමව්පියන්ගේ ගුණය නිරන්තරයෙන් වර්ණනා කළ එසේම දෙමාපියන්ට මැනවින් උවටැන් හා උපකාර කළ අපේ ශාස්තෲන් වහන්සේ බුදු බව පතමින් ආ ගමන් මගේ තාත්තා කෙනෙකු වශයෙන් ගතකළ ජීවිතය ද අතිශයින් සුන්දර හා ආදර්ශමත් එකකි.
යන අතර මගදි අශ්වයන් දෙදෙනාවත් අශ්ව රථයත් දන් දෙනවා. වනගත වෙලා කාලය ටිකෙන් ටික ගෙවීගෙන යනවා. එක දවසක් මන්ද්‍රී දේවිය පළවැල නෙළාගෙන එන්න ගිය විටක වෙස්සන්තර රජු භාවනා කරමින් ඉන්න වෙලාවේ රජුට දැකගන්න ලැබෙනවා ජරාවට පත්වුණු කිසි පිරිසිදුවක් නැති ජූජක නම් මහලු බමුණා තමන් ඉන්න පැත්තට පැමිණෙනවා. වෙස්සන්තර රජ්ජුරුවෝ හිතනවා ''මේ මනුස්සයා මෙච්චර දුර කතර ගෙවාගෙන එන්නේ මගෙන් යමක් ඉල්ලගන්න. නමුත් මගේ ළඟ දැන් තියෙන්නේ පෙරෙවි සම්කඩත් පැන් කෙණ්ඩියත් විතරයි. මේවා ගන්න නම් මෙච්චර දුරක් ගෙවාගෙන එන්නේ නැහැ. මේ මනුස්සයා එනවා ඇත්තේ මගේ ඇස් දෙක ඉල්ලන්න. කමක් නැහැ මොහු මගේ ඇස් දෙක ඉල්ලුවොත් මම මගේ ඇස් දෙක ඔහුට දං දෙනවා. මගේ සිරුරේ මස් ඉල්ලුවොත් මස් දං දෙනවා. බැරි වෙලාවත් ඔහු මගේ ජීවිතය ඉල්ලුවොත් කමක් නැහැ මම ඒකත් දං දෙනවා"
වෙස්සන්තර රජු එහෙම කල්පනා කරමින් ඉන්න වෙලාවේ ජූජක බමුණා වෙස්සන්තර රජු ළඟට පැමිණෙනවා. ජූජක බමුණා වෙස්සන්තර රජුට වැඳලා කියනවා ''ස්වාමීනි මම අසවල් ප්‍රදේශයේ ඉඳලයි පැමිණියේ. මම ඔබෙන් යමක් ඉල්ලගන්නයි ආවේ''. කියලා කියනවා. එවිට වෙස්සන්තර රජු '' ඔව් බමුණ නුඹට කුමක්ද මගෙන් අවශ්‍ය'' කියලා. එවිට ජූජක බමුණා වට පිට බලලා කියනවා ''ස්වාමීනී, මගේ නිවසේ බැළ මෙහෙවර කරන්න නුඹේ දරුවන් දෙදෙනා ඉල්ලා ගන්නයි මම ආවේ'' කියලා. රජ පදවියත් සියලු සම්පත් අතහැරිය, ජීවිතය වුණත් දන්දෙන්න සූදානමින් හිටපු මේ වෙස්සන්තර රජුගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්න පටන් ගත්ත. '' අනේ මගේ මේ පුංචි දරුවන් දෙදෙනා මොහුට කෙසේ නම් දං දෙන්නද? සත් අවුරුදු වියෙහි පසු වන මේ කිරිකැටි දරුවන් දෙදෙනාව බැලමෙහෙවරට මම දෙන්නේ කොහොමද?'' අර පුංචි ජාලිය හා ක්‍රිෂ්ණජිනා තමන්ගේ දරුවන් දෙදෙනා ගැන සිතන්නට වුනා.
ඒ වෙලාවේ ජූජක බමුණා කියනවා ''ස්වාමීනි, බුදු බව පතන ඔබ ඉල්ලන ඕනෑම දෙයක් දන් දෙනවා කියලයි මම අසා තියෙන්නේ'' කියලා. එහිදී වෙසතුරු රජු තවත් අසරණ වෙනවා.
අවසානයේ '' කමක් නැහැ පුතුනි ලොව වෙසෙන සියලු සත්වයෝ මට මාගේ දරුවෝය. එබැවින් ඔබ දෙදෙනා ඇතුළු සියලු සත්වයන් වෙනුවෙන් මම නුඹලා දෙදෙනාව දං දෙනවා. නුඹලා දෙදෙනාට මෙය දුකක් වුවත් මම මතු දවසක සදා කාලිකව මේ සසර දුකින් නුඹලාව නිදහස් කරවන්නම්'' මෙහෙම කල්පනා කරලා දරුවෝ දෙන්නව හොයනවා. මේ වෙලාවේ අර පුංචි දරුවෝ දෙන්නා විලකට බැහැලා හැංගිලා හිටියේ. දරුවෝ දෙන්නව එක්කං ඇවිත් අතපැන් වක්කරලා ජූජක බමුණාට දං දෙනවා. නමුත් වෙසතුරු රජුගේ දෙනෙතේ කඳුළු වැගිරෙනවා. තාත්තා කෙනෙකුට තමන්ගේ ලෙයින් බිහිවුන දරුවන් තරම් වටින සම්පතක් නැහැ. ඒ දරු සෙනෙහස බොසත් වරයෙක් වුණත් වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හදවතටත් දැනුනා. එහිදී අර පුංචි දරුවන් දෙදෙනා පිටත්ව යන්නට සැරසී තමන්ගේ තාත්තාගේ දෙපා අල්ලගෙන වඳිනකොට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හදවත දැවෙන්නට පටන් ගත්තා. කඳුළු වගුරුවමින් වෙස්සන්තර රජ්ජුරුවෝ අර පුංචි දරුවන් දෙදෙනාට කියනවා ''මගේ ආදරණීය පුතුනි සියලු සත්වයන් වෙනුවෙන් ඔබලා දෙදෙනා දං දෙනු මිස නුඹලාට අනාදරයෙන් නොවේ'' කියලා කියනවා. ඒ පුංචි දරුවන් දෙදෙනා රජුගේ දෙපා වඳින කොට ඒ දරුවන් දෙදෙනාගේ දෙනෙතින් වැටුණු කඳුළුවලින් රජුගේ දෙපා තෙත් වුනා. බමුණා ඉදිරියේ අසරණ වූ රජුට කළ හැකි දෙයක් වූයේ නැහැ.
මස් ඉල්ලුවොත් මස් ටිකත් ඇස් ඉල්ලුවොත් ඇස් දෙකත් ජීවිතය ඉල්ලුවොල් ජීවිතයත් දං දෙන්න හිතපු, ලොව්තුරා බුදු පදවිය තරම් උතුම් පදවිය ලබන්නට දාන පාරමිතාව පිරූ වෙස්සන්තර මහ රජු තමන්ගේ දරුවන් ඉල්ලපු වෙලාවේ අසරණ වෙනවා. ඒ කියන්නේ සැබෑ පියෙකුට තමන්ගේ ජීවිතයටත් වඩා තමන්ගේ ලෙයින් උපන් තම දරුවන් වටිනවා කියන එක නේද? එසේ නම් අපි අපේ තාත්තලාට කොච්චර ආදරේ කරන්න ඕනෙද? ගරු කරන්න ඕනෙද? සලකන්න ඕනේද...?
වෙස්සන්තර රජ්ජුරුවන් හැටියට ඉපදුනු අපේ බෝසතාණන් වහන්සේ බුදු බව පතාගෙන දාන පාරමිතාව පුරපු හැටි අපි හොඳින් දන්නවා. සාමාන්‍යයෙන් කවුරුහරි අද වුනත් දනට පිනට ළැදිව තමන් සතු දේ අන්‍යයන්ට දං දෙනවා නම් අපි ඔහුට කියනවා වෙස්සන්තර රජ්ජුරුවෝ වගෙයි කියලා. ඒ තරම්ම වෙස්සන්තර රජු දාන පාරමිතාව පුරලා තියෙනවා.
තමන්ට හිමි වෙලා තිබුණ රජ පදවියත් අතහැරදාලා, රජ මැඳුරු හා සියලු වස්තු සම්පත් එපා කියලා ඒවත් අතහැරිය වෙස්සන්තර රජු තවුස් දම් පුරන්න වනාන්තරයට යන්න සැරසෙන කොට මන්ද්‍රී දේවියත් පුංචි කිරිකැටි දරුවන් දෙන්නත් වෙස්සන්තර රජු හා වනයට යන්න සූදානම් වෙනවා. ඒ අයව රජ මැඳුරේ නවත්වන්න වෙස්සන්තර රජු කොච්චර උත්සහ කළත් නවත්වන්න බැරි වෙනවා. අවසානයේ වෙස්සන්තර රජු, මන්ද්‍රී බිසවත් දරුවන් දෙදෙනාත් සමග රජ මැඳුර හැරදා වනගත වෙන්නට පිටත් වුනා.
වෙස්සන්තර රජු එහෙම කල්පනා කරමින් ඉන්න වෙලාවේ ජූජක බමුණා වෙස්සන්තර රජු ළඟට පැමිණෙනවා. ජූජක බමුණා වෙස්සන්තර රජුට වැඳලා කියනවා ''ස්වාමීනි මම අසවල් ප්‍රදේශයේ ඉඳලයි පැමිණියේ. මම ඔබෙන් යමක් ඉල්ලගන්නයි ආවේ''. කියලා කියනවා. එවිට වෙස්සන්තර රජු '' ඔව් බමුණ නුඹට කුමක්ද මගෙන් අවශ්‍ය'' කියලා. එවිට ජූජක බමුණා වට පිට බලලා කියනවා ''ස්වාමීනී, මගේ නිවසේ බැළ මෙහෙවර කරන්න නුඹේ දරුවන් දෙදෙනා ඉල්ලා ගන්නයි මම ආවේ'' කියලා. රජ පදවියත් සියලු සම්පත් අතහැරිය, ජීවිතය වුණත් දන්දෙන්න සූදානමින් හිටපු මේ වෙස්සන්තර රජුගේ දෙනෙතින් කඳුළු කඩා හැලෙන්න පටන් ගත්ත. '' අනේ මගේ මේ පුංචි දරුවන් දෙදෙනා මොහුට කෙසේ නම් දං දෙන්නද? සත් අවුරුදු වියෙහි පසු වන මේ කිරිකැටි දරුවන් දෙදෙනාව බැලමෙහෙවරට මම දෙන්නේ කොහොමද?'' අර පුංචි ජාලිය හා ක්‍රිෂ්ණජිනා තමන්ගේ දරුවන් දෙදෙනා ගැන සිතන්නට වුනා.
ඒ වෙලාවේ ජූජක බමුණා කියනවා ''ස්වාමීනි, බුදු බව පතන ඔබ ඉල්ලන ඕනෑම දෙයක් දන් දෙනවා කියලයි මම අසා තියෙන්නේ'' කියලා. එහිදී වෙසතුරු රජු තවත් අසරණ වෙනවා.
අවසානයේ '' කමක් නැහැ පුතුනි ලොව වෙසෙන සියලු සත්වයෝ මට මාගේ දරුවෝය. එබැවින් ඔබ දෙදෙනා ඇතුළු සියලු සත්වයන් වෙනුවෙන් මම නුඹලා දෙදෙනාව දං දෙනවා. නුඹලා දෙදෙනාට මෙය දුකක් වුවත් මම මතු දවසක සදා කාලිකව මේ සසර දුකින් නුඹලාව නිදහස් කරවන්නම්'' මෙහෙම කල්පනා කරලා දරුවෝ දෙන්නව හොයනවා. මේ වෙලාවේ අර පුංචි දරුවෝ දෙන්නා විලකට බැහැලා හැංගිලා හිටියේ. දරුවෝ දෙන්නව එක්කං ඇවිත් අතපැන් වක්කරලා ජූජක බමුණාට දං දෙනවා. නමුත් වෙසතුරු රජුගේ දෙනෙතේ කඳුළු වැගිරෙනවා. තාත්තා කෙනෙකුට තමන්ගේ ලෙයින් බිහිවුන දරුවන් තරම් වටින සම්පතක් නැහැ. ඒ දරු සෙනෙහස බොසත් වරයෙක් වුණත් වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හදවතටත් දැනුනා. එහිදී අර පුංචි දරුවන් දෙදෙනා පිටත්ව යන්නට සැරසී තමන්ගේ තාත්තාගේ දෙපා අල්ලගෙන වඳිනකොට වෙස්සන්තර රජ්ජුරුවන්ගේ හදවත දැවෙන්නට පටන් ගත්තා. කඳුළු වගුරුවමින් වෙස්සන්තර රජ්ජුරුවෝ අර පුංචි දරුවන් දෙදෙනාට කියනවා ''මගේ ආදරණීය පුතුනි සියලු සත්වයන් වෙනුවෙන් ඔබලා දෙදෙනා දං දෙනු මිස නුඹලාට අනාදරයෙන් නොවේ'' කියලා කියනවා. ඒ පුංචි දරුවන් දෙදෙනා රජුගේ දෙපා වඳින කොට ඒ දරුවන් දෙදෙනාගේ දෙනෙතින් වැටුණු කඳුළුවලින් රජුගේ දෙපා තෙත් වුනා. බමුණා ඉදිරියේ අසරණ වූ රජුට කළ හැකි දෙයක් වූයේ නැහැ.
මස් ඉල්ලුවොත් මස් ටිකත් ඇස් ඉල්ලුවොත් ඇස් දෙකත් ජීවිතය ඉල්ලුවොල් ජීවිතයත් දං දෙන්න හිතපු, ලොව්තුරා බුදු පදවිය තරම් උතුම් පදවිය ලබන්නට දාන පාරමිතාව පිරූ වෙස්සන්තර මහ රජු තමන්ගේ දරුවන් ඉල්ලපු වෙලාවේ අසරණ වෙනවා. ඒ කියන්නේ සැබෑ පියෙකුට තමන්ගේ ජීවිතයටත් වඩා තමන්ගේ ලෙයින් උපන් තම දරුවන් වටිනවා කියන එක නේද? එසේ නම් අපි අපේ තාත්තලාට කොච්චර ආදරේ කරන්න ඕනෙද? ගරු කරන්න ඕනෙද? සලකන්න ඕනේද...?
වෙස්සන්තර මහ රජු තම ජාලිය හා ක්‍රිෂ්ණජිනා නම් වූ තම දරුවන් දෙදෙනා ජූජක බමුණාට දංදීම...
පිය සෙනෙහස ගැන ඔබට දැනෙන දේ ඔබට සිතෙන දේ අපට ලියන්න....
ගඟසිරිපුර ධම්මාලෝක හිමි
ඔබට සම්මා සම්බුදු සරණයි...
ගොඩක් හොද ලිපියක්
ReplyDeleteඑදා මට පෙනුනෙ ඔබව හතුරෙක් වාගෙයි තාත්තෙ
ReplyDeleteඅද මට ඔබ පෙනෙන්නෙ දෙවියෙක් වගෙයි තාත්තේ
තාත්තලාගේ සෙනෙහස ලෝකෙට පේන්නේ හරි අඩුවෙන්
ඒකට හේතුව පිරිමි තමන්ගෙ සෙනෙහස සිතේ හිර කරගෙන
ඉන්න නිසා.
godak watina lipiyak ape hamuduruwane...mewan uthum karyan tawa tawath kireemata oba wahanseta yoda bala yoda shaktiya labewa...theruwan saranai.....
ReplyDeletelassana watina lipiyak hamuduruwane.. thawath me wage lipi liyanne... piyaneni ma nawatha uppannoth akara u me sansare... obema du wewa... BS..
ReplyDeleteපියාණනි මා නැවත උපන්නොත්
ReplyDeleteඅපාර වූ මේ සංසාරේ
ඔබේම පුතු වේවා