Friday, February 15, 2013

2013 වසරේ සිදු කිරීමට අපේක්ෂිත සමාජ සත්කාර්යයන්...

                 අපේ සංවිධානයේ සාංවත්සරික උත්සවය තිබුණ නිසා මේ මාස එකහමාරේ සමාජ සත්කාර්යයන් කරන්න පුළුවන් උනේ නැහැ. ඔන්න අපි මේ අවුරුද්දේ කරන්න බලාපොරොත්තු වන ඉලක්කගත වැඩසටහන් මාලාව. මෙම වසරේ දෙසැම්බර් මස 25 වන දා වන විට පහත සියලු කටයුතු නිමාකරන්නට අපි බලාපොරොත්තු වනවා. පසුගිය වසරේ අපි ළමුන් 883 උදෙසා පොත්පත් බෙදාදී පාසලක් නවීකරණය කරන්නට යෙදුනා. එසේම ගලහා හිනුගල නමැති දුප්පත් ගමකට පෙරපාසල් ගොඩනැගිල්ලක් ඉදිකර දුන් අතර බදුල්ල කොහොනාවෙල ගමේ දරුවන්ට සහ ගමේ අයට පොත්පත්, නිල ඇඳුම් හා වියලි සලාක බෙදා දුන්නා. එම වැඩසටහන්වල ඡායාරූප හා තොරතුරු ප්‍රජාසත්කාර නමින් මෙම බ්ලොග් පිටුවෙහි පළකර ඇත.

නගරයෙහි වෙසෙන ඔබේ දරුවාට හිමි පාසල් පහසුකම්වලින් සියයට දහයක් වත් ඇතැම් ගම්මානවල දරුවන්ට නැත. අප නගරයේ දරුවෙක්ගේ අධ්‍යාපනය වෙනුවෙන් මසකට රු 10000 පමණ වියදම් කරන විට ගමේ අය තම පවුලේ කටයුතු සඳහාවත් එවැනි මුදලක් වැය නොකරයි. ගතට හරිහැටි ඇඳුමක් නැති, ලියන්නට පෑනක් පැන්සලක් පොතක් නැති දුකසේ ජීවත් වන දරුවන් මේ රටේ කොච්චර නම් ඉන්නවද. ජාතිය වෙනුවෙන් මහා උජාරුවට හඬ නගන අප මෙවැනි අපේම අහිංසක දරුවන් වෙනුවෙන් මොනවාද කර ඇත්තේ යැයි සමාජයෙන් විමසිය යුතුව ඇත. අනුන්ගෙන් අපට පළක් නැත. අපි අපට හැකි ලෙසින් එදා පටන් අපේ අහිංසක ජනතාව වෙනුවෙන් මෙම සත්කාර්යයන් සිදුකරගෙන ආවෙමු. දිනෙන් දින මෙම වැඩපිළිවළ පුළුල් වනවා මිස කිසි දිනෙක නතර කරන්නට අපේ අදහසක් නැත. ඔබත් ඔබ දුක් විඳ සොයන මුදලින් සුළු කොටසක් හෝ වසරකට එක් දරුවෙන් වෙනුවෙන් වත් යම් පරිතයාගයක් කරන්න. එය කියා නිම කළ නොහැකි පිංකමක් සේම සිතට දැනෙන සතුට ද කියා නිම කළ නොහැක. අප අපට හැකි ලෙසින් මේ වසරේද සුපුරුදු ලෙසින් රටේ අහිංසක දරුවන්ට පිහිට වන්නට තීරණය කලෙමු. හැකි නම් ඔබත් අපට සහය වන්න. නැතිනම් අප යන මගෙහි ඔබත් පිය මනින්න. එය සැබෑ ජාත්‍යාලයයි.

              කැමති නම් මෙම වසරේ අප සිදුකරන සමාජ සත්කාර්යයන් සඳහා ඔබටත් ශ්‍රමයෙන් හෝ හැකි ලෙස මූල්‍යමය වශයෙන් අපට සහය වන්නට පුළුවනි.
අමතන්න  0714-962050
අපේ ඉලක්කගත වාර්ෂික වැඩපිළිවළ පහතින් දක්වා ඇත.

01 දුප්පත් ළමුන් 1000  උදෙසා පාසල් උපකරණ බෙදාදීම

02 දුෂ්කර පළාත්හි පාසල් 5 ක් නවීකරණය කිරීම

03 මාපිය වන්දනා වැඩසටහන් 20 පමණ සිදුකිරීම

04 දළදා වන්දනාව බොදු පිංවතුන් අතර ප්‍රචලිත කිරීම සඳහා දළදා වන්දනාව නමැති පූජා කෘතියේ පිටපත් 10.000 ක් නොමිලයේ බෙදාහැරීම

05 දෙසැම්බර් මස 25 දා සවස 3 ට මහනුවර නගරයේ සිට දළදා මාළිගාවට පෙරහැරක් හා සවස 4 ට නෙළුම් මල් 10.000 ක් දළදා වහන්සේට පූජා කර දළදා වන්දනාව පැවැත්වීම

මෙවැනි ළමුන්ට තම අධ්‍යාපන කටයුතු සඳහා උපකාර කිරීම හා අධ්‍යාපනයේ ඇති වටිනාකම වටහාදීම අපගේ ඒකායන අරමුණයි.
මේ පිලිබඳව ඔබේ අදහස් පහතින් දක්වන්න.
ඔබට දළදා සමිඳු පිහිටයි.

3 comments:

  1. itha honda wedak.....tharuna sahayoogaya thawa thawath nomasuruwa lebewaaaa! Budusaranai!

    ReplyDelete
  2. ඉතාම හොද වැඩක්

    (asela prasanna thambuththegama)

    ReplyDelete

ඔබේ අදහස් අගයමු