Wednesday, June 25, 2014

භික්ෂූන් වහන්සේලා පිරිහරණය කරන පාත්‍රා කළුකරගන්නා අයුරු පියවර 02 (22 photos)

ඔබේ මිතුරන්ටත් බලන්න ෂෙයාර් කරන්න....
මින් පෙර පාත්‍රය කළුකරන්නට අවශය තලතෙල් පිළියෙළ කරගන්නා ආකාරය ඡායාරූප සමග පලකළා... වැඩකටයුතු අධික නිසා එහි දෙවන පියවර නිමාකරන්න කාලය ගතවුණා. ඔන්න අද දෙවන පියවර නිමාකළා. මේ ඒ ගැනයි. භික්ෂූන් වහන්සේ පිරිහරණය කරන පාත්‍රා පරිහරණය සඳහා පිරිසිදුව කළුපාට කරගැනීම සඳහා අනුගමනය කළ යුතු පියවර තුනකි..
01 තලතෙල් හින්දවීම...(පදමට සකසා ගැනීම)
02 පාත්‍රය පුච්චා පිරිසිදු කරගැනීම
03 පාත්‍රය කළු කිරීම යනුවෙනි...
මේ පාත්‍රය පුච්චා පිරිසිදුකරගන්නා ආකාරය ගැනයි. සුදුසු ස්ථානයක් තෝරාගෙන එහි දහයියා ගොඩක් ගසා එහි පාත්‍රය තබා පාත්‍රය දහයියා ගොඩින් වැසිය යුතුය. ඉන්පසු දහයියාගොඩ ගිනි තැබිය යුතුවේ. පැය කිහිපයක් යන විට දහයියා ගොඩ ගිනිගෙන අලුබවට පත්වන අතර පාත්‍රයේ මින් පෙර ආලේප කිතිබූ ද්‍රව්‍ය (ලැකර්) සහ මලකඩ ආදිය පිලිස්සී යයි. ඉන්පස් ගඩොල් කුඩු ටිකක් ගෙන පොල් මුණ් ප්‍රත්‍රය පිරිමැද පිරිසුදු කළ යුතුය. ගඩොල් කුඩු සමග දෙයි ටිකක් මිශ්‍ර කිරීමෙන් මලකඩ හොඳින් ඉවත් කරගත හැකිය. කිහිප විටක් එසේ ගඩොල් කුඩුවලින් පාත්‍රය මැදිය යුතු අතර ඉන් පසු වතුරෙන් සෝදා පාත්‍රය වේලාගත යුතුය. එය පාත්‍රය කළුකිරීමේදී අනුගමනය කළයුතු දෙවන පියවරයි. මෙහි ඒ සම්බන්ධ ඡායාරූප ඇත. පාත්‍රය තලතෙල් භාවිතයෙන් කළුකරගන්නා ආකාරය දින කිහිපයකින් ඉදිරිපත් කරන්නම්..ඔබේ මිතුරන්ටද මෙය ලබා දෙන්න.. ඔබ සැමට තෙරුවන් සරණයි...!!! 





















ඔබේ අදහස් පහතින් දක්වන්න...

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු