Saturday, June 7, 2014

අතිශය සුන්දර ගම්මානයක් වූ උඩුදුම්බර පදුපොළ ගමේ දරුවන්ට පාසල් උපකරණ බෙදාදෙන්නට අපි ඊයේ එහි ගියෙමු...

please share this...
හිතවත් මිතුරනි, අපි ඊයේ 2014-06-07 දින අප හෙළවිජය තරුණ සංවිධානයේ ‘‘තුරුණු පාරමී“ සමාජ සත්කාරක වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් සිදුකළෙමු. ඒ උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අතිසුන්දර ප්‍රදේශයක පිහිටි පදුපොළ ගම්මානයේය. සවස 6 ට සියලු ගම්වැසියන් උදෙසා ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් ධර්මානුශාසනයක් පැවැත් වූවා. එහිදී ධර්ම දේශනාව සඳහා පිරිකර වශයෙන් අප සංවිධානය මගින් පිරුවාණා පොත් වහන්සේ නමක් සූදානම් කර තිබූ අතර එම පිරුවානා පොත් වහන්සේ සහ ලැබුණු පුණ්‍යාධාර ද ගමේ පන්සලේ හාමුදුරුවන්ට අප සංවිධානයේ සංවිධායක මහතෙකු අතින් පූජා කරනු ලැබීය. අනතුරුව ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ මූලිකත්වයෙන් පදුපොළ ගමේ ධර්මචක්‍ර දහම්පාසලේ සියලු දරුවන් උදෙසා පාසල් උපකරණ බෙදාදෙනු ලැබීය...එම උතුම් වැඩසටහන අප අපේක්ෂා කළ අයුරින් ඉතා සාර්ථකව සිදුකරන්නට අපට හැකිවිය.. මෙම වැඩසටහන රාත්‍රී 8.30 වන විට නිමාවට පත් වූ අතර මීළඟ ‘‘තුරුණු පාරමී“ වැඩසටහන තවත් මෙවැනි දුෂ්කර ප්‍රදේශයකන සිදුකරන අදහසින් අපි සැම පිටත්ව ආවෙමු...අසරණ මිනිසුන් හා දරුවන් වෙනුවෙන් මා සිදිකුරගෙන යන මෙම වැඩසටහන් සඳහා ද්‍රව්‍යමය වශයෙන් (පාසල් උපකරණවලින්) පමණක් ඔබටත් උදව්කළ හැකිනම් ඒ බව මාහට දැනුම් දෙන්න..
ගඟසිරිපුර ධම්මාලෝක හිමි..
face book - gangasiripura dhammaloka thero
071-4962050
(මෙහි පළමු පින්තූරයේ ඉන්න දරුවා අප එහි ගිය පසු මා අසළට පැමිණ ‘‘සාදු අපට තෑගි ගෙනාවද“ කියා ඇහුවා)
ඔබ සැමට තෙරුවන් සරණයි...!!!

































No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු