Wednesday, May 16, 2012

පිළිමතලාව, පමුණුව ශ්‍රී ගුණතිලකාරාම දහම් පාසලේ අප පැවැත්වූ මාපිය හරසර වන්දනා වැඩසටහන

හෙළ විජය තරුණ සංවිධානය පුංචි මල් කැකුළක්ව හටගත් කාලයේ සිදුකළ තවත් ලස්සන උතුම් පිංකමක් පිළිබදව තොරතුරකි මේ ඉදිරිපත් කරනු ලබන්නේ. ඒ පිළිමතලාව, පමුණුව ශ්‍රී ගුණතිලකාරාම දහම් පාසලේ 2010 ක් වූ ඔක්තෝබර් මස 16 වන දින අප පැවැත්වූ මාපිය හරසර වන්දනා වැඩසටහන පිළිබදවයි. මේ උතුම් වැඩසටහන එදා සාර්ථකව පවත්වනු ලැබුවේ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේ සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙනි. 

එදා අපට ශක්තියක් වූ තාරුණ්‍යය අද අපේ ජය මාවතයි.

එදා එම උත්සවයේ කැපී පෙනෙන අවස්ථා

ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් සැදැහැති පිරිස පන්සිල් සමාදන් කරවීම.


මාපිය හරසරට එක්වූ පිරිස.

දරුවන් තම මාපියන්ගේ දෙපා වන්දනා කළ මොහොත.


ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මැතිතුමන් වැඩසටහනට සහභාගීවීම.


ජයසුන්දර මැතිතුමන් ‍තම දේශනය සිදුකරමින්.

පිරිස දේශනයට සවන්දෙමින්.


පුංචි මල් කැකුළක්ව කළල් දියෙන් නැගුණු හෙළ විජය සියපත, අද සියක් පත් විහිදා මකරන්ද සලන්නේ තාරුණ්‍යයේ හෙට දවස වෙනුවෙනි. තරුණ ඔබටත් අපෙන් ආයාචනා...

තෙරුවන් සරණයි...

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු