Wednesday, June 6, 2012

ගම්පොළ ගලත මධ්‍ය මහ විද්‍යාලයේ පැවැත්වූ මාපිය හරසර වන්දනා වැඩසටහන

පසුගිය වසරේ ගම්පොළ ගලත මධ්‍ය මහා විද්‍යාලයදී අප පැවැත්වූ මාපිය හරසර වන්දනා වැඩසටහන පිළිබදව ඉදිරිපත් කරමි. හෙළ විජය තරුණ සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේ මෙම වැඩසටහන මෙහෙය වූ අතර සාරධර්ම සංවර්ධන දේශනය සදහා අප සංවිධානයෙහි ප්‍රධාන අනුශාසක, ව්‍යාපාර අධ්‍යයන ප්‍රවීණ දේශක ආචාර්ය ආනන්ද ජයතිකල ඇදුරුතුමන් ද සහභාගී විය. එම වැඩසටහනෙහි වැදගත් අවස්ථා කිහිපයකි මේ.

විදුහල්පතිතුමන් විසින් පැමිණි සිටි පිරිස පිළිගනිමින්
ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මධුසංක විසින් රැස්ව සිටි පිරිස අමතමින්
ස්වාමීන්වහන්සේ වැඩසටහන් මෙහෙයවමින්

වැඩසටහනට සහභාගී වූ පින්වතුන්ගෙන් පිරිසක්



දූදරුවන් තම මාපියන් නමස්කාර කරමින්


ආචාර්ය ආනන්ද ජයතිකල ඇදුරුතුමන් තම දේශනය සිදුකරමින්

මාපිය දූ දරු පිරිස දේශනයට සවන් දෙමින්

විද්‍යාලයේ ආචාර්ය චමිල සම්පත් ගුරුතුමන් ස්තූති කථාව සිදුකරමින්

මාපිය ගුණය සදා ලොව බැබලේවා!

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු