Wednesday, August 22, 2012

මනුෂ්‍යත්වයේ පාඩම...


පූජිත් ජයසුන්දර
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති

             මම නිතර අපේ සමාජයට කියාදෙන ජීවිතයට වැදගත් පුංචි කථාවක් අද ඔබට කියලා දෙන්න කල්පනා කළා. ඒ තමයි මනුෂ්‍යත්වයනමැති පාඩම. අපි අහලා තියෙනවා ‘‘මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීමයි’’ කියලා ප්‍රකාශයක්. ඒක අපේ කනට බොහොම හුරු ප්‍රකාශයක්. ඉංග්‍රීසි භාෂාවේ තියෙනවා empathy කියලා වචනයක්. මේ වචනයේ තේරුම තමයි ‘‘සහකම්පනයඑහෙම නැත්නම් සරලව කියනවානම් මම ඔබ නම්කියන අර්ථය තමයි මේ වචනේ ගැබ් වෙලා තියෙන්නේ.
             අපේ ජීවිතය සාර්ථක හා සමාජයට හිතකර රටේ ලෝකයේ කවුරුත් අගයන ජීවිතයක් බවට පත්කරගන්න මේ වදන ගොඩක් වැදගත් වෙනවා. ඒ වගේ ලෝකයේ මිනිසුන් අතර පවතින වෛරය ඉරිසියාව ක්‍රෝධය ආදී මේ හැම එකකටම මේ වදන හොඳම විසඳුම කියලා මම හිතනවා. අපි කාටහරි මිනිසෙකුට හෝ තිරිසන් සතෙකුට උනත් යම් හිරිහැරයක් කරන විට ඒ හිරිහැරයට ලක්වෙන කෙනා දුකක් විඳින්නේ. මොහොතක් හිතන්න ඒ හිරිහැරයට ලක්වුනේ මම නම් මම කොච්චර අසරණ වෙනවාද. හිතන්න ඔබ පාරේ ඇවිදගෙන යනකොට අසරණ මනුස්සයෙක් දවස් ගානක් බඩගින්නේ ඉඳලා කෑමක් නැතිව ඔබ ළඟට ඇවිත් උදව්වක් ඉල්ලනවා. ඒ වෙලාවට ඔබ හිතන්න ඕනේ ඒ අසරණ මනුස්සයා ඔබ වුනා නම් ඔබ කොච්චර අසරණ ද කියලා. ඔබට මම පුංචි කථාවකින් මේ මනුෂ්‍යත්වයේ පාඩම මේ විදිහට කියලා දෙන්නම්.
           ඔන්න එක දවසක් එක ගෙදරකට හොරු කණ්ඩායමක් පනිනවා. මේ ගෙදර ඉන්නේ අවුරුදු 40 පිරිමියෙක්, ඔහුගේ භාර්යාව සහ අවුරුදු 18 විතර දියණියක්. මහ රෑ මේ ගෙදරට පැනපු මේ හොරු කල්ලිය ඒ ගෙදර මනුස්සයාට හොදටම පහරදීලා අත්පා බැඳලා දානවා. ඊට පස්සේ ඒ මනුස්සයාගේ බිරිඳටත් බිම වැටෙනකම් හොඳටම පහරදීලා ඇය එතැනම මැරිලා. ඒ ගෙදර හිටපු ඔහුගේ දුවව ඇස්පනාපිටම දූෂණය කරනවා. එහිදී දියණියත් මරණයට පත්වෙනවා. ඊට පස්සේ ඒ හොරු කල්ලිය ගෙදර තියෙන රත්තරං බඩු, මුදල් මේ හැම දෙයක්ම පැහැරගෙන යනවා. දැන් බිරිඳයි දුවයි මැරිලා වැටිලා ඉන්නවා. පහුවදා එළිය වැටීගෙන එනකොට මේ මනුස්සයා යාන්තම් තමන් බැඳලා දාපු අත් පා ලිහාගන්නවා. මේ මනුස්සයාට මේවා කියන්න කෙනෙක් නැහැ. බිරිඳයි දුවයි මැරිලා, තිබුණ මුදල් හා වටිනා කියන හැම දෙයක්ම හොරු පැහැරගෙන ගිහිල්ලා. එළියට ඇවිදින් බලද්දි වාහනයත් අරගෙන ගිහිල්ලා.
            මේ මනුස්සයා පාරේ යන වාහනේක නැගලා අසරණකම නිසා තමන්ට උන මේ කරදරය කියන්න පළාතේ පොලිස් ලොක්කා හැටියට මාව හොයාගෙන එනවා. ඇඟ හැම තැනම තුවාල. ලේ පෙරාගෙන ඉරිච්චි ඇඳුම් ඇඳගෙන හිටපු මේ මනුස්සයා උදේ පාන්දර මගේ නිවසේ ගේට්ටුව ළඟට ඇවිල්ලා හිටගෙන ඉන්නවා. ඔන්න මේ වෙලාවේ මම හොඳට ලැහැස්ති වෙලා මේ වෙලාවේ මගේ වැදගත් ගමනක් යන්න වාහනේට නැගලා වාහනෙන් ගේට්ටුවෙන් එළියට එනවා. ඒ වෙලාවේ අර ඇඟපුරා ලේ පෙරාගත්ත අර මනුස්සයා මගේ ළඟ ඇස් දෙකේ කඳුළු පුරවගෙන අඬ අඬා තමන්ට වෙච්ච කරදරය කියනවා. මේ මනුස්සයා මට වැඳ වැඳ අඬනවා තමන්ට වෙච්ච කරදරය. බිරිඳ මැරිලා, තමන්ගේ එකම දුව ‍දූෂණය කරලා මරාදාල. මේ මනුස්සයා මේවා කිය කියා අඬද්දි මම මේ මොන කරදරයක්ද මේ උදේ පාන්දර මම වැදගත් ගමනක් යන්න පිටත් වුන වෙලාවකියලා මම මගේ ගමන ගියා නම් අනේ ඒ අසරණ අහිසංසක මනුස්සයාගේ හදවතට දැනෙන වේදනාව කොච්චරද? ඔහු මේ තමන්ට වෙච්ච දේ කියන්න වෙන කෙනෙක් නැති නිසානේ මගේ ළඟට ආවේ.
              මෙන්න මේ වෙලාවට මම කල්පනා කළ යුත්තේ ඒ අහිංසක මනුස්සයාට වුන දේ දෙවියනේ මට වුනා නම්. ඒ අහිංසක තාත්තා හිටපු තැන මම හිටියනම් ඒ කරදරය මට වුනා නම් මට දැනෙන වේදනාව අසරණ කම කොච්චරද? ඒක නිසා මට පුළුවන් වෙන්න ඕනේ මිනිසෙකු හැටියට අනෙක් මිනිස්සුන්ට කරදරයක් විපතක් වුනු ‍වෙලාවටමම ඔබ නම්ඔබ සිටින තැන මම සිටියානම් කියන මෙන්න මේ සංකල්පයෙන් බලන්න. ඔබගෙන් කවුරුහරි අසරණයෙක් උදව්වක් ඉල්ලන වෙලාවට, ඔබ කාටහරි කරදරයක් කරන්න යන විට මම මනුස්සයා වුනා නම්කියලා හිතලා  ඔහුට උදව් කරන්න ඕනේ.  අන්න එහෙම කරන්න පුළුවන්නම් හැම කෙනෙක්ම ඔබව අගයාවි. ඔබව ප්‍රිය කරාවි. ඔබට ආදරය කරාවි. අන්න ඒ මනුෂ්‍යත්වය ඔබත් ඔබේ ජීවිතයට එකතු කරගන්න.
බුදුසරණයි...

11 comments:

  1. මෙන්න මේ වෙලාවට මම කල්පනා කළ යුත්තේ ඒ අහිංසක මනුස්සයාට වුන දේ දෙවියනේ මට වුනා නම්. ඒ අහිංසක තාත්තා හිටපු තැන මම හිටියනම් ඒ කරදරය මට වුනා නම් මට දැනෙන වේදනාව අසරණ කම කොච්චරද? ඒක නිසා මට පුළුවන් වෙන්න ඕනේ මිනිසෙකු හැටියට අනෙක් මිනිස්සුන්ට කරදරයක් විපතක් වුනු ‍වෙලාවට “මම ඔබ නම්” ඔබ සිටින තැන මම සිටියානම් කියන මෙන්න මේ සංකල්පයෙන් බලන්න. ඔබගෙන් කවුරුහරි අසරණයෙක් උදව්වක් ඉල්ලන වෙලාවට, ඔබ කාටහරි කරදරයක් කරන්න යන විට “මම ඒ මනුස්සයා වුනා නම්” කියලා හිතලා ඔහුට උදව් කරන්න ඕනේ. අන්න එහෙම කරන්න පුළුවන්නම් හැම කෙනෙක්ම ඔබව අගයාවි. ඔබව ප්‍රිය කරාවි. ඔබට ආදරය කරාවි. අන්න ඒ මනුෂ්‍යත්වය ඔබත් ඔබේ ජීවිතයට එකතු කරගන්න.

    ReplyDelete
  2. අපිට අපේ රටට අපේ දරුවන්ට අවශ්‍ය ඔබතූමාවැනි පෙර ගමන් කරුවන්ය, මෙවැනි පෙරටුගාමී සංවිධානයන්ය, මෙවැනි තරුණ හිමීවරුන්ය.

    ඔබ සැමට බුද්‍රසරණයි

    ReplyDelete
  3. What Happened Next?

    ReplyDelete
    Replies
    1. your kind of shithead will come and ask the same thing you asked.

      Delete
  4. Samajayata Watina Paniwidayak, Puluwannam mehema hitala Wada Karanna, Police Department Eke Anith Ayatat Purudu Karanna Sir, ethakota Samajaye dan tiyena Duru Mata ( police ) gana Natiwei, Pujith Sir/

    ReplyDelete
  5. aththatama me gathiguna oba thuman langa thiyenawa kiyala api dannawa...

    ReplyDelete
  6. Me sanwidanaya gananam kiynna wachana na… ey tharmatama samaja mehewarak karana thothannak…. Oba wahaseta chirath kalayak me samaja sevaya karnna shakthiya dahiriya labewa… oba wata rok wee athi tharuna jawaya… oba wahnsegeth rateth bagyata haumuna pirisak… ithin hamota mama eka sithin suba pathananwa thawa thawath me wage dukedi pihita wena….. maupiyanta garu garana vandana karana saba Sinhala bauda daru pirisak ath karana….. me sanvidanaye hamatama.. vishshyanma me savoma mevani sath kriyawata yomu karna Dammaloka podi hamdurwantath niduk neerogeewa chirath kalayak me sasanika meheewara karana labewa kiyla prarthana karnawa….theruwan sarani.

    ReplyDelete
  7. ඔබ සමස්තයක් වශයෙන් සියළු දෙනාට වැදගත් පාඩමක් කියා දී තිබෙනවා. මෙය පොලිස් නිලධාරියාට පමණක් සීමා විය යුතු නෑ. මම මුහුණ දීපු සිධුවීමකුත් කියනන් දින කීපයකට කලින්. මම උදේ ඇවිදින්න ගිහින් එද්දී(ගිය සෙනසුරාදා) එක්තර පුද්ගලයෙක් ඉංග්‍රීසියෙන් කථා කර මාත් සමග කථා කල හැකිදැයි විමසා සිටිය. මම ඇවිදින ගමන්ම ඔහුට ඇහුම් කන් දුන්න. ඔහු මුලින්ම කිව්වේ තමා මත්ද්‍රව්‍ය භාවිත නොකරන අයෙක් බව. ඔහුගේ පසුම්බිය බස් රථයෙදී නැති වී ඇති බව. ඔහු වැඩ කරන්නේ තරු පහේ හෝටලයක බව. මට තේරුනා ඔහු බීමතින් සිටින බව. මම ඒ ගැන විමසා සිටි විට. ඔහු පිළිගත්තා ඔහු සිටින්නේ බීමතින් බව. ඔහු කියන දේ සත්‍ය අසත්‍ය තාව තීරණය කරන්න වෙලාවක් නොගෙනම මා ඔහු අත රුපියල් පනහක් තැබුවා. ඔහුට අවශ්‍ය බස් ගාස්තුව පමණක් බව පවසා සිටිය නිසාත් මා ළඟ එතරම් මුදලක් නැති නිසාත් මා ඔහුට් හැකි පමණ උදව් කළා. මා කියන්න යන පණිවුඩය "ඔබ ලඟට උදව් ඉල්ලගෙන පැමිණෙන්නා හොරෙකු හෝ වංචාකාරයකු යයි ඔබට හැංගී ගියත්, ඔබට කල හැකි උදව්වක් කරන්න. ඔබ රැවටුනා යයි සිතා පසුතැවිලි නොවන්න, අඩුම තරමේ ඇහුම්කන් දෙන්න" අපේ ජේෂ්ට පොලිස් අධිකාරී තුමා පවසන්නේත් එයමයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුදීක අයියා...ඔබ කියන දේ ඇත්ත. මොකද ඒ මනුස්සයා මොනා කළත් එතන ඇත්තටම අපි හිටියනම් කියලයි අපි හිතන්න ඔනේ... ‍පූජිත් මහත්තයා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නොවෙයි. එතුමා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තුමා.. ස්තූතියි. නැවත එන්න...

      Delete
  8. "oba mamanam" aththatama mamath me de anugamanaya karala thiyanwa...minissunge yatharthaya aduna ganna saha manussayekuta udawwak karanna hitha hadaganna puluwan hoda method ekak

    ReplyDelete

ඔබේ අදහස් අගයමු