Sunday, August 19, 2012

අම්බුළුවා කඳු මුදුනේ පැවති කාව්‍යමය ධර්ම දේශනාව...

ගෙවීගිය පොසොන් මාසයෙහි ලංකාව පුරා ආගමික වැඩසටහන් සිදුවූ අතර රාජ්‍ය අනුග්‍රහයෙන් පැවති ජාතික පොසොන් උත්සවය පැවතියේ ගඟසිරිපුරවරයෙහි මනරම් අම්බුළුවා කඳු මුදුනේය. දෙදහසකට වැඩි පිරිසක් සීල සමාදානයෙහි නිරත වූ අතර මෙම උතුම් පිංකම සංවිධානය කරන ලද්දේ අග්‍රාමාත්‍ය තුමන්ගේ අදහසකට අනුවය. මෙම පිංකමේ තවත් එක් අරමුණක් නම් 83 වෙනි උපන්දිනය සැමරූ වර්තමාන අප රටෙහි අගමැති තුමන් ලෙස කටයුතු කරන දී.මූ ජයරත්න මැතිඳුන්ට ආශීර්වාද කිරීමයි. මෙම පිංකම් මාලාව වෙනුවෙන් උදෑසන ධර්ම දේශනාව පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසින් පැවැත්වූ අතර දහවල් කාව්‍යමය ධර්ම දේශනාව අප හෙළවිජය තරුණ සංවිධානයේ නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් පවත්වන්නට යෙදුණි. එම පුණ්‍ය අවස්ථාවෙහි ගත් ඡායාරූප කිහිපයක් ද පහතින් දක්වා ඇත.
අම්බුළුවාවේ ඉදිවූ චෛත්‍යරාජයාණන්...
අගමැති සම්බන්ධීකරණ නිලධාරියා විසින් දේශකයාණන් වහන්සේව පිළිගනිමින්...




තෙරුවන් නැමදීම...





කාව්‍යමය ධර්ම දේශනාව ශ්‍රවණය කරන පෙහෙවස් සමාදන් වූ පිංවතුන්...
මහවැලි නදිය ගලා බස්නා ගඟසිරිපුරවරය අම්බුළුවා කඳු මුදුනට දිස් වන අයුරු...
ධර්ම දේශනාව සිදුකරමින්...
ගතින් තැන තැන විසිර සිතින් එක්තැන්ව බණ අසනා උවැසියන්...
නිමාවෙන් පසු නික්මීම...
සැමට බුදුසරණයි...

3 comments:

  1. ගොඩක් අගෙයි

    ReplyDelete
  2. siyalu denata budu sarani.

    ReplyDelete
  3. Ape podi hamuduruvantath helavijaya tharuna sanvidanayatath jaya sri ma bo samidhu pihitai...


    (Asela Prasanna - Thambuththegama)

    ReplyDelete

ඔබේ අදහස් අගයමු