Friday, November 2, 2012

හිරු නොපායන කොහොනාවෙල ගමට හිරුත් එක්ක ගිය ගමන...

              ඔන්න හිරු ටීවි එකේ දවස් 4ක් එක දිගට අපේ රටේ ඉතා දුෂ්කර ගම්මානයක් පිළිබඳව රටට කීවා. ගමේ නම කොහොනාවෙල. බදුල්ලට ගිහින් පස්සරට ගොස් පස්සරින් මඩොල්සිම කියන නගරයට යන්න ඕනේ. එම නගරයේ සිට කි.මී 2ක් විතර වාහනයෙන් ගොස් එතැන් සිට කඳු පල්ලම් බසිමින් හෙළදිගේ පහලට කිමී 10 ක් යන්න ඕන්. හරියට ළිඳකට බහිනවා වාගේ තමයි. ළමයි පාසල් යන්න කි මී 9 ගිහින් පාසල් ඇරී නැවත ගෙදර එන්න කිමී 9 පහලට බහින්න ඔනේ. 1818 වෙල්ලස්ස කැරැල්ලේදී ඉංග්‍රීසීන් බදුල්ල ප්‍රදේශයේ ජනතාව සමූලඝාතනය කරතිබේ. එසේම සමහර සිංහලයින්ව එක්තරා සියඹලා ගසක කකුල් දෙකෙන් එල්ලා යට ගිනි ගොඩවල් ගසා පුච්ඡා තිබේ. අන්න ඒ කාලයේ ඉංග්‍රීසීන්ට බියේ අපේ සමහර අය ජීවිත ආරක්ෂාවට කැලෑවලට පැන්නා. අන්න එහෙම පැනගිය අයගෙන් තමයි මේ ගම ඇති වෙලා තියෙන්නේ. ඒ අයගෙන් පැවතෙන අය තමයි මේ කොහොනාවල කියන ගමේ ජීවත්වන්නේ. හරිම අහිංසක ඒත් ශක්තිමත් හා නිරෝගිමත් ජනතාවක් තමයි මෙහෙ ජීවත් වන්නේ. අවුරුදු 100=110 අතර ප්‍රමාණයක් සාමාන්‍යයෙන් මනුස්සයෙක් මේ ගමේ ජීවත් වෙනවාලු. නමුත් නගරයට පොලොස් ටිකක් ගෙනැත් විකුණලා කමයි මේ ගමේ අය ජීළුත් වන්නේ. දරුවන්ට උගන්වන්නේත් එහෙමයි. හිරු රූපවාහිණියෙන් මෙම ගම රටට පෙන්වද්දී එය නැරඹූ ගඟසිරිපුර හිමියන් ප්‍රධාන සංවිධාක සමග එක්ව ඒ මොහොතේම හිරු රූපවාහිනියට කථාකර තොරතුරු ලබාගත්තා. දින දෙකක් නික්ම යන්නට මත්තෙන් අපේ සංවිධානයේ පිරිසක් හිරු මාධ්‍යයත් සමග ඒ ගමට ගියා. ඒ නිකං නොවෙයි. අපේ සංවිධානය දරුවන්ගේ අනාගතයට අත දෙන සංවිධානයක් හැටියට ඒ ගමේ දරුවන්ට උදව් කරන්නයි එහෙ ගියේ. හැබැයි මේ ගමනෙදි ගමේ හැමෝටමත් අපි උදව් කළා. ලොකුවට නොවෙයි තරුණ අපට පුළුවන් විදිහට. ළමුන් හැමෝටම නව වසරට අවශ්‍ය වන අභ්‍යාසපොත් පෑන් පැන්සල් හා නිල ඇඳුම් මසාගන්න අවශ්‍ය සුදුරෙදිත් අපි ඔවුන්ට දුන්නා. ඒ වගේම ගමේ හැම පවුලකටම කුඩා බඩු මල්ලක් දුන්නා. ඇත්තටම මේ ගම පිහිටි තැනත් කඳුයායෙන් වටවුන මේ ප්‍රදේශය අපේ රටේ තවත් අතිශය සුන්දර ගම්මානයක්. කියන්න වචන නැහැ. තවත් දිනෙක අපි ඒ ගමට යනවා. ඒ ගමට යන්න පාරක් නැහැ. මිනිස්සුන්ට වඳින්න පුදන්න පංසලක් කියා‍  පුදුපිලිමයක්වත් නැහැ. පෙරපාසල් නැහැ. රටපුරා පංසල් වල මාලිගා ඉදිවෙනවා. අහස උසට දාගැබ් බඳිනවා. රන් වැටවල් රන් වියන් බෝධියට ඉදිවෙනවා. ඒත් මේ අපේ මිනිසුන්ට වඳින්න බුදු පිලිමයක් නැහැ. ඔබත් ඒ ගමේ අයට උදව් කරන්න කැමති නම් අපට කථාකරන්න.( 071-4962050 ගඟසිරිපුර ධම්මාලෝක හිමි) මේ බ්ලොග් එකේ විමසීම් පිටුවේ අපව සම්බන්ද කරගන්න අවශ්‍ය තොරුතුරු තියෙනවා. උදව් කරන්න පුළුවනි නම් අපට ලියන්න. ඔබට හැකිනම් එහි ගොස් හෝ ඔවුන්ට උදව් කරන්න. 2012ග නොවැම්බර් 03 රාත්‍රී 7 හිරු නාලිකාවේ ප්‍රවෘති ප්‍රකාශයේදී අප කොහොනාවලට ගොස් සිදුකළ වැඩසටහන ඔබට බලාගන්න පුළුවනි.

කොහොනාවෙල ගමට යන්න අප ගමන් ඇරඹූ අවස්ථාව
කොහොනාවෙල ගමට අප ගමන් කළ ආකාරය
කඳු අතරක පිහිටි එම ගම්මානය අප එහි යන විට දිස් වූ අයුරු. මෙතැන්සිට එම ගමට තවත් කි මී 5 පමණ දුරක් යායුතුය
දුෂ්කර හා ඉතා අවධානම් මාවත ඔස්සේ කිසි අපහසුවක් නොමැතිව ගමේ වැඩිහිටියන් අප ගෙන ගිය භාණ්ඩ රැගෙන යන අයුරු
පාසලේ 10 හා 8 ශ්‍රේණිවල ඉගෙනුම ලබන දරුවන් දෙදෙනෙක් පැමිණ තම වැඩිහිටියන්ට උපකාර කළ අයුරු
කි.මී පහක් පමණ පල්ලම් බැස ඇතිවන වෙහෙස නිවා ගැනීම සඳහා ගම් වැසියන් විවේක ගන්නා අම්බලම. අප ද එහි විනාඩි 10 පමණ නතර වී සිටියා
කඳු අතර පිහිටි ගම්මානය අම්බලමේ සිටි අපට දිස් වූ හැටි. ළඟ සේ පෙනුනාය තවත් පැයක් පමණ දුර යායුතුයි
පැය තුනකට පසුව අපි කොහොනාවල ගමට ළඟා වුනා. ගමන ඉතා දුෂ්කරයි. ඒත් ප්‍රදේශයේ ඇති අති සුන්දර පරිසරය නිසාත් එහි වෙසෙන්නේ අපේම මිනිසුන් නිසාත් ඒ විඩාව අපේ සිතටත් අපේ ගතටත් අමතක වෙලා තිබුනා. හිතට දැනුනු සංවේගය වචනයෙන් කිව නොහැකියි. අපි එනබව දැනගෙන ගමේ මිනිසුන් හැමෝම පුජාශාලාවට පැමිණ සිටියා.
පාසලේ ඉගෙනුම ලබන පුංචි දූ දරුවන්. අපි එහෙට ගියේ මේ දරුවන් නිසාමයි. ඔවුන්ට උදව්කරන්න.
පිරිස පන්සිල් සමාදන් කරවමින්ම අ‍පි වැඩසටහන පටන්ගත්තා
ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් ගමේ දෙමව්පියන්ටත් දරුවන්ටත් ඉලක්කයක් ඇතිව මහන්සිවෙලා වැඩකරමින් ජීවිතය දිනන්නට ඔවුන්ට ඉතා සංවේදී අනුශාසනාවක් කරනු ලැබුවා.
අනුශාසනාවෙන් පසුව ගඟසිරිපුර හිමියන්ගමේ දූදරුවන් උදෙසා නව වසරට අවශ්‍ය පොත්පත් හා නිල ඇඳුම් සඳහා රෙදි ලබා දුන් අයුරු
මැදපිටියේ ඉන්දසිරි හිමියන් ළමුන් උදෙසා පොත්පත් හා පාසල් නිල ඇඳුම් රෙදි ලබාදෙමින්.


ගමේ පවුල් 52 යි. අපි එම පවුල් 52 ට පුංචි පාර්සලයක් ලබා‍දෙනු ලැබුවා
ගමේ අය
පුංචි දරුවන්ට පිරිත් නූලක් බඳින්නත් අපි අමතක කළේ නැහැ.

වැඩසටහන නිමාවට පත්කර අප එම ගමේ අයගෙන් සමුඅරගෙන එන්න පිටත්වුනා. හිතට ලොකු දුකක් දැනුනා එම ප්‍රදේශයත් ජනතාවත් දරුවනුත් අතැරදමා එන්න. ඒත් ඔවුන්ට උදව්කරන්න ලැබීම ගැන හිතින් ලොකු සතුටක් වින්දා. එන අතර මගදි අප ගත් ඡායාරූප කිහිපයක්.
අපේ හෙළවිජය සංවිධානයෙන් එම ගමට ගිය සිව් දෙනා.
අපි ගමට යනකොට ගම පිහිටි ස්ථානය කඳු උඩට පෙනුනේ මෙහෙමයි.
අපි ගමෙන් එනකොට ගම පිහිටි ස්ථානය කඳු උඩට පෙනුනේ මෙහෙමයි.
අපේ ජීවිතවලත් අප තරුණ සංවිධානයේත් සමාජ සත්කාර්යයන් අතර තවත් එක සොඳුරු නිමේෂයක නිමාව...
හෙළවිජය තරුණ සංවිධානය

නැවත හමුවෙමි. තෙරුවන් සරණයි...

14 comments:

  1. wesesita wadak.....oba siyalu denatama godak pin...මේ ධර්ම දානමය කුසලය උතුම් චතුරාර්‍යසත්‍යය අවබෝධය පිණිසම හේතු වේවා...!!

    ReplyDelete
  2. සබ්බේතියෝ විවජ්ජන්තු .....
    සබ්බරොගෝ විනස්සතු.....
    මාතේ බවතු අන්තරායෝ......
    සුකී දිගයු කෝ බව.....

    me uthum pinkama sadaha mulikathwaya gena katayuthukala apehamuduruwan ethulu karya mandalayatath,dayakakaaradintath mepin bala mahimayen sethak shanthiyakma ath wewa...theruwan saranin siyalu dewi rakawaranin mewan uthum pinkam thawa thawath kireemata yoda bala yoda shakthiya labewa....jaya sri....chiran jeewathu !!!!!

    ReplyDelete
  3. aththatama godak wedagath wedak idiriyedi apith me sadaha puluwan akarayen udau karanna balaporoththu wenawa siyalu denata theruwan saranayi

    ReplyDelete
  4. අපිට වෙලාවකට ලැජ්ජත් හිතෙනවා.ඇයි අපේ මනස එහෙම දේකට යොදවන්න නැත්තේ කියලා.එකත් පවක්.
    සම්මා සම්බුදු සරණයි.

    ReplyDelete
  5. oba sama denata theruwan sarana labenna one..... uthum wadakata uthum prathipalama labenna one.........

    ReplyDelete
  6. බොහොම පින් ඇති වැඩක්.

    ReplyDelete
  7. සහය උන සියල්ලන්ට පින්සිද්ධ වෙච්චාවේ

    ReplyDelete
  8. Hoda Wedak ,Thawa Me Wage Weda godak Karanna Hekiyawa Lebewa....Godak Pin..

    ReplyDelete
  9. උතුම් කුසලයක් වගේම නියම ගමනක්. මට මැවිලා පෙනවා ගමන ගිය හැටි මේ ලස්සන පරිසරය අතරින්.ඊලඟ පාරනම් මටත් අඬගහනවා හොඳයි ගමනක් යන්න කලියෙන්.

    කවුරැ කවුරැත්
    නිරෝගී වේවා෴දීර්ඝායු වේවා෴ සැප වේවා෴චිරං ජයතු!!!

    ReplyDelete
  10. ape tattat me game ipadunu kenek kiwwot kaurut viswasa karaida danne nehaaeth aetta aeka tamai.namut den api inne madolsima kittiwa gallola kiyan game.mamanam yawenne auruddakata seray desarayk vitarai.aet me game ahinsak minissu hema chanda kaletama rawattanawa.monawa hari dena ganna ona nam magen ahanna

    ReplyDelete
  11. මටත් සතුටුයි ඔබ වහන්සේලාගේ සත්කාරයට දායක වෙන්න ලැබුණු එකට.මොකද මම මේ ලිපිය දැකල ඒක Elakiri කියන forum එකේ දැම්ම.මේ තියෙන්නේ ඒකට link එක.http://www.elakiri.com/forum/showthread.php?t=1530498 මේක දැකල පිටරටක සිටින මහත්මයෙක් මට කතා කරලා ඇහුව ඔබවහන්සේලව සම්බන්ධ කරගන්නේ කොහොමද කියල.මම ඊට පස්සේ ඔබවහන්සේගේ තොරතුරු මේ වෙබ් අඩවියෙන්ම අරගෙන දුන්න.ඔහු කිව්වා ඔබවහන්සේලාට කතා කරලා තවත් පරිත්‍යාගයක් මේ ගමට කරන්න සැලසුම් කරගත්ත කියල.ඒක ඇහුවම මට සතුටු හිතුන මමත් යම් ආකාරයකින් මේකට දායක වුන කියල.ඔබ වහන්සේලාට පින්.

    ReplyDelete
  12. මඩොල්සිම සම්භන්ධයෙන් මටත් ඇත්තේ සුන්දර මතකයක්... රාජකාරී කටයුත්තක් සදහා අප කීප දෙනෙකුට එම ප්‍රදේශයට යෑමට සිදුවුනු අතර එදිනම දහවල් වන විට බිබිලට යෑමට අප සැලසුම් කරගෙන සිටියා...මඩොල්සිම මාරගයේ දුශ්කරතාව නොදැන සිටි අපි සිතියමෙන් පමන්ක දුර තීරනය කර මෙය කල හැකි දෙයක් ලෙස සිතුවා..නමුත් මඩොල්සිම ගමන ලංකාවේ හුදකලාව කොත‍රැම්දැයි අපට වටහා දෙනුලැබුවා..

    අපි නැවත බිබිලට යෑමට පස්සරට පැමින යා යුතුව තිබුනා..මඩොල්සිම දෙමල ගම වැසියන්ද අපට කීවේ බිබ්ලට යෑමට ඇති මාර්ගය එය බවයි..නමුත් ලංකා සිතියෙමේ ඉතා කිඩා පරක් සටහන් වී තිබුනා.ගම්වැසින්ය්න්ගේන් එවැනි පාරක් විමසූ විට එවැන්නක් ඔවුන් සදහන් කලේ නෑ...නමුත් කීප දෙනෙකුගේ උදව්වෙන් අප එම පාර සොයා ගත්තා..ඒය තාර පුළුටක් නැති වැස්ස කාලේට ගගක් වෙන පාරක්...පැය ගනනන්ක් ගත කර පස්සර හරහා බිබිලට යෑමට සිට්ය අපි මේ අහඹු පාරෙන මිනිත්‍ටු 15 කින් බිබිලට ලඟා උනා.එය ඉතා අවදානම් පාරක්..නමුත් ෆෝවීල් කැබ් රථය අපව ගමනාන්තය දක්ක්වා ගෙන ගියා...

    විනාඩි පහලවක් වැනි කෙටි කල්ලයක් තුලා කන් පැලෙන් සීතල දේශගුනයක් සිට දාඩිය වැක් කෙරෙන් බිබිලට පල්ලම් බැහැපු ගමන් මගේ ජීවීතයේ අමතක නොවන ගමනක්......

    ReplyDelete

ඔබේ අදහස් අගයමු