Wednesday, May 16, 2012

නව වසරට සෙත් පතනා දළදා හිමි වන්දනා

හෙළ විජය තරුණ සංවිධානය 2012 නව වර්ෂය වෙනුවෙන් ලෝවැසි දනන් වෙත උතුම් දළදා සමිදුන්ගේ පිහිටාශීර්වාදය ප්‍රාර්ථනා කරමින් දසදහසක් නෙළුම් මලින් ශ්‍රී දන්ත ධාතූන්වහන්සේ පුදමින් පැවැත්වූ "නව වසරට සෙත් පතනා දළදා හිමි වන්දනා" ආශීර්වාදාත්මක වන්දනා වැඩ‍සටහන පිළිබදව සමාලෝචනයයි මේ.



මෙම උතුම් වන්දනා වැඩසටහන 2011/12/31 වන දින සවස 4.00 සිට 6.00 දක්වා මහනුවර දළදා මාලිගා පුදබිමෙහි වැල්බෝ සමිඳුන් අභියසදී පැවැත්වීය. මෙම මහඟු පින්කම මෙහෙයවන ලද්දේ, උතුම් පරමාර්ථයන් පෙරදැරිකර ගෙන බිහිකරන ලද්දාවූ හෙළ විජය පදනමේ නිර්මාතෘ පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන් වහන්සේ විසිනි.

මේ පුන්‍යකර්මයේ සුවිශේෂ අවස්ථා කිහිපයක් ඔබගේ පහන් සංවේගය පිණිස අප පළ කරන්නෙමු.

* පූජාව සදහා නෙළුම් මල් වට්ටි සැකසීම



* පුද පෙරහරින් නෙළුම් මල් බෝ සමිඳුන් වෙත වැඩම වීම.


* මල් වට්ටි පූජාසනය මත තැන්පත් කිරීම.


* හෙළ විජය තරූණ සංවිධානයේ ප්‍රධාන සංවිධායක තුෂාර රුවන් මධුංසක මහතා විසින් උත්සවයේ මෙහෙයවීම් කටයුතු සිදුකරමින්.

* හෙළ විජය තරූණ සංවිධානයේ ගරු සභාපති නිපුන් දිනේෂ්  මහතා විසින් මේ උතුම් පිංකමෙහි අරමුණ හා තාරුණ්‍යයේ අගය රැස්ව සිටි පිරිසට  පැහැදිලි කරමින්.


* මෙම සංවිධානයේ අනුශාසක පූජ්‍ය ය‍හලේගෙදර සිරිසුමන ස්වාමීන්වහන්සේ විසින් අනුශාසනාව සිදුකල මොහොත


* පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක ස්වාමීන්වහන්සේ දළදා වන්දනා පූජාව පවත්වන අවස්ථාවයි මේ.


* මෙම උතුම් පිංකමට සහභාගී වූ මේජර් ජනරාල් මනෝ පෙරේරා, ආචාර්ය ආනන්ද ජයතිලක ඇඳුරුතුමන් ඇතුළු සැදැහැති පිංවත් පිරිස






* සැදැහැවතුන් උදෙසා ආශිර්වාදාත්මක පිරිත් නූල් බෙදාදීමේ අවස්ථාව


මෙවන් උතුම් පුන්‍යකර්මයන් පිළිබදව තොරතුරු ඉදිරියෙදිත් ඔබ වෙතට ලබාදීමට අපි බලාපොරොත්තුවන්නෙමු.

2 comments:

ඔබේ අදහස් අගයමු