Thursday, February 5, 2015

හන්තානට ඇසෙන සුමිහිරි නාදය. ඔබත් දකින්න. hanthana sandagiri maha viharaya

please share this album with ur friends..
සඳගිරි විහාරයට අපගේ හිතවතුන්ගෙන් විවිධාකාර වූ උපකාරයන් ලැබුණා. විහාරස්ථානයට අවශ්‍යම අංගයක් වූ ඝණ්ඨායක් පසුගිය පෙබරවාරි 01 වෙනිදා දින තිළිණි සඳමාලි මහත්මිය විසින් පූජාකරනු ලැබුවා. ඒ අප හිතවත් චතුර සමරසිංහ මහතාගෙන් අප විහාරස්ථානය පිළිබඳව දැනගැනීමෙන් පසුවය. විටින් විට මීදුමෙන් වට වන සුන්දර කඳු මුදුනේ පිහිටි මෙම පිංබිමට පැමිණි බොහෝ දෙනා ඝණ්ඨාරය දැකිනා විට සිරීපාදය සිහිපත් වන බවය. එය අපට මහත් ආශීර්වාදයකි. ඝණ්ඨාරය නාදවන විට හන්තාන කඳු මුදුන සිසාරා එය රැව් පිළිරැව් දෙයි. තිළිණි සඳමාලි මහත්මිය විසින් පූජා කළ ඝණ්ඨාරය මෙසේ තාවකාලික ඉදිකිරීමක් මත සවි කළෙමු. මෙම පරිත්‍යාගය සඳහා සහ ඉදිකිරීම සඳහා උපකාර වූ සැමට පිං සිදුවේවා.
ඔබත් විටෙක මෙම පිං බිමට පැමිණෙන්න. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!





No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු