Friday, February 13, 2015

hanthana sandagiri maha viharaya හන්තාන සඳගිරි මහ විහාරයේ කැලය මැද සමාධි බුද්ධ ප්‍රතිමා දෙකක්

please share this album....
gangasiripura dhammaloka thero
Tel - 071-4962050
Email - sandagirimahaviharaya@gmail.com
හන්තාන සඳගිරි මහ විහාරය ආරම්භ කොට දින තුන හතරකින් මෙම පුදබිමට බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනමක් වැඩමවීමේ අවශ්‍යතාව මතුවුණා.ඒ පෙබරවාරි 3 වන දින පැවති නෙලුම් මල් දස දහසේ පූජාව සඳහා. ඒම ප්‍රතිමා වහන්සෙලා ලබාගැනීමේ අවශ්‍යතාව මතුව දින දෙකකට පමණ පසු මුහුණු පොතෙන් මාගේ විහාරස්ථානයේ කටයුතු පිළිබඳ ඡායාරූප දුටු මහනුවර ළමා පුස්තකලායේ සේවයෙහි නියුතු අප හිතවත් ශ්‍රියානි මහත්මිය සඳගිරි විහාරයට බුද්ධ ප්‍රතිමා වහන්සෙලා දෙනමක් ලබාදීමට ඇය අදහස් කළ බව සිහිපත් කළා.. ඒ අනුව නෙලුම් මල් පූජාව සඳහා ඇය ලබාදෙන්නට පොරොන්දු වූ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනම වැඩමවූවා. ඔබ නිරන්තරයෙන් සඳගිරි මහ විහාරයේ ඡායාරූපවල දකින ධවල වර්ණ බුද්ධ ප්‍රතිමා වහන්සේලා දෙනම තමයි ඒ. ඇත්තටම මෙම සමාධි බුදු පිළිම වහන්සේලා දෙනම වැඩම වූවායින් පසු අප සඳගිරි මහ විහාරයේ ඇති සුන්දරත්වය තව තවත් වැඩි වූවා. පාරිසරික සුන්දරත්වයෙන් හෙබි මෙම පුදබිමට එම බුද්ධ ප්‍රතිමා වහන්සේලා ආලෝකයකි. ස්වභාවික පරිසරයෙහි කළු වර්ණයෙන් යුතු ගල් ආසන ද්විත්වයක් මත බුද්ධ ප්‍රතිමා තැන්පත් කොට ඇත. ජීවී පරිසරය තුළ අජීවි බුදු පිළිමයක් තැන්පත් කොට ඇති විට පරිසරය මෙතරම් සුන්දර වන්නේ නම් ජීවමාන බුදුහාමුදුරුවන් හිමවත් අරණෙහි, ගිජුකුළු පව්වෙහි, ඉසිපතනයෙහි සමවතින් වැඩසිටි විට පරිසරය කෙතරම් රමණීය වන්නට ඇත්ද.. සඳගිරි මහ විහාරයට පැමිණෙන සියලු බැතිමතුන්ගේ වන්දනාවට පාත්‍ර වන මෙම බුදු පිළිම වහන්සේලා දෙනම අප විහාරයට එක් කළේ ශාන්ත බවකි. පැමිණෙන්නන් තුළ ශ්‍රද්ධාවන්ත සිතුවිලි නිරායාසයෙන්ම ජනනය විය. පසුගිය දිනෙක දහවල් බුද්ධ පූජා පිංකම සිදුකිරීමෙන් පසුව මම ඡායාරූප කිහිපයක් ගතිමි. මේ එම ඡායාරූප ය.පිංවන්ත ඔබත් හැකි විටක හන්තාන කඳු වළල්ල මැද පිහිටි මෙම පුදබිම වෙත හැකි විටෙක පැමිණෙන්න.ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!





No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු