Tuesday, July 1, 2014

පාත්‍රය සැකසීම මෙසේ නිමාවට පත්විය... බලන්න අනිවාරයෙන්.. ඔබට මෙය අලුත් අත්දැකීමක් සහ නව දැනුමක් වේවි... 03 අදියරෙ (17 photos)

please share thsi...
භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන යකඩ පාත්‍රා කලුපාට කරගන්නා ආකාරය පියවර තුනක් බව මම මුලින් පැහැදිලි කළා. එම පියවරවල් තුන නම්
01 තලතෙල් හින්දවීම...(පදමට සකසා ගැනීම)
02 පාත්‍රය පුච්චා පිරිසිදු කරගැනීම
03 පාත්‍රය කළු කිරීම යනුවෙනි...
මින් 01 තලතෙල් හින්දවීම, 02 පාත්‍රය පුච්ඡා පිරිසිදු කරගැනීම පිළිබඳ මින් පෙර පැහැදිලි කළා. එහිදී තලතෙල් සකස්කරගන්නා ආකාරය හා දහයියා භාවිතයෙන් පාත්‍රය පුච්ඡා පිරිසිදු කරගන්නා ආකාරය පැහැදිලි කළා. සකස්කරගත් තලලෙත් භාවිතයෙන් පිරිසිදු කරගත් පාත්‍රය පාට කරගන්නා ආකාරය අද ඉදිරිපත් කරන්නම්. මේ පෝස්ට් එකෙන් පාත්‍රය කලුකරන ආකාරය ඉදිරිපත් කිරීම නිමාවට පත්වෙනවා... පෙර පරිදිම ලිපක් සකසාගෙන යකඩ තැටියක් සහ රාස්පානක් සූදානම් කරගෙන සකස්කළ ලිපෙහි යකඩ තැටිය තබා ගින්දර දැමිය යුතුය. පාත්‍රය සෝදා එහි තෙත ගතිය යනතෙක් අව්වේ හො ලිපමත ඇති තැටියෙහි තබා හෝ වේලාගත යුතුය. ඒ සඳහා තැටිය මත වළංකටු තුනක් තබා ගන්නෙමු. වේලාගත් පාත්‍රය මත තලතෙල් බින්දු කිහිපයක් දමා එම තෙල් බින්දු කිහිපයෙන් පාත්‍රය හොඳින් පිරිමැදිය යුතුය. සම්පූර්ණ පාත්‍රයම තෙල් වලින් පිරිමැද ලිපමත ඇති තැටියෙහි වළංකටු තුන උඩ තබා රාස්පානෙන් වැසිය යුතු. ඉන්පසු හොඳින් ගින්දර දැමීම සිදුවේ. එසේ තෙල් තවරා පිරිමැඳ තෙවරක් පමණ පාත්‍රය තැටියෙහි තබා රත්කරගත් පසු පාත්‍රය භාවිතයට සුදුසු තත්වයට පත්වේ. ඉතා කලුපැහැයට පැමිණෙන පාත්‍රයෙන් තලතෙල් සුවඳ වහනය වේ. මෙහි අහාර අනුභව කිරීමෙන් ශරීරයට කිසිදු අපද්‍රව්‍යයක් ඇතුළු නොවේ... මෙහි අවසාන පින්තූරයෙන් තලතෙල් ගා නිමාවට පත් කළ පාත්‍රය දැකගත හැකිය...(භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන සිවුරුවලට පඬුපොවා පාටකරන ආකාරය ඉක්මනින්ම ඉදිරිපත්කරන්නම් පින්තූර සමග)
තෙරුවන් සරණයි... (ගඟසිරිපුර ධම්මාලෝක හිමි)








































ගැටලු ඇත්නම් පහතින් දක්වන්න. පිලිතුරු සපයන්නම්... තෙරුවන් සරණයි...!!!

No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු