Tuesday, July 1, 2014

බ්ලොග් කියවන ඔබ වෙනුවෙන්... මොහොතක් බලන්න... upasampada punyooothsawaya... උපසම්පදා පුණ්‍යෝත්සවය

please share this....
  බ්ලොග් කියවන මිතුරු සමාජයෙහි ඔබ වෙත මෙය ඉදිරිපත් කරමි. මෙහි සිටින බොහෝ දෙනා එකම පවුලක පිරිසක් සේ මා හා කටයුතු කළ බව මා ගෞරවයෙන් සිහිපත් කරමි.
මා හැම විටම යහපත් දේ වෙනුවෙන් මෙම බ්ලොග් අඩවිය භාවිතා කළ බව ඔබ හොඳින් දන්නා බව මාගේ අදහසයි. මා සිදුකරන ධර්ම දේශනා, කාව්‍ය ධර්ම දේශනා, පාසල් උපකරණ ලබාදීම්, අධිෂ්ඨාන වන්දනා පා ගමන, සහ සෙසු සියලු වැඩසටහන්හි ඡායාරූප නරඹා, කියවා මාගේ කලණ මිතුරු ඔබ මාවෙත ඔබේ යහපත් ප්‍රතිචාරය ලබාදුන්නේය. ඒම වැඩසටහන් ඇගයීමට ලක් කළේය. අභියෝග පැමිණි විට මාහට ඔබ ශක්තියක් විය. එබැවින් මේතාක් දුර මා පැමිණි ගමන් මගේ මාහට අත්වැල සැපයූ ඔබව කවදත් මා මාතකයේ රැඳෙනු ඇත. මාගේ වැඩසටහන් නිතර නරඹන්නාවූ ඔබට මාගේ අනාගත අභිප්‍රාය කුමක්ද යන්න දැනටමත් වැටහී ඇතිවාට සැකයක් නැත. දැනට පුංචිවට මා කරගෙන යන ‘‘තුරුණු පාරමී“ නමැති අසරණ දරුවන් උදෙසා උපකාර කිරීමේ වැඩපිළිවෙළ මතුදිනෙක ලංකාව පුරා ව්‍යාප්ත වේවි. ඒ අද මා අනුගමනය කරන වැඩපිළිවෙළෙහි අනාගත ඉලක්කයයි. මේතාක් මා පැමිණි ගමනේදී මාහට උපකාර වූ සියලු දෙනා වෙත පහත ලිපිය යැවූ අතර බ්ලොග් කියවන මිතුරු ඔබ වෙත මෙසේ ඉදිරිපත් කරමි... ඔබ සැමට තෙරුවන් සරණයි...!!!
(ගඟසිරිපුර ධම්මාලෝක හිිමි) 071-4962050


No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු