Sunday, July 13, 2014

ගඟසිරිපුර ධම්මාලෝක හිමියන්ගේ මංගල දම් දෙසුම. ඇසළ පුන් පොහෝදා සිදුවිය....(34 photos)

please share this album...
උපසම්පදාව ලැබූ මා විසින් මාගේ මංගල දම් දෙසුම ඇසළ පුන් පොහෝදා වට්ටාරන්තැන්න පුරාණ ගල්ලෙන් විහාරස්ථානයේදී සිදුකරනු ලැබීමි. විහාරස්ථ දායකකාරකාදී පිංවතුන් සහ මාගේ දුර බැහැර සිටින බොහෝ දෙනා සහ හිතවත් මිතුරු පිරිස් මෙම පිංකම සඳහා සහභාගි විය. පළමුව ගිලන්පස බුද්ධ පූජාවන් තැන්පත් කෙරිණි. ඉන්පසු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සේනාරත්න කාරියවසම් ඇදුරු තුමන් ධර්ම දේශනාවට ප්‍රථමයෙන් පිරිස අමතා මෙම පිංකමෙහි අගය පැහැදිලි කිරීමෙන් අනතුරුව ධර්ම දේශනාව පැවැත්විණි. ධර්ම දේශනාව අවසානයේ ‘‘ධර්ම දානය“ නමැති දහම් කෘතිය සුනේත්‍රා කරුණාතිලක මහත්මිය විසින් පැමිණි පිරිස උදෙසා නොමිලයේ බෙදාහරිනු ලැබිණි... මංගල දම් දෙසුම වීඩියෝ පටය හැකි ඉක්මනින් ඔබ වෙත ලබා දෙන්නම්... ඔබ සැමට තෙරුවන් සරණයි...
ගඟසිරිපුර ධම්මාලෝක හිමි...
 
































1 comment:

ඔබේ අදහස් අගයමු