Sunday, February 8, 2015

හන්තාන සඳගිරි මහ විහාරයට පැමිණි චතුර ප්‍රමුඛ තරුණ පිරිස.hanthana sandagiri maha viharaya

සඳගිරි මහ වෙහෙරට පැමිණි චතුර ප්‍රමුඛ තරුණ සැදැහැවතුන් පිරිස....
හන්තාන සඳගිරි මහ විහාරයෙහි ඉදිරි වැඩකටයුතු සඳහා හැකි අයුරින් උපකාර වන ලෙස මොරටු විශ්වවිද්‍යාලයේ ජෙ කථිකාචාර්ය කිත්සිරි සමරසිංහ මහතාට මම සිහිපත් කළෙමි. ඒ අනුව පසුගිය ජනවාරි 31 ඉරුදින එතුමන්ගේ පුතු චතුර සමරසිංහ ඇතුළු පිංවත් තරුණ පිරිස හන්තාන අඩවියේ පිහිටි අප විහාරස්ථානයට පැමිණ මා හමු වී ඉදිරි කටයුතු සඳහා ධන පරිත්‍යාගයක් සිදුකළහ. එය අප විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා විශාල ශක්තියකි. එමෙන්ම විහාරස්ථානයට අවශ්‍යව පැවති ඝණ්ඨාරය ද අපට ලැබුණේ චතුර සම්බන්ධ වීමෙන් පසුව ඔහුගේ මග පෙන්වීම යටතේ ය. චතුර ඇතුළු කණ්ඩායම අප විහාරස්ථානයට පැමිීණීම සහ ඔවුන් විසින් සිදුකළ සත්කාරය පිළිබඳව ඔවුන්ගේ මුහුණු පොතෙහි පළකොට තිබූ ඡායාරූප සමූහයම මම ද මෙසේ උපටා දක්වමි. මෙම පින්තූර මගින් අප විහාරස්ථානය අවට ස්වභාවයද පැහැදිලිව දැකගත හැකිය. සැබවින්ම මෙසේ අප හා සම වයසේ පසුවන ඔබ වැනි අයගෙන් මෙම පුදබිම සඳහා ආධාර උපකාර මෙන්ම සහභාගීත්වය අපගේ අනාගත අභිප්‍රායන් මල්ඵල ගන්වන්නකි. එමෙන්ම තවත් වසර කිහිපයකින් හන්තාන ගිරි සිඛරයේ පිහිටි මෙම සඳගිරි මහ විහාරයෙන් ලක් දෙරණ සිසාරා ගෞතම මුනිඳුන්ගේ දම් සිසිල ගලා හැලෙනා කල්හිත් මනුෂ්‍යත්වය මුල් කරගත් බොහෝ සත්කාරයන් මෙම පුදබිමෙන් ව්‍යාප්ත වන විටත් පුද බිමට මුල් ගල් තබන්නට ප්‍රථම අප ලෑලි කුටියේ වෙසෙන සමයේ මෙසේ පැමිණි චතුර ඇතුළු පිරිසට ලැබිය හැකි සතුට කෙතරම් දැයි ඔබට සිතාගත හැකිය. එය එසේම සිදු වේවා. මෙම සඳගිරි විහාරය කේන්ද්‍ර ‍කොටගෙන අප මත දින ක්‍රියාත්මක කරන වැඩපිළිවෙළ කුමක් ද යන්න පසුගිය වසරවල අපගේ වැඩසටහන් නිරීක්ෂණය කිරීමෙන් ඔබට වටහාගත හැකිය.චතුර සමරසිංහ ඇතුළු ඔබ සැමගේ සියලු පැතුම් ඉටු වේවා. ඔබ සැමට දළදා සමිඳු පිහිටයි...!!!
පිංවන්ත ඔබට ද හැකියාවක් ඇත් නම් මෙම පුදබිම වෙත බැති සිතින් පිය මනිනා ලෙස මෙත් සිතින් ඇරයුම් කරමි. එමෙන්ම හැකියාවක් ඇත්නම් ද්‍රව්‍යමය වශයෙන් ඉදිකිරීම් සඳහා උපකාර වන්න.
තෙරුවන් සරණයි...!!!
ගඟසිරිපුර ධම්මාලෝක හිමි
071-4962050













































 


2 comments:

  1. ඔෙබ් අදහස් මල්ඵල ගැන්වී බුදු දහම ෙලාව බැබෙල්වා

    ReplyDelete
  2. ස්වභාවික සුන්දරත්වය විනාශ නොවන ලෙස අනාගත විහාරස්ථානය ඉදි කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු