Tuesday, February 10, 2015

hanthana හන්තානේ කඳු මුදුන සිසිරා බුදුගුණ හඬ පතුරා

හන්තාන සඳගිරි මහ විහාරය වැඩකටයුතු ආරම්භ කළ දිනයේ පටන් අපගේ හිතවත් පිංවතුන් විහාරස්ථානයේ කටයුතු සඳහා විවිධ ආකාරයෙන් උපකාර කළා. මේ අතර අබුඩාබි රටේ සේවයෙහි නියුතු මා හිතවත් උපුල් ප්‍රියදර්ශන මහතා තමන්ගේ මියගිය ආදරණීය සොහොයුරාණන් වූ හර්ෂ කුමාර මහතා සිහි කරමින් විහාරස්ථානයට අත්‍යවශ්‍ය වූ ශබ්දවාහිනී යන්ත්‍ර කට්ටලය රු 50.000 පනස් දහසක මුදලක් යොදවා අරගෙන දුන්නා. පසුගිය සෙනසුරාදා දින සවස පැවති බෝධි පූජා පිංකම සඳහා එය භාවිතා කළ අතර ඊට ප්‍රථමයෙන් දළදා වන්දනා කවි එමගින් විකාශය කළා. මෙම ශබ්දවාහිනී යන්ත්‍ර කට්ටලය අපවෙත පූජා කළ උපුල් ප්‍රියදර්ශන මහතාටත් ඔබ සැමටත් ශබ්දවාහිනී යන්ත්‍ර කට්ටල භාවිතය හා අප විහාරස්ථානයේ ස්වභාවය දැකබලා ගැනීම සඳහා මෙම වීඩියෝ පටය ඉදිරිපත් කරමි.මෙමගින් ඔබට අප විහාරස්ථානයේ පිහිටා ඇත්තේ කෙතරම් සුන්දර පරිසරයක ද යන්න තවදුරටත් වටහාගත හැකිය. ඔබටත් යම් හැකියාවක් ඇත්නම් හන්තාන සඳගිරි මහා විහාරස්ථානයේ ඉදිරි කටයුතු සඳහා උපකාර වන්න. මෙම පූජාව සිදුකළ උපුල් මහතා ඇතුළු පවුලේ සැමට ඔබ සැමටත් දළදා සමිඳු පිහිටයි...!!!
071-4962050 ගඟසිරිපුර ධම්මාලෝක හිමි


1 comment:

  1. පොඩි හාමුදුරුවනේ ඔය මෝඩ වැඩේ කරන්න එපා.සන්සුන් ආරාමයක් බවට ඔය ස්ථානය පත් කරගන්න උත්සහ කරන්න.ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය අත්හරින්න.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු