Tuesday, May 27, 2014

භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන පාත්‍රා කළුකරගන්නා ආකාරය ඔබ දන්නවාද (15 photos)

please share this...

භික්ෂූන් වහන්සේලා පරිහරණය කරන පාත්‍රා කළුකරගන්නා ආකාරය ඔබ දන්නවාද...?
අද සාමාන්‍යයෙන් යකඩ පාත්‍ර කළුපාටින් දිස්වීම සඳහා ලැකර් ආදී විවිධ ද්‍රව්‍ය ආලේප කොට ඇත.. ඒවා විෂ සහිතය.. කල් නොපවතියි.. දන් වළඳන විට එම ආලේප ආහාර සමග මිශ්‍ර වේ.. අතීතයේ පාත්‍ර කළුකර ඇත්තේ තලතෙල්වලිනි.. ඒවා අප ආහාරයට පවා ගන්නා අතර විෂ රහිත බව දනිමු... එය අතීතයේ සිට පැවති සම්ප්‍රදායයි... මේ ඒ ගැනයි...
තව මාසයකින් පමණ මම උපසම්පදා වෙනවා. එබැවින් අතීත සම්ප්‍රදායට අනුකූලව පාත්‍රයක් සකසා ගත යුතුය.. අද එහි වැඩ පටන්ගත්තා.. ඒ ගැන ඔබට කෙටියෙන් විස්තර කියන්නට මම තීරණය කළා...
පාත්‍රයක් කළුකිරීම (පාට කිරීම) සඳහා අනුගමනය කළ යුතු පිළිවෙත් තුනකි...

01 තලතෙල් හින්දවීම...(පදමට සකසා ගැනීම)
02 පාත්‍රය පිරිසිදු කරගැනීම
03 පාත්‍රය කළු කිරීම යනුවෙනි...
අද මෙම පියවර තුනෙන් පළමු පියවර මම අනුගමනය කළෙමි... ඒ මෙසේය. තලතෙල් හිඳවීම සඳහා මැටි කළයක්, තලතෙල්, හුඹස් මැටි සහ පොල් කූරක් ආදිය අවශ්‍ය වේ. පළමුව හුඹස් මැටි සොයා එවා ජලයෙන් අනාගත යුතුය...ඉන්පසු අඟලක් පමණ ගණකමට කළය මැටියෙන් ආවරණය කළ යුතුය. කළයේ කට තෙක් ආවරණයකොට තලතෙල් කළයට දැමිය යුතුවේ.. ඉන්පස් කළයේ කට වටා රෙදි පටියක් තවරා සිදුරු සහිත පොල් කටුවක් මුණින් අත හරවා කළයේ කට වැසිය යුතුය.. ඉන්පසු පොල්කටුවේ උඩින් ඇති සිදුර විවෘතව තිබෙන සේ කළයේ උඩකොටස ද මැටියෙන් වසා පොල්කූර සිදුරට දැමිය යුතුය... ඉන්පසු සාදාගත් ලිපෙහි තෙල් සහිත කළය තබා ගින්දර දැමිය යුතුවේ.. කළයේ ඇති තලතෙල් ප්‍රමාණය අනුව කළයේ ගින්දර සහිතව ලිපෙහි තැබිය යුතු. තලතෙල් බෝතලයක් පමණ අප දැමූ නිසා පැය 8 ක් පමණ ලිපමත කළය තබා ගින්දර දැමිය යුතුය... පොල්කටු සිදුරෙන් දැමූ පොල් ඉරටුව මගින් තලතෙල් වල පදම දැනගත හැකිය..














No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු