Thursday, May 29, 2014

ලොකු පංසල්වලට ලැබෙන මුදල් වලින් අසරණ මිනිසුන්ට උපකාර කළ යුතුයි නේද...? ඒත් එහෙම වෙන්නේ නැහැ..

please share this....
කරුණාකර මෙය ෂෙයාර් කරන්න...
මහනුවර, උඩුදුම්බර, පදුපොළ ශ්‍රී ධර්ම චක්‍ර දහම් පාසලේ ඉගෙනුම ලබන ළමුන් සඳහා පාසල් උපකරණ බෙදාදෙන්නට සියලු කටයුතු සූදානම් කර ඇත.. එදින සවස 6ට ගම් වැසි වැඩිහිටි තරුණ සහ ළමා සියලු දෙනා වෙනුවෙන් පූජ්‍ය ගඟසිරිපුර ධම්මාලෝක හිමියන් විසින් සුවිශේෂී ධර්ම දේශනයක් සිදුකරන අතර ඉන් පසුව ළමුන් උදෙසා පාසල් උපකරණ පිරිනැමීම සිදුවේ. මෙම වැඩසටහන් සිදුකරනුයේ ගම්දනව්හි වෙසෙන අපේම ආදරණීය මව් පියන් හා ඔවුන්ගේ දරුවන්ගේ සතුට හා යහපත වෙනුවෙනි.. එය අපේ වගකීම බව මාගේ අදහසයි...
ඔබටත් මෙම වැඩසටහන් සඳහා කැමති නම් පාසල් උපකරණ අප වෙත ලබාදීමෙන් සහාය විය හැකිය...
071-4962050 (ගඟසිරිපුර ධම්මාලෝක හිමි)
තෙරුවන් සරණයි...!!!

1 comment:

  1. දුෂ්කර විහාරස්ථාන වෙත හැකි අයුරින් උදව් කිරීමට කැමතියි. ඔබ වහන්සේ දන්නා එබඳු විහාරස්ථාන තිබේ නම් කරුණාවෙන් සටහන් කරන මෙන් ඉල්ලා සිටිමු.

    තෙරුවන් සරණයි.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු