Sunday, March 2, 2014

දුටුගැමුණු සද්ධාතිස්ස යුද්ධ කළ ස්ථානයේ පිහිටි යුදගනාව වෙහෙර බැති සිතින් වන්දනා කළෙමි...

මම මේ වන්දනා පා ගමනේදී මා හට දානය පිරිනමන පිංවතුන්ට බණ කියද්දි දුටුගැමුණු රජු සිදුකළ පිණ්ඩපාතය පිලිගැන්වීමේ පිංකමක් ගැන කියා දුන්නා... ඒ කථාව සිදුවුනේ යුදගනාව මුල්කරගෙනයි... කථාව කෙටියෙන් මෙහෙමයි.... කාවන්තිස්ස සමග උරණ වෙලා දුටුගැමුණු කොත්මලේට පැනලා ගියා... ටික කාලයකින් තාත්තා මුරුණු බව දැනගන්න ලැබුණු දුටුගුමුණු රුහුණට එනකොට අම්පාරේ සිට පැමිණි සද්ධාතිස්ස ඔටුන්න... කඩොල් ඇතා හා විහාරමාහාදේවිය තමන් සමීපයට ගෙන රජකම ලබාගෙන තිබුණු... දුටුගැමුණු සද්ධාතිස්ස හා යුද වැදුණා.. මුල් සටනින් දුටුගැමුණු පැරදුනා.. ඔහු අශිවයෙකුගෙ පිටේ තම මිතුරෙකු සමග වනයකට පැන ගියා... මහවැලි ගං ඉවුර දිගේ වනාන්තරය මැදින් යන කුමරුට බඩගින්නක් දැනුවා... එහිදී තම මිතුරාගෙනා බත්පත අනුභව කරන්නට සූදානම් වී එහිවැඩි තෙර නමකට දානය බත්පාර්සලය පූජා කළා... පසුකාලීනව රජබවට පැමිණි දුටුගැමුණු සුවිසල් දාගැබ් වෙහෙර ඉදිකළා.. ඔහු මරණාසන්න හොහොතේ ථේරපුත්තාභය තෙරුන් පිංපොත කියවාගෙන යද්දී ඉහත සිදුවීම අසනවිටම රජු මහ හයියෙන් සාදුනාද දී පිංපොත කියවීම එතනින් නතරකරන්නට කිවූ බව දැක්වෙනවා... පිංපොතින් දුටුගැමුණු වඩාත් සතුටු වූ පිංකම ඉහත දානයයි... මේ සිදුවීමට මගපෑදූ යුද්ධය සිදුවූයේ යුදගනාවේ... බුත්තල සිට කි මී 2 ක් දුරින්... මම මේ විහාරය ගැන දැනසිටියේ නැහැ.. නමුත් කතරගම සිට මුතියංගණය බලා යනකොට බුත්තල හරහා යන්න වුණා... බුත්තලට පැමිණි දිනයේ රාත්‍රිය ගතකරන්න මට සුදුසු ස්ථානය වශයෙන් අපේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා යදගනාවූ සූදානම් කර තිබුණා... ඒ අනුව මා එහි වැඩම කළා... අප්‍රමාණ සතුටක් මසිතට දැනුනා... ආසියාවේ විශාලම දාගැබ මේ යුදගනා වෙහෙරයි.. මම  පසුදින පිරිත් කියා දුටුගැමුණු සද්ධාතිස්ස කාවන්තිස්ස විහාරමහාදේවිය යන රජපවුලේ උදවිය ද සිහිකොට පිං අනුමෝදන් කළා... අතීතයේ වෙහෙර ඉදිකරන්නට දහදිය වැගුරූ අයවද මසිතෙහි මැවී පෙනෙන්නට වුණා... එම පුදබිමේ අඩියක් අඩියක් පියවර තබන වරක් පාසා ‘මේ අපේ දුටුගැමුණු සද්ධාතිස්ස රජදරුවන් පයතැබූ ස්ථාන නේද යන“ සංවේගය හිතට දැනුණා.. විහාරයෙන් සමුගන්නා විට හිතට ලොකු දුකක් දැනුනා... මේ අපේ රට... ජාතිය... සම්බුද්ධ ශාසනය නගාසිටුවන්නට ලක්දෙරණේම දුටුගැමුණු රජු ඉපදේ නම් යන සිතුවිල්ල මගේ හිතේ ඇතිවුණා.. මුලු සිරුරම හිරිවැටෙන්නට පටන්ගත්තා... දෙනෙතට කදුලු බිදු නො නැග්ගා නොවේ... දුක යටපත් කොට මගේ පාගමනේ අනෙක් පුදමිබ වන මුතියංගණය බලා දහවල් 12 ට මම පිටත් වුණා... ඒ පූජිත් මහතාටත් පංසලේ කාරුණික හා සුපේසල සික්ෂාකාමී නායක හාමුදුරවන්ට ද හදවතින් පිං දෙමින්... නිවන් දකින තෙක් මේ උතුම් පිං බිමේම යලි යලිත් ඉපදේවා යන සිතුවිල්ල හැම මොහොතකම සිතෙහි මතුවේ...
























No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු