Wednesday, March 12, 2014

සෝමාවතියෙන් රාත්‍රියේම පිටත් වුණ අපට ජිමී නම් බලුපැටියාගෙන් රැකවරණ ලැබුණ හැටි...

share this...
ඔන්න අපි උදේ පාන්දරම පාගමනින් පිටත් වෙලා සෝමාවතී චෛත්ය  රාජයාණන් වහන්සේ වන්දනා කරන්න මහ වනාන්තරය මැදින් පා ගමනින් ගමන්කොට දහවල් 1-30 වෙද්දි සෝමාවතියට ළගාවුණා... අපි නා පිරිසිදු වී සවස 2-30 අධිෂ්ටාන වන්දනාව ආරම්භකොට 3-50 වන්දනාව නිමාකළා.. අපි පොලිස් මුරපොලෙන් සවස 4- 40 නැවත පොළොන්නරුවට එන්න පිටත් වුණා...ගමනාරම්භයේ සිට අඩියක් වත් වාහනයක නොගිය මම  මොන ප්ර්ශ්නය ආවත් වාහනයකට නම් නගින්නේ නැත යන අදහසින් කකුලේ වේදනාව හා ආබාධය ද ඇතිව ගමනට පිටත් වුණා...සෝමාවතිය කියන්නේ අලි ගහණ වනාන්තරයක්... වල් අලි ප්රතශනය ද හිතේ තියාගෙන පිටත් වුණා... දළදා මැදුරෙන් පටන්ගෙන කි මී 600 දුරක් මේවන විට පැමිණි මට ලැබුණු ආශීර්වාද නිසා කිසි බාධකයක් අපට නොනැගෙන බව විශ්වාසයක් තිබුණා..  මේ වනාන්තර ප්රේ දේශයේ කි මී 12 වාහනයකින් යමු යැයි කිහිපදෙනෙක් කීවා.ඒ ඔවුන් මා ගැන් හෝ මාගේ අධිෂ්ඨාන වන්දනා පා ගමනේ ස්වභාවය ගැන් තවමත් වැටහීමක් නොමැති හෙයිනි...එක්දිනයක් ඇතුළත මේ වනකතර මැදින් පා ගමනින් සෝමාවතියට ගොස් නැවත එදිනම පිටත්ව වනාන්තරයෙන් එළියට පැමිණි මෑත කාලීන වන්දනා නඩය අප වන්නට ඇත.. මා හට ලෙන්ගතු කිහිප දෙනෙක් රාත්රිනයේ මෙසේ පිටත්වීම ගැන දොස් කීවා... මේ ගමනේ ලස්සන පුංචි කථාවක් තියෙනවා.. මෙන්න ඒ කථාව... අපි සෝමාවතියට දහවල ළගා වෙනකොට එකවාගේ පුංචි බලු පැටව් දෙදෙනෙක් අප දෙසට දුවගෙන ආවා.. හරිම ප්රසශන්නයි.. හුරතල්.. මම ඒ බලු පැටවුන්ට ජිමී යැයි කථා කළා. එවිට නගුට වනමින් හරි හුරතල් ලෙස යටහත්ව ඔවුන් අප දෙස බැලුවා.. සෝමාවතියේ පොලිස් විශ්රාඒම ශාලාවට අප ඇතුළුවන තෙක් අප හා ආ බලු පැටව් දෙදෙනා නතර වුණා.. වන්දනා කොට අප නැවත පිටත් වන විට පොලිස් මුරපොල අසලදි බලු පැටව් දෙදෙනාගෙන් එක් පැටියෙක් අප හා පසු පසින් ආවා.. ඌ අතරමං වේයැයි සිතා නතරකරන්නටත් අපි උත්සාහ කළා.. මගදි අපි හම්බවුණොත් බල්ලා අලින්ට බුරලා අලි කෝප වේයැයි ඇතමෙක් කීවා. එනිසා අපි නැවත නැවතත් බල්ලා එලවන්න උත්සාහ කළා... ඒත් ඌ නෙවෙයි අපිව ගානකට ගත්තේ... අපි කමක් නැහැ කියා ගමන් කළා... සවස 6 වන විට ඇදුර වැටෙමින් තිබුණා.පාරේ යන හැමෝම අපි කවුද? ඇයි පයින්? කොහෙද යන්නේ? මොකටද යන්නේ යැයි සිතමින් මෙන් අපදෙස බැලුවා. ප්රෝශ්න කළා.. වාහනවලින් අරගෙන යන්න කථා කළා. මේ අතර එකපාරටම හමුදා නිලධාරියෙක් කීවා ඉස්සරහට යන්න එපා පාර අයිනේ ලොකු අලියෙක් කියා.. අපි තව ටිකක් ගියා. බලද්දි අඩි 9 පමණ උස මහා අලියෙක් පාර අයිනේ.. එවිට අපි ටිකක් කලබල වුණා.. අනික් හැමෝටම වාහනවලට නගින් කීවත් අපේ පිරිසේ කොල්ලේ ටික වාහනවලට නැගේ නැහැ. මා එක්කම හිටියා... වාහනයක යනවානම් හාමුදුරුවොත් යමු යැයි කීවා... කි මී 700 පා ගමනින් අධිෂ්ඨාන වන්දනා පා ගමනක් ආපු මම දන්නවා අධිෂ්ඨාන වන්දනාව පහසු නොවන බව... ජීවිත අවදානමක් තිබෙන විට පවා අපි වාහනයක නොයා යුතුයි.. එයයි අධිෂ්ඨානය කියන්නේ... මම වාහනයක ආවානම් ඒක මටම විහිලුවක් වෙනවා.. බාධක නොමැති විටක නම් පයින් යනවාට වඩා බාධක සහිත ස්ථානයක පයින් යන එක ඉතා වැදගත්.. එතනයි වටිනාකම තියෙන්නේ... කොහොම හරි ඔන්න අර අලියාව එලවන්න ට්රැ්ක්ටර් හා මෝටර් සයිකල් වලින් උත්සාහ කළත් හරිගියේ නැහැ.අලියා අපි ඉන්න පැත්තට හැරුණා.. එවිට අපි ටිකක් පිටිපස්සට ආවා... ඒත් එක්කම අලියාව දුටු අපේ බලුපැටියා ඉක්මනින්ම අලියා ළගට දුවගෙන ගියා. අපි හිතුවේ හරිතමයි කියලා.. ඒත් පුදුමය නම් බලු පැටියා එක් වතාවක් වත් බිරුවේ නැහැ..අලියා ළගට ගොස් අලියා අසලම තත්පර කිහිපයක් සිටි බලු පැටියා එතනින් කැලේ ඇතුළට ගමන් කළා. එවිට අලියාද බල්ලා පසුපසින් යන්න පටන්ගත්තා... මීටර් 100 පමණ ඈතට බල්ලා ගියා.. අලියාද එතැනටම ගියා. අපි ඉක්මනින් එම ස්ථානය පසුකරනවාත් සමගම බල්ලා නැවත කැලෙන් රිංගා අප දෙසට ආවා... එතැන් පටන් බලු පැටියා අප ඉදිරියෙන් හා පසුපසින් ගමන්කරමින් පාර දෙපස ඉවකරන්නට පටන් ගත්තා... අපි රාත්රීැ 7.30 වන විට සෝමාවතී වනාන්තරය පසුකරමින් මිනිස් වාසයට ආවා.. වනාන්තර සීමාවේදී පොලිස් හා හමුදා නිලධාරීන් අපට තේ දුන්නා.. තරුණයන්ට ලැබුණු බිසක්ට් වලින් කොටසක් ජිමී යැයි මා නම් කළ බලු පැටියා ට දුන්නා... ඌ ඒවා සතුටින් කෑවා...  අපි මිනිස් වාසයේ ගමන් අරඹන්නට නැගිටි විට මා අසලට ආ බල්පැටියාගේ හිස අතින් පිරිමැදිනා විට ඌ ඉතා ලෙන්ගතුව හැසිරෙන්නට ගත්තා..ඒත් එක්කම මාගේ අතේ ඇගිල්ලක් නොරිදෙන බල්ලා හැපුවා.. ගමන් අරඹන්නට නැගිට්ට මමත් පිරිසත් ජිමී කීවත් වනාන්තර සීමාවේ කෙළවරෙන් මෙහාට අඩියතක් වත් ඌ ආවේ නැහැ..  කි මී 12 දුර අප සමග පාගමනට එක්ව අපට ආරක්ෂාව දුන් ඒ බලු පැටියාව දිගින් දිගටම අපි කථා කළත් ඌ වනාන්තරයෙන් මෙහාට ආවේ නැත.. සෝමාවතියට යන විට අප දුටු කාර් වෑන්වල ගිය මිනිසුන්ට වඩා අර පුංචි සතාගේ අගය අපට දැනුනි. කි මී 12 නොකඩවා ඌ අප පසුපස ආවේය... මෙම සිදුවීම මේ අධිෂ්ඨාන වන්දනා පා ගමනේදී ලද අපූරු අද්දැකීමකි... එමෙන්නම සංවේදී සිදුවීමකි.. ජිමී නම් වූ බලුපැටියා කවුරුන් දැයි අපි නොදනිමු... මිහින්තලයේ සිට මම ධම්මාලෝක පොඩිහාදුරුවෝ.... ඔබ සැමට තෙරුවන් සරණයි.... 










3 comments:

  1. හාමුදුරුවන්ගේ මේ ගමනේ ලිපි සියල්ලම කියෙව්වා... හාමුදුරුවන්ගේ මේ ගමනට මමත් හදවතින්ම ආශිර්වාද කරනවා..

    ReplyDelete
  2. මේ ගමනේ ආගමික පාර්ශ්වය මොහොතකට අමතක කර කල්පනා කරමු. මේ තරුණ භික්ෂුන් වහන්සේට කොතරම් ජීවිත අත්දැකීමක් සම්භාරයක් ලැබෙන්න ඇතිද.ඔබ වහන්සේගේ අනාගත සාසනික කටයුතු සඳහා ඒ අත්දැකීම් බොහොම ප්‍රයෝජනවත් වේවි.

    ReplyDelete

ඔබේ අදහස් අගයමු