උදෑසනම යුදගනාවෙන් පිටත් වන්නට හිතුවත් එහි ඓතිහාසිකත්වය හා මා බණකියන්න යොදාගත් කථාවෙහි පසුබිමත් මෙම වෙහෙරබව දැනගත් විට උදෑසනින්ම පිටත්වන්නට නොහැකි විය... පැය දෙකක් පමණ මාගේ පා ගමනේ විස්තර පොතක සටහන්කරගෙන උදේ 9 ට පමණ නායකහාමුදුරුවන් වන්දනාකර අවසරගෙන අධිෂ්ටාන පූජාව සිදුකොට අපි 12 ට විහාරයෙන් පිටත් වුණා... තදින් හිරු රැස් දැනෙන්නට පටන් ගත්තා. විටින් විට නතරවෙමින් අපි පිටත් වුණා... මාගේ උදව්වට පැමිණි අය අව්වේ යන විට මට ද කුඩය භාවාතා කරන්නට සිතුනේ නැහැ... එබැවින් මා වටාපනේ හිස ආවරණය කර ඔවුන්ට තේක්ක කොල භාවිතා කරන ලෙස කීවා... එය වෙලාවේ හැටියට කදිම උපක්‍රමයකි... කි මී 11 දුරගෙවන විට තරුණයෙකු විත් මට නමස්කාර කළා.. ඔහු අපගේ ගමන දැන බොහෝ ගෞරවයෙන් සංග්‍රහකොට අපට නාගන්න ඔයට යන්නත් උදව් කළා... ඔහු මුදල්වලින් ගිලන්පස අරගෙන දුන්නා... ඔයට යන්න වුනේ කුඹුරක් මැදින්.. ඒ යන විට ගැමි පිරාසක් වී අස්වනු නෙලාගෙන මැෂින් කරනවා... ඔවුන් ඉතා සුහදශීලී බවක් මතුකළා...මැසින් එකෙන් පිටවන පිදුරු ඈතට ගොස් වැටෙන විට පොඩි දරුවන් ඒවා සමග සෙල්ලම් කළා.. මව්පියන් ඔවුන්ට දොස් නැගුවත් ඔවුන් එය නතරකළේ නැහැ... මොහොතකට මාගේ දෙඇස් එහි නතර උනා... මේ පොඩි දරුවන් තුළින් මට මාගේ කුඩා අවදිය සිහිවුණා... වෙල් ඉපනැල්ලේ දුව පැන ඇවිද ගතකළ කාලය සිහිවුණා... එතන සෙල්ලම් කළ එක් අයෙකු මා යැයි මට හැගුණා... ඔවුන්ගෙන් සමුගෙන ගගට ගොස් නාගෙන අපි නැවතපිටත් වී කි මී 10 දුර ගොස් රනුගල්ල නමැති ප්‍රෙද්ශයේ අපේ විශ්වවිද්‍යාල සිසුවකුගේ නිවසේ නතර උනා.. ඔවුන්ද ඉතා කාරුණිකව අපට උපස්ථාන කළා.. පසිදුන උදෑසන ඒ නිවසින් දන් වළදා 6 ට පිටත් වුණා...උදේ 9 වනවිට පස්සරට පැමිණ එහි කොටුව ඛෙත්තාරාමයේ සවස්වෙන තුරු විඩාහැර අපි නැවති මුතියංගණය බලා පිටත් වුණා.... රාත්‍රී 7 30 වනවිට අපි මුතියංගණයට පැමිනුනා.. ඒ වනවිට පූජිත් මහතාගේ මග පෙන්වීමෙන් බදුල්ල පොලිස් ස්ථානාධිපති තුමන් මුතියංගණයට පැමිණ අපේ පැමිණීම දැනුවත්කොට අවශ්‍ය පහසුකම් සලසා තිබුණා...
Ithamath watina wistharayak, saha, photos = Thanks
ReplyDelete