අපි ඊයේ පොලොන්නරුවට එන්න බදනාගලින් දවල් 3ග 30 ට පිටත් වුණා... ඒ එන අතර රාත්‍රී 7 විතර වෙද්දි අපි ගමන් කළේ දිඹුලාගල පන්සල අසලින්... අපි දිඹුලාගල විහාරයටත් ගොඩවැදුණා.. පළමු දිඹලුගල ඒ හමා යතිවර නායක හාමුදුරුවන් වැඩසිටි සමයේ පරිහරණය කළ පිරිකර හා උන් වහන්සේගේ භෂ්මාවශේෂ තිබෙන ස්ථානය නරඹා විහාරය ද නැරඹුවා.. වන්දනා කොට අපි 8 15 නැවත පිටත් වුණා... දිඹුලාගල සිට මනම්පිටියට යන්නයි අපේ අදහස වූයේ... පස්ලේ සිට මනම්පිටියට යන්න තිබුණේ කැලෑ ප්‍රදේශයකින්. අපි මිනිසුන්ගේ ඇහුවා අලි එහෙම මේ පැත්තේ ඉන්නවාද කියා... එහෙම නැහැ කියලයි දැන්ගන්න ලැබුණේ... අපිත් බයක් නැතිව ගියා.. අපි දිඹුලාගල වැව් ඉවුර දිගේ යද්දි එක පාරටම මෙන්න මිනිස්සු වෙඩි දදා හූ කියමින් කෑ ගහනවා ඇහුණා.. බලද්දි වල් අලි ඇවිල්ලා කුඹුරට... අපිත් යන්නේ ඒ අසලින්..ලෙයක් දොරක් අහලක නෑ. අපි ටිකක් කලබල වුණා... ටිකෙක් වේගෙන් අපි ගමන් කළා... කි මී 2 දුර ගෙවා ප්‍රධාන පාරට ආවා..එතන හිටපු දෙතුන් දෙනෙක් ගෙන් ඇහුවා අලි ඉන්නවාද මේ ටිකෙත් කියා.. එවිට ඔව් මේ පාරෙන් තමය් අලි මාරුවෙන්නේ යැයි පිලිතුරු දුන්නා.. අපි ටිකක් ඉදිරියට ගියා... පාර අදුරුයි... කොයි තරම් බාධක ආවත් වාහනයක යන්න මම සූදානම් වුනේ නැහැ... මගෙත් එක්ක ගිය දෙන්නට කීවා වාහනයේ පන්සලට යන්න කියා... ඒ අය කැමති වුනේ නැහැ.. අපි ටිකක් ඉස්සරහට යද්දි ලොකු ලොරියක් ආවා... වාහනයට අත දාලා නවත්තලා අපි කීවා ඉස්සරහ හන්දි දෙකෙන් අලි මාරුවෙනවාලු.. ටිකක් අදුරුයි ඒ තැන් දෙක... එනිසා අපි පයින් යන්නම්.. අපේ පිටිපස්සෙන් ලයිට් දාගෙන පොඩි දුරක් ඇවිල්ලා අපට උදව් කරන්න කීවා... ඒ අය මීටර් 100 විතර ඇවිල්ලා කීවා මේ ටිකේ අපි නැහැ බය වෙන්න එපා අපි යනවා කියලා.. බලද්දි එයාලා සිවිල් ආරක්ෂක... එවිට අපි 9 40 විකර ඇති. පන්සලේ හාමුදුරුවරු සැතපෙන්න කලින් මම එන බව දන්වන්න මම මගෙත් එක්ක හිටි දෙදෙනාගෙන් එක් අයෙක්ව වාහනේ යැව්වා.. වාහනය ගියත් එක්කම මම ඇහුවා පාරේ හිටි කෙනෙක් ගෙන් උඵාසක මහත්තයා මේ පාරේ අලි ඉන්නවාද කියා.. එවිට අපොයි ඔවු හාමුදුරුවනේ ඉස්සරහා කුඹුරුවලට අලි යන්නේ මේ ටිකෙන් තමයි... පහුගිය දවස් ටිකේම ආවා...කියා කීවා... එවිට මට හිනා ගියා... වෙන් කරනන දෙයක් නැහැ.. මා සමග සිටි මල්ලිට කීවා ගන්න සෙරෙප්පු දෙක කියා මමත් මගේ සෙරෙප්පු ගලවා අතට ගත්තා... මේ වෙද්දි අපි ඊයේ දවසට කි මී 44 ඇවිදලා නිසා කකුල් වේදනාව තදින් තිබුණා... ඒත් කොක්ටත් කියා සූදානමින් ටිකක් වේගෙන් මහපාරේ මැද තියෙන සුදු ඉර දිගේ අපි ආවා... අලි නම් ආවේ නැහැ... අපි එදා යාලෙ කැලෙන් එද්දිත් හැමදම අලි ඉන්න පාරෙත් අලි හිටියේ නැහැනෙ.. ඊයෙත් නැහැ.. හැබැයි අලින්ට පිං සිද්ධ වෙන්න රෑ 11 විතර වෙනකං හිමීට එන්න තිබ්බ දුර අපි 10/15 වෙද්දි ආවා..... ඒ ආපු ගමන් තවමත් අපි ඊයේ නතර වුණ පන්සලේම ඉන්වා... මට ටිකක් අසනීපයි වාගේ. උනගැනෙන්න වගේ... එනිසා දැන් විවේක ගන්නවා.. සවස 3 අපි පොලොන්නරු ගල් විහාරය බලා පිටත් වෙනවා... තෙරුවන් සරණයි..
No comments:
Post a Comment
ඔබේ අදහස් අගයමු