Friday, March 21, 2014

පා ගමනේ සුන්දර මතක සටහන්...

මේ වන්දනා පා ගමනට මම සූදානම් වන විට ගමනේදී පරිහරණයට අවශ්‍ය පිරිකර මට හිතවත් දායක පිංවතුන්ගෙන් ලැබුණා... ෆේස් බුක් එකේ ඉන්න අක්කා කෙනෙක් තමයි සෙරෙප්පු දෙක අරගෙන දුන්නේ... ඔබ විශ්වාසකරාවිද දන්නේ නැහැ කි මී 900 ම මම ගමන් කළේ මෙම සෙරෙප්පු දෙක දාගෙන.... දිඹුලාගල හරියෙන් ගමන්කරනවිට සෙරෙප්පු දෙක හොදටම ගෙවිලා සිදුරු වෙන තරමට ආවා... නමුත් මම වෙන සෙරෙප්පු දෙකක් ගත්තේ නැහැ.. ජීවිත කාලයට මගේ ළග මේ ගමන සිහිවෙන මතක සටහනක් තියාගන්න ඕන වුණ නිසා සෙරෙප්පු දෙක ගෙවුණත් වෙන දෙකක් ගන්නේ නැහැ කියා මම හිතුවා... නමුත් පුදුමය නම් එතැන් සිට කි මී 300 ක් පමණ දුරක් ආවත් සෙරෙප්පු දෙක සිදුරු වුනේ නැහැ...  මාතලේට එනකොට නම් ටිකක් වේදනාව කකුලේ පසුපස ප්‍රදේශයට දැනුනා.. හොදටම සෙරෙප්පු දෙක ගෙවිලා... මම එම අවස්ථාවේ බැන්ඩේජ් එකක් කකුලේ බැදගෙන ගමන් ආරම්භ කළා... ඒ කකුල් අමාරුවට එහෙම නෙවෙයි.. සෙරෙප්පුව ගෙවිලා නිසා....  මට පාවහන් යුගළ අරගෙන දුන්න අක්කාටත් ගොඩක් පිං... දැන් ඒ සෙරෙප්පු දෙක මගේ ළග පරිස්සමට තියෙනවා... කි මී 900 ඔන්න මේ සෙරෙප්පු දෙකෙන් ඇවිදලා තියෙනවා...ඒ වගේම මාගේ දෙපාවල වේදනාත්මකම අවස්ථාව තමයි යටි පතුලේ සහ මහපට ඇගිලිවල දියපට්ටා දැමීම... මහපට ඇගිලි දෙකේ එකම ස්ථානවල දියපට්ටා දැම්මා..කකුල් දෙකට තමයි ගමනේදී ගොඩක් වෙහෙස සහ හානි සිදුවුනේ.... මෙම සියලු විස්තරය පහත පින්තූර මගින් දැකගත හැකියි....මේ සෙරෙප්පු දෙක දිවි ඇති තාක් කල් මගේ ළග තියේවි.... ලබාදුන්න අක්කාට නැවතත් පිං දෙමි...සෙරෙප්පු ගන්නවානම් ඔන්න ඩී එස් අයි ම තමයි....




No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු