ඊයේ අපි පොළොන්නරුව දෙසට දෙහිඅත්ත කණ්ඩිය පසුකරමින් ගමන් කරමින් සිටියා... වෙලාව දහවල් 11 විතර ඇති... දහවල් දානය පිළියෙළ කර තිබුණේ බදනාගල ප්‍රදේශයේ නිවසක.. එම නිවසට තවත් කි මී 6 ක් පමණ යන්න තිබූ හෙයින් අප ඉක්මන් පයින් එදෙසට ගමන් කරනා විට එක් තැනකින් කඩයක් පසුවෙනවාත් සමගම පිරිමි කෙනෙක් දුවගෙන ඇවිත් අපේ හාමුදුරුවනේ යැයි ආමන්ත්‍රණය කළා.. මම හැරී බලන විට සිනහා මුසු මුහුණින් සුදු වතින් සැරසුනු අයෙක්.. අපේ හාමුදුරුවනේ ගිලන්පස ටිකක් වළදන්න වඩින්න යැයි ඔහු මට ඇරයුම් කළා.. පුංචි මිනිසුන්ගේ ඉල්ලීමක් නොසලකා නොහරින මට මේ වෙලාවේ නම් ගිලන් පස වළදන්න වඩින්න අමාරු තත්වයක් තිබුණා.. දහවල් දානයට නියමිත වෙලාවට යන්න නම් තත්පරයක් වත් පරක්කු නොවිය යුතුයි... එනිසා මම කීවා ගොඩක් පිං උපාසක මහත්තයා... මම දානය සකස් කළ තැනට වඩින්න ඕනේ.. ටිකක් දුර නිසා නවතින්න අපහසුයි කියා කීවා.. එවිට මුහුණේ ඉරියව්ව ටිකක් වෙනස් වූ උපාසක මහතා එහෙමනම් කමක් නැහැ කීවා... ඔහුට ටිකක් දුකහිතුනු බව දුටු මම ඔහුගේ හිතට යම් සතුට දැනෙන්ත් එක්ක මෙහෙම කීවා.. ගිලන්පස වළදන්න නම් වෙලාව මදි.. මට වතුර ටිකක් පුළුවන් නම් දෙන්න යැයි මම කීවා. එවිට ඔහුගේ මුහුණින් යලි සතකුටුදායක බවක් මතුවුණා... මම වතුර ටික බොන්න කඩේට යනකොටයි දැක්කේ ඔහු අලුතින් තමයි කඩය පටන්ගෙන තියෙන්නෙ ඊයේ... මේ වගේ වැදගත් දවසක ඔහුගේ ඉල්ලීම අහක නොදමන්න හිතූ මම කීවා උපාසක මහත්තයාට පුළුවනි නම් ඉක්මනට ගිලන්පස ටිකක් හදලා දෙන්න එහෙනම් මම වළදලා යන්නම් යැයි කීවා...ඔවුන් දන්නේ නැහැ මම කවුද කොහෙද යන්නේ කියා... මට ගිලන් පසත් කැවිලි වගයකුත් පිලිගැන්වුනා... මම ගිලන් පස වළදලා ඉවර වෙලා කඩය පටන්ගත් අයටත් අවට සිටි අයටත් එතන වාඩි වෙන්න යැයි කියා මම යන ගමන ගැනත් කෙටි විස්තරයක් දී ඔවුන්ගේ ව්‍යාපාරය සාර්ථක කරගන්න අවශ්‍ය කෙටි අනුශාසනාවකුත් කරලා ගිලන් පස පිලිගැන්වුවාට පිංදීලා ඉක්මනින්ම පිටතු වුණා... ඒ තේ කඩය පටන්ගත්ත අයගේත් ලොකු පොඩි හැමදෙනාගේම හිතේ ලොකූ සතුටක් ඇතිව තිබූ බව මුහුණු වලින් දැනුනා... මෙම පා ගමනේ මම ලද තවත් ලස්සන අත්දැකීමක් හා සතුටු දායක අවස්ථාවක් තමයි මේක... තමන් ව්‍යාපාරය පටන්ගත් දිනයේ මෙබදු ගමනක් වඩින හිමි නමක් හමුවීම භාග්‍යයක් ලෙසයි ඔවුනු දුටුවේ... ඔවුන්ගේ සිත් සතුටින් පිරීම මගේ හිතටත් ලොකු සතුටක් වුණා... ඔවුන් හරිම සැදැහැවන්තයි කියා මට සිතුණා.. ඔවුන්ගෙන් සමු අරගෙන අපි දානය සකස්කළ ස්ථානය දෙසට ගමන්කරන විට වේලාව මදි බව වැටහුණු නිසා දානය සකස් කළ අයට දැනුම් දී දානය ගෙන්වාගෙන වන ලැහැබක ගසක් යට දානය වැළදුවා... මෙම අවස්ථා දෙකෙහි පින්තූර මෙහි ඇත... තෙරුවන් සරණයි....
බ්ලොග් පෝස්ට් එකට වඩා මට මේ කමෙන්ට් එක ලියන්න හේතු උනේ අපේ හාමුදුුරුවන් වහන්සේ පාරේ නිදහසේ වැඩම කරන දන් වළඳන පොටෝ දැක්කම... භෞතික බැඳීම් වලින් ගැලවුණු ඒ නිදහස දැක්කම ඇත්තටම හාමුදුරුවනේ ඔබවහනසේ ගැන ඇතිවෙන්නේ ඇත්තටම ඊරිසියාවක්.
ReplyDelete