Tuesday, February 25, 2014

ada dawasee wadagath awastha...

අද උදූසන 8 ට අපි තනමල්විල පොලිසියෙන් පිටත් වුණා... කි මී 10 ක් පමණ දුර පැමිණි විට මා සමග මාගේ සහායට සිටි අවසන් සගයා ද තම කාලය නිමාවීමෙන් ගමනට සමු දී පිටත් වුණා... දහවල් 12 වන විට ගමනට ඉතිරි වූයේ මා  පමණි... මා තනිවම කුඩය වටාපත හා පාත්‍රයත් අතිරේක සිවුරු කට්ටලයත් තුවායත් ගෙන ගමන තනිවම පිටත් වුණා... ඒ අතර විවිධ වූ අද්දැකීම් ලැබුණා.. අද දවල්ට දානයට ටී බනිස් ගෙඩියක් උපාසක අම්මා කෙනෙක් පූජා කළා.. දවස 4 වන විට කතරගම හා තිස්සමහාරාමයට යන මාර්ග දෙක හමුවුණා... හිතට ලොකු සතුටක්... කතුරගම පුදබිම දැකබලා දෙවියන්ට පිං දී අධිෂ්ඨාන පූජාවට දින 4 ක් තිස්සේ විවිධ ගැටලු මැද පයින් වැඩියා.. අපි ගමනාන්තයට ළගා වුණා.... අද රාත්‍රී නවාතැන් පූජිත් ජයසුන්දර මහතා පිළියෙළ කර තිබුණා... එතැනිට පැමිණි විට ප්‍රවීණ කලාකරුවන පිරිසක් ද හමුවන්නට මට හැකිවුණා.... එහි අවස්ථාවන් මෙහි වේ..... ඔබට කතරගම දෙවි පිහිටයි.... බුදුසරණයි...








No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු