Sunday, February 23, 2014

රත්නපුර ශ්‍රී සුමන සමන් මහා දේවාලයට පිවිස අධිෂ්ඨනා පූජාව හා සුමන සමන් දිව්‍යරාජයාට පිං අනුමෝදන් කිරීම... ඔබ සැමට සුමන සමන් දෙවි පිහිටයි..... බුදුසරණයි...

 පෙරේදා සවස 6 වන විට පමණ අපි රත්නපුර මහ සමන් දේවාලයට පිය නැගුවෙමු... ජෙ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ මග පෙන්වීම යටතේ එම දේවාලයේ ප්‍රධාන කපු මහතා සහ අන් සැම මේ උතුම් ගමනේ අරමුණු ඉටුකරගන්නට අපට මහත් සවියක් විය... අපි දේවාලයට යන විට සවස බුදුරජාණන් වහන්සේට ගිලන් පස පූජා කරන අවස්ථාව... හේවිසි මධ්‍ය යේ වැඩමවූ ගිතන් පස බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තැන්පත් කොට පූජාකරන්නට කපු මහතා විසින් මාහට ආරාධනා කළේය. එය අපූරු අවස්ථාවකි.. ඉන්පසු විහාර ගේ තුළත් බෝධින් වහන්සේ අභියසත් වන්දනා කොට පිරිත් කියා අධිෂ්ඨාන පූජාව සිදුකොට ශ්‍රී සුමන සමන් මහා දිව්‍යරාජයානණ් ප්‍රමුඛ සැමට පිං දී රාත්‍රී 10.00 ට පමණ දේවාලයෙන් පිටත් වී විහාරස්ථානයක ධර්ම ශාලාවේ බංකු මත අපි රැය පහන් කළෙමු... ගමන ආරම්භයේ සිට අපට ලැබුණු පිංබර අවස්ථා හා මේ ගමනේ සාර්ථක ප්‍රතිඵල බොහෝය.... හැකි විටක පේෂ් බුක් මිතුරු ඔබත් මේ ගමන අතර තුර අපට කථා කරන්න... හැම විටම අප ගැන සොයාබලා අපට උපකාර වන පූජිත් ජයසුන්දර මහතාව නැවතත් ගෞරවයෙන් සිහිපත් කරමු... ඔබට තෙරුවන් සරණයි...














No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු