Thursday, February 27, 2014

තිස්සමහාරාමයට යන මාර්ගයේ දී හමුවූ යටාල දාගැබ..

රෝහණ රාජ්‍යය ආරම්භ කළේ දේවානම්පියතිස්ස රජුගේ මල්ලි කෙනෙක්... ඔහු මහානාග කුමරුයි... දෙවනපිය තිස්සගෙන් පසුව අනුරපුර රජකම මොහුටයි උරුම. එහෙත් දේවානම්පියතිස්සගේ බිසව තම පුතුට රජකම ලබාදෙන අදහසින් මහානාගව මරන්න උත්සාහ කළා... දවසක් තිසාවැව නිර්මාණකටයුතුවල යෙදීසිටි මහානාග ඇතුලු පිරිසට මාලිගයෙන් අඹ බදුනක් යැව්වා.. එහි උඩම ගෙඩියේ වශ මිශ්‍ර කර තිබුණා.. ඕනම තැනක මුල් කොටස නායකයාට නිසා මහානාග මුල් ගෙඩිය කා මරණයට පත්වෙතැයි බිසව සිතුවා.. එහෙත් මේ වන විට දේවානම්පියතිස්සගේ කුඩා පුතුත් තිසාවැව බලන්න ගොස් හිටියා. මහානාග මුල් ගෙඩිද පොඩි දරුවාට දුන්නා.. දරුවා මැරුණා.. මහානාග තම ගැබ්බර බිසව හා රුහුනු ප්‍රදේශයට පැන ගියා.. ඒ යන අතරතුර මේන්න මේ චෛත්‍ය තියෙන තැන දී දා මහානාගගේ බිසවට දරුවා ලැබුණා... ඉස්සර මේ ගමේ නම යටාල ග්‍රාමය.. එනිසා දරුවාට යටාල තිස්ස යැයි නම් තැබුවා... පසුකලෙක මහානාග තම පුතුගේ උපත සිහිවනු වස් යටාල දාගැබ නිර්මාණය කළා... මම උසස් පෙළට ඔන්න ඔහොමයි ඉගෙන ගත්තේ... අපේ අතීත උරුමයන්ට තියෙන ආදරය නිසා එය අදටත් මතකයි... එදා ඉගෙනගත් දේ බලන්න පා ගමනින් යන්න ලැබීම සසරේ පෙර පිනකි... මේ ආකාරයට පාගමින්න යෑම නිසා අපේ උරුමයන්ගේ අගය තවත් වැඩි වුණා... ඔබට තෙරුවන් සරණයි....










No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු