Tuesday, February 25, 2014

තවත් ලස්සන සිදුවීමක්....

ඔබ සැම හැම විටම මගේ දුක සැප සොයා බලන පිරිසක් බැවිල් ලබන අද්දැකීම් කෙටියෙන් හෝ පවසන්න හිතුවා.. අපි පෙරේදා උඩවලවේ සිට තනමල්විලට එන්න එනකොට අව්ව සැර වැඩි නිසා ලොකු වෙහෙසක් දැනුනා... නාගන්න වතුර තියෙන තැන් හොය හොයා ආවා... දහවල් 11 විතර ඉදන්.. එක තැනකදි කඩේකින් කිව්වා තව කි මී 15 දුරින් ලොකු ඔයක් තියෙනවා කියලා... කට්ටියටම හිනා... තව පැය තුනකින් තමන් නාන්න වෙන්නේ.. කොහොම හරි අපි ඉක්මන් පයින් නාන්න ඔබ හොයාගෙන ගියා... මගදි එක් අයෙක් කීවා ඉස්සරහා පලමක් තියෙනවා එතන පහලින් නාගන්න පුලුවන් කියලා... අපි ඔයට ළං වුණා විතරයි පුදුම සතුටක්... අපි අමාරුවෙන් විටෙන් ගිහිල්ලා ඔයට නාගන්න බහිනකොට දැකපු සිද්ධිය මතක් වෙද්දි තවත් හිනා... ඔන්න පොටෝ බැලුවම තේරෙයි... වලේ හිටිය අයගෙන් කෙනෙක් අපිව දැක්කා විතරයි හොදටම තරහා ගිහිනා... අපි දිහා රවලා බැලුවා.... අපි ටිකක් උඩහට වෙන්න පොඩි වලකින් නාගෙන ආවා....




No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු