Thursday, February 27, 2014

කතරගම දේවාලයට අපි ගියේ පළමුව දෙවියන්ට ආශීර්වාද කරන්නයි..

please share
ආශීර්වාද ගන්න දේවාලයට ගිය ලක්ෂගාණක් පිරිස අතර කතරගම දෙවියන්ට ආශීර්වාද කරන්න ගිහින් හිටියේ පුංචි අපි විතරයි... කතරගම පුදබිමට ඇතුලු වෙන්න කලින් මම හිතුවා ‘දේවාලය ඇතුලේම මට පිරිත් කියලා දෙවියන්ට ආශීර්වාද කරලා පිං දෙන්නට ඇත් නම්‘ කියලා... දේවාලයට ඇතුලු වෙලා එතන හිටි අයෙකුට මම කීවා මම නුවර දළදා මාලිගාවේ සිට පිරිත් කියලා කතරගම දෙවියන්ට ආශීර්වාද කරලා පිං දෙන්න ආවේ කියලා..මට විහාරගෙය පොඩ්ඩක් පෙන්වන්න කියා මම ඔහුට කීවා... එවිට ඔහු ‘හාමුදුරුවනේ එහෙමනම් දේවාලය ඇතුළේ සිටම පිරිත් කියමු නේද?“ යැයි කීවා.. යහපත් සිතින් යන කොයි කාටත් වරදින්නේ නැහැ... දේවාලයට යද්දි පලතුරු ගෙනියනවාට වඩා ගිහිල්ලා පිරිත් කියලා... බෝධිපූජා තියලා දෙවියන්ට ආශීර්වාද කරන්න... පිංදෙන්න... එවිට ඔබට දේව ආශිර්වාදය ලැබේවි. ධර්මානුකූලව හැසිරුණොත් ඊටත් වඩා ආශීර්වාද ලැබෙනවා..




















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු