Sunday, February 23, 2014

සමන් දේවාලයට යන විට අපට හමු වූ පොඩි මුදලාලි....

සමන් දේවාලයට යන විට අපට පොඩි පෙට්ටි කඩයක් දකින්න ලැබුණා... එහි තැඹිලි ගෙඩි තුනක් හා දූරියම් ගෙඩි කිහිපයක් තිබුණා...එම කඩය තුළ සිනා මුසු මුහුණින් සිටි අවුරුදු 10 පමණ කුඩා කරුවෙක් දකින්න ලැබුණා... මම ඒ දරුවාට කථා කොට පුතාද මුදලාලි කියා ඇසුවා.. එවිට ඔව් හාමුදුරුවනේ යැයි පිළිතුරු ලැබුණා... මම කිව්වා එහෙනම් අපට තැඹිලි ගෙඩි තුනක් දෙන්න කියලා... එම අවස්තාවේ පින්තූර තමා මේ... තැඹිලි කපනවා දකිද්දි මට බයත් හිතුනා... දරුවා අපූරුවට එය සිදුකළා... මම එන්නට පිටත්වන වෙලාවේ මවක් එතනට ආවා... මේ දරුව ගැන ඒ මව විස්තර කීවා. මේ දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නම වෙන විවාහයන් කරගෙන... මේ දරුවා දැන් ඉන්නේ පාසලේ තම මිතුරෙකුගේ නිවසෙයි... එහි මව්පියන් දරුවාව හොදින් බලා ගන්නවා.. අපි තැඹිලි ගෙඩි තුනක් අරගෙන ගෙඩි හයකට මුදල් ගෙව්වා... ඒ පොඩි දරුවා නිසයි... ඉන් පසු දුරකථන අංකයත් අරගෙන පිටත් වුණා... මම මේ අධිෂ්ඨාන වන්දනා පා ගමන අවසන් වී දින දෙක තුනක් ඇතුළත රත්නපුර පොලීසියට පාසල් උපකරණ කට්ටලයක් සහ තවත් පොඩි පොඩි බඩු ටිකක් එවන්න තීරණය කළා.. ඒ මේ දරුවාටයි... අපේ නි පො පූජිත් ජයසුන්දර මහතාත් මමත් එකතු වී මේ දරුවාට හැකි අයුරින් උදව් කරනවා... මේ වගේ තවත් බොහෝ මිනිසුන්ගේ දුක දකින්න මේ ගමනේ දී මට හැකිවුණා... මේ වන්දනා පා ගමනේ තවත් එක අරමුණක් වුනේ මෙය තමයි.. මිනිසුන්ගේ අසරණකම, ගැටලු, ප්‍රශ්න හදුනා ගැනීම... මම දුටු අසරණ දරුවන් හා මිනිසුන් බොහෝමයක් සිටිනවා... ඔවුන්ට මේ ගමන අවසානයේ උදව් කරනවා... ඔබ සැමට තෙරුවන් සරණයි.... 071-4962050




No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු