සංවේගයෙන් ලියා දන්වමි...
මට මේ
අධිෂ්ඨානමය වන්දනා ගමන නතර කරන්න සිදුවීම ගැන නම් හිතට දුකක් දැනුනා...
විශ්වවිදයාල කටයුතු තිබුණේ නැතිනම් මම කැලණියටත් නාගදීපයටත් දීඝවාපියටත්
යනවා... නමුත් 18 ගමන නිමා කළා... ගංගොඩවිල සෝම හාමුදුරුවන්ගේ ගමන මමත් කියවලා
තියෙනවා... ඒ විතරක් නොවෙයි... අපේ බුදුහාමුදුරුවන්... මහරහතන් වහන්සේලා
අසරණ සතුන් කෙරෙහි මහා කරුණාවෙන් දින සති මාස අවුරුදු ගණන් විවිධ දුෂ්කරතා
විදගෙන මහ මග වැඩියේ මහා කරුණාවෙන්... මේ ගමන යනකොට මට මුහුණ පාන්න සිදුවුන
දුෂ්කරතා.. ගැටලු.... දානය හමුවූ අසරණ මිනිසුන් නිසා මටත් හදුනාගන්න
ලැබුණා.. ඒ උත්තමයන් මිනිසුන් වෙනුවෙන්...ශාසනය පැවැත්ම වෙනුවෙන් කොයි තරම්
නම් දුක් විදලාද කියා මේ ගමනින් මට හොදට තේරුණා... මට දැනුන වේදනාවත්
එක්ක. නමුත් අද ඉන්න ගොඩක් අයට මේ ගැන අවබෝධයක් නැහැ...අද ගොඩක්
හාමුදුරුවුරු සිවුරු දාගත්තු මුදලාලිලා වගේ. සමහර විට මමත් ඒ ගොඩේ වෙන්න
පුළුවන්... නමුත් මම නම් අසරණ මිනිසුන් වෙනුවෙන් කළ හැකි දේ උපරිමයෙන්
සිදුකරනවා... කරන්නට බලා සිටින තවත් බොහෝ දේ තියෙනවා...මුළු ජාතක කථා පොතම
කියෙව්වොත් වසර 300 ජීවත් වෙලා ලබන අද්දැකීම් ලබන්න පුළුවන්ලු.. මම හිතන්නේ
මේ මාසයකු පුරාවට ගිය පා ගමනින් මම අවුරුදු 500 විතර ජීවන අද්දැකීම්
ලැබුවා.. මෙම ගමනේදී උදව් හොයාගෙන... නාන්න වතුරු ටිකක් හොයාගෙන... පැයක්
දෙකක් විවේක ගන්න බලාගෙන...රාත්රිනය ගතකරන්න බලාගෙන අපි ගියා පන්සල් වලට..
ගියට පස්සේ හිතුනා අපරාදේ ආවේ කියලා... මුස්ලිම් පල්ලියකට ගියානම් ඊට වඩා
හොද යැයි හිතුනා... සගසතු දානය මහත්ඵල යැයි මහාලොකුවට නිතර දෙවේලෙ දායකයන්ට
කීවාට ගොඩක් හාමුදුරුවරු සග සතු යන්නෙහි අර්ථය දන්නේ නැහැ කියල මේ ගමනේදී
මම දැනගත්තා..හොද පන්සලුත් මේ අතර තිබුණා...දුෂ්කරම පලාත්වල පුංචි පන්සල්
වලට අපි ගියවිට සුහදශීලි භාවය මැනවින් තිබුණා... පුංචි පන්සල් වුනාට
ආගන්තුක සත්කාරය අසහ උසට පැතිරී තිබුනා.. රජමාලිගා වගේ පන්සල් වල ආගන්තුක
සත්කාර මුළුගැන්විලාත.. කුහකකම... මානය... අහස උසට පැතිරිලා...අනේ මේ ලිපිය
කියවන ඔබවත් ලොකු ලොකු පන්සල්වලට දන්දෙන්... මුදල් පූජාකරන්න.. අටපිරිකර
පූජා කරන්න යන්නේ නැතිව ලංකාව පුරා තියෙනවා පුංචි අසරණ පන්සල්... ඒවාට
යන්න... පූජාකරන දේ එහෙට පූජා කරන්න... ටී වී එකේ බණ කියන බෝනික්කෝ වගේ
ඉන්න සමහරු පන්පොරි ගහනවා... මහාලොකු වීරයෝ වගේ.. ඒ උදවිය හිතාගෙ ඉන්නේ
එයාලා නිසා තමයි ධර්මය හාසනය රැකෙන්නේ කියලා... ඇත්ත නම් ධර්මය රැකෙන්නේ
තවමත් ක්රිතස්තියානි මුදලට යට නොවී බෞද්ධ යන් ලෙස අපේ රටේ ගොඩක් මිනිස්සු
ජීවත් වෙන්නේ අර ගමේ පුංචි පන්සල් ටික නිසා... අර මාධයයේ ඉන්න පවුඩර් බබාලා
නිසා ශාසනයත් ධර්මයත් පිරිහෙබ බව පමණයි මම දකින්නේ... ඒත් මුදලාලිලා
ටිකක්.. මේවා කියන්නේ ආවේගයෙන් නොව දැනෙන සංවේගය නිසා... නොකියා බැරිකමට...
ජාතික වයාපාරය තුලත් බාහිර බලපෑම් මර්ධනය සේම අපේ උන්ගේ විශේෂයෙන්
හාමුදුරුවරුන්ගේ අඩුපාඩු හදන්න ඔනේ... මම මේ වන්දනා පා ගමන අවසන් කරලා
නුවරට එද්දි යම් ස්ථානයක වන්දනා පිංකමක් රටට සෙත් පතා සිදුකරන්න ස්ථානයෙන්
අවසර ගන්න පිරිසක් යැව්වා.. ඒකට අවසර දීලා නැහැ.. ඔන්න ඕකයි අද හාසනයේ...
හාමුදුරුවරුන්ගේ සැබෑ තත්වය... කුහකත්වය අහස උසට... මේ වගේ තව කිවයුතු බොහෝ
දේ තියෙනවා... මේ වැරදි අද නිවැරදි වෙන්න ඕනේ..මම ඒ ගැන මගේ ගමන් විස්තර
පොතෙන් කියන්නම්. ඔබත් බලන්න එය අනිවාර්යයෙන්ම..තව මාස දෙකක් ඇතුළත... බුදු
හාමුදුරුවෝ දවසක් කුඹල් හලක සැතපුන බව සදහන් වෙනවා... අපටත් තේ මඩුවක.....
බස් හෝල්ට්වල බංකු උඩ නිදාගන්න සිදුවවුණා... එය අපහසුවක් සේ මම සැලකුවේ
නැහැ... විශ්වවිද්යාදල වැඩ කටයුතු නිමාවුනාම උතුරු පලාතත් මේ ගමනින් අවරණය
නොවුණ සෙසු සිද්ධස්ථානත් වැදපුදා ගන්න පා ගමනින් යන අදහසින් සහ මාගේ අනාගත
වැඩපිළිවෙළ කුමක් විය යුතුද යන්නත් මැනවින් සිත්හි ධාරණය කොට ගෙන මෙම ගමන
නිමා කළා... මේ දවස් ටිකේ මම මගේ ගමන ගැන ලස්සන පොතක් ලියනවා....එබැවින්
මුල ඉදන්ම මාගේ මෙම ගමන දිහා බලාගෙන සිටිය ඔබ මේ වන්දනා පා ගමන ගැන
ඔබේඅදහස් මට ලබාදෙන්න..එය පොත ලියද්දි මට වැදගත් වේවි..... මාගේ අධිෂ්ඨානමය
වන්දනා පා ගමන ගැන මොකද ඔබට හිතෙන්නේ......??????
ගගසිරිපුර ධම්මාලෝක හිමි..