Thursday, March 13, 2014

ජ්‍යෙ නියෝජය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අහඹුලෙස හමුවීම..

අපි මරදංකඩවල සිට මිහින්තලයට ගමන් ගන්නා විට තිරප්පනේ නගරයේදී හොදින් දැක පුරුදු අයෙක් ඩිපෙන්ඩර් රථයකින් යනු දුටුවේය.. නැවත හැරී වාහනය දෙස බලන විට වාහනය පාර අයිනේ නතර කොට වාහනයේ සිටි කෙනා බැස්සේය... අයියෝ අපි බලනකොට අපේ පූජිත් ජයසුද්නර මහත්තයා... අම්මාගේ අවුරුදු දෙකේ දානය වෙනුවෙන් කුරුණෑගල නිවසට යන ගමන් තමයි ඒ.. මේ ගමන මම යනව්නට තීරණය කළ ගමන්ම මම එදා කථා කළේ පූජිත් මහතාටයි... හරිම සතුටින් ගමන අසාසිටි එතුමා ගමනාරම්භයේ සිට මටත් අපේ පිරිසටත් නවාතැන්... ආහාර.. ආරක්ෂාව මෙන්ම සෞඛ්‍ය හා සෙසු සියලු පහසුකම් පිලිබදව සොයා බලමින් තාත්තා කෙනෙකු මෙන් උපකාර කළේය.. මට ජීවිතයේ හමුවූ ගුණයහපත්ම මිනිසාද මෙතුමාය.. ගමන නිමාවන්නට පෙර මහ මගදී එතුමන්ව හමුවී හිතට සතුටකි... අපි 16 වෙනිදා පෝය දවසේ රුවන්වැලි මහ සෑ අභියස සුවිශේෂී අධිෂ්ඨාන පූජාවක් රැය පහන්වන තෙක් සිදුකරනවා.. එදිනට සහභාගි වන පොරොන්දුවෙන් අපි සමු ගත්තා... තෙරුවන් සරණයි..













No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු