Thursday, March 20, 2014

ගමන නිමාකොට නැවත මහනුවරට පැමිණීම.....

අපේ අධිෂ්ඨානමය වන්දනා පා ගමනට දින 30 යි... ඔන්න දින 30 ක් සම්පූර්ණ වෙද්දි අපි නුවරට නැවත ආවා... ගමන් ආරම්භකළ දළදා මාලිගාවට අපි මාර්තු 18 රාත්‍රී 7.45 වෙද්දි ආවා... අනුරාධපුරයේ සිට දින දෙකකටත් අඩුකාලයකින් තමයි අපි ආවේ... ඒ දින දෙක ඇතුළත නිදාගත්තේ පැය දෙකයි... ඒ බස් හෝල්ට් එකක... 18 වෙනිදා මධ්‍යම රාත්‍රී 12. 01 සිට එදින රාත්‍රී 7.45 වන තෙක් පැය 20 කාලය සම්පූර්ණයෙන්ම පාගමනේ යෙදුණා..(දානය වේලාවන් හැර) එනිසා එදින පමණක් කි මී 71 ක් අපි ගමන් කළා.. කෙසේ හෝ අපේ සියලු සැලසුම් ඒ ආකාරයෙන්ම ජය ගන්න අපට හැකිවුණා... අපි ගමන සැලසුම් කරන විට එය ඉතා අමාරුයිතත කරන්න බැහැ ආදී වශයෙන් විවිධ අදහස් ආවත් “යමක් කරන්නට තීරණය කළොත් මොන බාධක ආවත් එය අත නොහරින මම“ මේ උතුම් වූ ගමනත් සියලු බාධක ජයගෙන සියලු අපේක්ෂා මුදුන්පත්කරගනිමින් ගමන නිමාවට පත්කළා...ඒ සදහා නිතර දුක සැප සොයා බලමින් සහයෝගය දැක්වූ පූජිත් ජයසුන්දර මහතා ඇතුළු ඔබ සැමට ද ස්තූති වන්ත වෙනවා.... ඔබට ශ්‍රී දළදා සමිදු පිහිටයි...

























No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු