Thursday, March 13, 2014

dahawal danayata pindapathaye wadama kala awasthawak....

පොළොන්නරුවේ සිට අපි ුනුරාධපුරය දෙසට ගමන් ඇරඹූ දිනයේ දහවල් දානය සදහා පිණ්ඩපාතයේ වැඩම කළා... මෙතෙක් කලක් මම පිණ්ඩපාතයේ ගියේ සංවිධානාත්මක පිණ්ඩපාත චාරිකාවල් වලටයි.. අහඹු ලෙස නිවසකට පිණ්ඩපාතයේ වැඩම කිරීම අභියෝගයක් වුණා. නමුත් කෙසේ හෝ ඒ උතුම් අද්දැකීමත් ඉකුත්දා මම ලැබුවා.. පළමුව පුංචි නිවසකට ගියා. ඒ නිවසේ දහවල් ආහාර පිසින්නට සූධානම් වෙමින් සිටි නිසා මට මුදල් දෙන්න ඒ අය උත්සාහ කළා. එය මා ප්‍රතික්ෂේප කළේය. එවිට සීනී මල්ලක් පාත්‍රයට පූජා කළේය. ඒ අයට පිං දී පිටත් වුණෙමි. ඉන්පසු මා ටික දුරක් ඉදිරියට පැමිණ තවත් නිවසකට ගියෙමි. එහි ඉදිරිපිට වූ කුඩා කරුවෙක් මා දැක සිනාසුනි. ගෙදර කවුරුත් සිටින්නේ දැයි ඇසූ විට එහෙමයි හාමුදුරුවනේ යැයි පිලිතරු ලැබුණි.. මම නිවසට ගියේය.. ඒ නිවසේ මව වසරගණනාවක් රෝගීව සිටින්නියකි. ආර්ථික අපහසුතා බහුල පවුලකි... උදේ ආහාරයට පිසූ ආහාර කොටසක් ඉතිරි වී තිබී එම ආහාරවලින් කොටසක් මට පූජා කළා. දානය වළදා අවසන ඒ අයට කෙටි ධර්මදේශනයක් හා පුණ්‍යානුමෝදනා කර මා පිටත් වූයෙමි... ඔවුන්ගේ මුවින් කියවුණු වදන් ඉතා සතුටුදායකය... අපිට පහගිය ටිකේම ප්‍රශ්න ආවා.. මුදල් ප්‍රශ්න නිසා දානයක් දේන්නත් ගොඩක් කාලෙකින් බැරිවුණා යැයි කීවේය.. ඔවුන්ගේ සියලු ප්‍රශ්න විසදී සියලු කටයුතු සාර්ථක වන්න යැයි සිතින් යලි යලිත් පිං දුනිමි.. මාගේ අධිෂ්ඨාන වන්දනා පා ගමනේ බලයෙන් සියලු ලෙඩ රෝග දුරුවන්න යැයිය ද ප්‍රාර්ථනා කළෙමි... මේ පිණ්ඩපාතය ලබාගැනීමෙන් පස්සේ මට සිහිපත් වුනේ අපේ මාහා කාශ්‍යප මහ රහතන් වහන්සේය... උන් වහන්සේ හැමදාම ප්‍රිය කළේ දුප්පත් අසරණ මිනිසුන්ගේ පැල්පත් වලට වඩින්නටය... රජ මැදුරු මාලිගා උන් වහන්සේ ප්‍රතික්ෂේප කළේය... දානයක් දෙන්න කියා සිතන්නටවත් බැරි අන්ත අසරණ මිනිසුන්ට පිං කරන්නට උන් වහන්සේ මග විවර කළේය... ඉන් ලැබෙන සතුට කෙසේ දැයි මාහට ද මෙදින වැටහුණි. කවදා හරි සසරේ මහා කාශ්‍යප හාමුදුරුවන් වාගේ වන්න ඇත්නම් යැයි සිතමින් මම නිවසින් පිට වුණෙමි... මාගේ ආගමික වැඩසටහන් වලින් පිරිකර නො ඉල්ලා ඒ වෙනුවට පෑන් පැන්සල් පිරිකර වශයෙන් ලබා ගෙන අසරණ දරුවන්ට බෙදා දෙන්නෙත්, ධර්ම දේශනා , කවිබණ මව්පිය වන්දනා ආදී මාගේ කිසිදු වැඩසටහනකදී මුදල් අය නොකරන්නේත් මෙම වන්දනා පා ගමන වැඩමකරවීමෙහිලාත් මා යොමු කරවනු ලැබූයේ අතීතයේ පටන් ඉහත ප්‍රාර්ථනාව ද මසිතෙහි පවතිනා නිසාවෙනි...මාගේ අනාගත පැවිදි දිවට කෙසේ ගෙවිය යුතු ද යන්නට හොද මග පෙන්වීමක් මෙම ගමනින් මට ලැබුණි. මම ධම්මාලෝක පොඩිහාමුදුරුවෝ... . තෙරුවන් සරණයි...
















No comments:

Post a Comment

ඔබේ අදහස් අගයමු